මරදාන කළුතර දුම්රියේ ගමන් කරමින් සිටි පස් දෙනකු අඟුලාන ලුනාව අතරදී මින් මද වේලාවකට පෙර වැටී රෝහල් ගත කළ බව දුමිරිය ආරංචි කියයි.
ඉන් එක් අයකු මියගිය බවත් තවත් දෙදෙනකු බරපතල තත්ත්වයෙන් කළුබෝවිලට රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. අනෙක් තිදෙනා ලුණාව රෝහලේ ප්‍රතිකාර ලබති.
අඟුලාන දුම්රිය හරස් මාර්ගයේ දී ලොරියක වැදීමෙන් මෙම පරිස වැටෙන්නට ඇතැයි අඟුලාන පොලිසිය කියයි. ලොරි රියැදුරා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක මනුස්සයෙක්වත් ආසාවට පාපුවරුවේ යන්නේ නැහැ. ඒ මිනිස්සු බලන්නේ වැඩ ඇරිලා කොහොමහරි ඉක්මනින් ගෙදරට යන්න. ඔය දුම්රියට රත්මලානේදීත් නගින්න අමරුයි. ඒ තරම් සෙනග. කාර්යාල දුම්රිය හැම එකක්ම ඔහොමයි. අත්දැකීමෙන් කියන්නේ..ආපහු ඔහොම දෙයක් වෙන්න කලින් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න එක තමයි හොදම විසදුම. (නදී)
පෙරේද දුම්රිය රියදුරන්ට නිල ඇදුම් දුන්නා. ඒක හොදයි. නමුත් දුම්රිය පද්දතියේ ඊට වඩා අත්‍යාවශ්‍ය අඩුපාඩු තියෙනවා. ඇමති තොප්පිය දානකොට හිතුනා තව කොච්චර අඩුපාඩු තියෙනවද කියලා. මුහුදුබඩ ප්‍රදේශවල හොරට යන්නත්, ෆුට්බෝඩ් එකේ යනවා. ඒ අතරම දෙපස නිවාසත් පීලිත් අතර දුර ප්‍රමාණය ඉතා කෙටියි. හරස් පාරවල්වල තාමත් මාර්ග බාදක යොදා නැහැ. කාර්යාල වෙලාවලට නිසි දුම්රිය සේවා නැහැ. දුම්රියේ දොරවල් වැසීමට ක්‍රමවේද නැහැ. දුම්රිය මාර්ග හරිහැටි පිලිසකරකර නැති අඩුපාඩු එමටයි. කොටුව දුම්රිය ස්ථානය ඇතුළු නගරවල ඉංග්‍රීසි කාලයේ විදිහටම තවම පවත්වා ගෙන යනවා වෙනසක් කිරීමට ක්‍රමවේදයක් තවම සොයාගෙන නැහැ! මේ සා ප්‍රශ්න රාශියක් තිබියදී ඇමතිවරු කී දෙනෙක් නම් පත්වීම් ලබාගෙන ආවද? තවම දුම්රිය සේවය නගාසිටුවන්න කාටත් අවශ්‍ය තාවයක් නැහැ. ජනාදිපතිතුමාගේ අවදානය අවශ්‍ය කාලයක්.(නදී)
කුමාර, ඊට කලින් මෝඩ ප්‍රතිචාර දාන ඔබ වැනි අයව අත්අඩංගුවට ගන්න ඕනේ.(නදී)
දුම්රියේ ඉඩ තිබුනත් පාපුරුවේ යනවා ජොලියට. ඒක දැන් පුරුද්දක වෙලා බොරු සෝබනේට. මම දැකලා තියෙනවා දවල්ට කෝච්චියේ සෙනග නැහැ, ඒත් කට්ටිය පාපුරුවේ යනවා අමාරුවෙන් එල්ලිලා (නි)
මේකේ දාලා තියන ප්‍රතිචාර වල හැටියට වගකිවයුත්තා කවුද කියල හිතාගන්න අපහසුයි. .(නදී)
එක්කෙනෙක් මැරිලා දෙන්නෙක් කළුබෝවිල, තුන්දෙනෙක් ලුනාව ඉස්පිරිතාලේ ලු එතකොට ඔක්කොම 6 යි.(නදී)
දුම්රිය නියාමකයින්ට අලුත් ඇඳුම් ඇන්දුවා. මුහුදු යන්නන්ට වගේ දුම්රිය මගීන්ටත් ජීවිත ආරක්ෂක ඇඳුම් දෙන්න ක්‍රමයක් සැලසුවා නම් තමා හොඳ. ගෙවීමේ පදනම යටතේ.කන්තෝරු ඇරෙන වෙලාවට අමතර පෙට්ටි ටිකක් අමුණන්න බැරි නම් ,බඩු අදින ඩක්කු ටිකක් හරි අමුනලා දුන්නා නම් මෙවැනි අනතුරු සිදු නොවෙයි. (නි)
කොහේ හෝ පක්ෂෙකට හැමදාම කඩේ ගිහින් කතිරේ ගහල මේවගේ ප්‍රතිපල නෙලාගන්න එක ගැන මන් නම් සතුටුයි. තව තව මෙවැනි අනතුරු වේවා..මොකෝ ඡන්දෙකදී හොද ප්‍රවාහන පද්දතියක් ගැන නොහිතා සිමෙන්ති කොට්ටේට අරක්කු බාගෙට කතිරේ ගැහුවට මේවා හොද වැඩේ.(නදී)
මේ දුම්රියේ ගිහින් බලන්න. කවුරුත් ආසාවට ෆුට් බෝඩ් යන්නෑ. සීට් අතරට හිටන් ගිහින් හිරවෙලා යන්නේ. සමහර කෝච්චි කැන්සල් එතකොට තියන ඒවාට තව සෙනඟ. උදේටත් එහෙමයි. කළුතරින් 7.20 ට පිටත්වන කෝච්චියෙ මගදි නැගල බලන්න. පවු මගියා.(නදී)
ඥානවන්ත දේශපාලකයෝ සිටින අපේ රටේ මෙහෙම තමයි (නි)
මම දැක්ක ඔය කියන දුම්රිය. ඒකේ හොදට ඇතුලට වෙලා යන්න ඉඩ තිබුණා. ඒත් දොර ලග ඉන්න අය ඇතුලට යන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. දුම්රිය වල දොරවල් ස්වයංක්‍රියව වැසෙන ආකාරයට හදමු. ඒක හොදයි (නි)
පේනවද පළමු ඡායාරූපයේ දුම්රිය පාර දෙපස ගෙවල්, පාරට අඩියක්වත් නැහැ (නි)
සුද්ද දුම්රිය ලංකාවට නොගෙන හිටියා නම් මේක වෙන්නේ නැහැ. ඒ නිසා සුද්දා තමා මේකට වැරදිකාරයා. (නි)
මේ ගොල්ලන් ජොලියට එල්ලිලා ගියේ නැතිනම් ලොරිය රේල් පාර අයිනේ නතර කරලා තිබුනේ නැතිනම් එල්ලිලා ගිය අය වැරදි නම් මේගොල්ලන් වැටෙන්නේ ලොරියෝ හැප්පිලා නෙමයි ලයිට් කනුවක හරි සිග්නල් කනුවක හරි වැදිලා නේද? එහෙමනම් ලොරිය මොනතරම් රේල් පාරට ආසන්නව නවත්තලා තිබුනද කියලා හිතන්න පුලුවන් නේද? (නදී)
අනතුරු වැඩිවීමත් ලාභ නොලැබීමත් නිසා දුම්රිය මාර්ගයේ පීලි ගලවා තාර දමන ලෙස මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ශ්‍රී ලංකා දුම්රිය ශ්වේත හස්තියෙක් නේද? (නි)
දුම්රියේ පිට පැත්තේ යන්ඩ දෙන්ඩ එපා. ලොරි රියදුරාට දඬුවම් දීල වැඩක් නැහැ. ගමනා ගමනය සඳහා වැඩි පුර දුම්රිය යොදවන්ඩ. ටිකට් එකේ ගානත් වැඩි කරන්න.(නදී)
දොරවල් වහන්න තියෙනවා නම් ඔය අනතුරු වෙන්නේ නැහැ.මොන තරම් සෙනග හිටියත් වැටෙන්නේ නැහැනේ.කොල්ලන් වැඩ පෙන්නන්නත් එක්කලා ගිහින් ජීවිතේ නැති කරගන්නවා. (නි)
ලොරි රියදුරා අත්අඩංගුවට අරන් හරියනවද? මේ අය දුම්රිය පා පුවරුවේ යන්න ඇති. දෙපස තියෙන ගසක, ලයිට් කණුවක හෝ වෙනත් යමක් ගැටුනානම් ඒක අත් අඩංගුවට ගන්නද? දවසේ ලොකුම විහිළුව.(නදී)
ලොරි රියදුරු එල්ලමු. කැකිල්ලේ රජු සිංහාසනේ තබමු.(නදී)
ඔයාලා වගේ මී හරක් ලෝකේ කොහෙවත් නැහැ.(නදී)
පාපුවරුවේ යන අයව අත්අඩංගුවට ගන්න බැරිද. ?(නදී)
ආනන්ද, ප්‍රතිචාර අනුව තීරණය කරන්න ගියොත් පිස්සු හැදෙයි. උදව්වක් කරන්නද? උඩම පින්තුරේ තියෙන කෝච්චියත් ඊට දකුණු පැත්තෙන් තියෙන ගෙවලුත් අතර දුර දිහා බලන්න. තව හිතන්න ඕනෑ නම් වම් පැත්තේ කඩ කෑලිත් රේල් පාරත් අතර දුරත් බලන්න. ලොරි කාරයට කියන්න ඕනෑ උසාවියට යනකොට මේ පින්තුරත් අරන් යන්න කියලා. (නි)
මේ අලුත් දුම්රිය සියල්ලේම දොරවල් වහන්න පුළුවන්. එහෙම වෙද්දී අපේ රටේ තවමත් දොරවල් විවෘත කරගෙන යන එක නවත්වන්න හැකිනම් ලොකු දෙයක්. ඒ පිලිබදව අවදානය යොමුකළ යුතුයි (නි)
පා පුවරුවේ හුගක් දෙනා යන්නේ අසාවට නෙමේ.(අ)
ලංකාවේ මිනිස්සු පරිස්සම සහ ප්‍රවේසම තුට්ටුවකටවත් මායිම් නොකරන බවේ තවත් උදාහරණයක්. මෙහෙම දේවල් කොතෙක් වුනත් මිනිස්සුන්ට අවබෝධනොවෙන එකයි පුදුම.(අ)
කවුරු මොනව කීවත් ඔය පාපුරුවේ යන අයට දුම්රිය ඇතුලේ යන්න තිබ්බා. හුග දෙනෙක් ලොකු කම පෙන්වන්න හොර වැඩ වලට තමයි පාපුරුවේ යන්නේ. හිර වෙලා හරි ඇතුලේ ගියානම් ඒ අයටත් හොදයි. අනිත් අයටත් හොදයි. දොර වහලා යන නිතිය ඉක්මනටම ගේන්න ඕනේ.(නදී)
ජානක,සතෙක් සිවුපාවෙක් වාහනයකට අසු වුනත් අනේ අපොයි කියපු රටක ඔහේලා වගේ දෙපා තිරිසන්නු ගැන හරි දුකයි. (නි)
මේකේ ප්‍රතිචාර දක්වන අයගේ අදහස් නම් කියලා වැඩක් නැහැ. ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති ඔය වෙලාවට පාපුරුවේ යන්නේ ජොලියට නෙමෙයි කියලා. මමත් ඔය වෙලාවට යන්නේ.. ඇතුලට යන්න තියා සමහර වෙලාවට නගින්නවත් ඉඩක් නැහැ.ඒ තරම් සෙනග.මොකද ඔෆිස් වෙලාව නිසා....මෝඩ කතා කියන්නේ නැතුව ඒ වෙලාවට ගිහින් බැලුවනම් තමා හොඳ... (නි)
මේ කෝච්චියට කලින් තියන ගල්කිස්ස මන්දගාමී දුම්රියේ දුර වැඩි කරන්න. ඒක තමා හොඳම විසඳුම. (නි)
කුමාරගේ අදහස හරි පාපුවරුවේ යාම සම්පුර්ණයෙන් තහනම් කරන්න ඕනේ. ප්‍රවේශ පත්‍ර නොමැති අය වගේම මාල කඩන අයත් ඕකෙම තමයි එල්ලිලා යන්නේ. සමහරු හිතන්නේ වීර ක්‍රියාවක් කියල පාපුවරුවේ යන එක.(නදී)
කුමාර, තමුන්ට පිස්සුද? පා පුවරුවේ ගමන් ගන්නේ ඒ මිනිස්සුන්ගේ අමාරුව නිසා නෙමෙයි. දුම්රිය පිරී තිබීම නිසා මෝඩ කතා කියන්න එපා.(නදී)
මේක වුනේ දුම්රිය හරස් මාර්ගයේ නෙමෙයි, අඟුලාන-ලුනාව අතර ප්‍රදේශයේ, රේල්-පීල්ලට අනවශ්‍ය ලෙස ඉතා ආසන්නව ගාල් කරලා තිබ්බ ලොරියක වැදීමෙනුයි යි ඒ මිනිස්සු වැටුනේ. (නදී)
රාහුල හරියටහරි. පාපුරුවේ ගමන් කිරීම සම්පුර්නයෙන්ම තහනම් කළ යුතු අතර ගමනාගමනය සදහා දුම්රිය වාර වැඩි කල යුතුයි. නමුත් සමහර අය කැමැත්තෙන්ම පාපුරුවේ යන අවස්තා නැතිවා නොවේ. මෙම සිදුවීම දුම්රිය හරස් මාර්ගයක සිදුවු නිසා ලොරි රියදුරුගේ වැරැද්ද වෙන්න බැහැ.(නදී)
කුමාර ඔබ ගමක ව්‍යාපාරයක් කරගෙන ඉන්න කෙනෙක් මිස කොළඹ රැකියාවක් කරන කෙනෙකු නොවෙන බවයි පෙනෙන්නේ. ඔය වෙලාවට මිනිස්සු පාපුවරුවේ යන්නේ ආසාවට නෙවෙයි. වෙන යන්න තැනක් නැති නිසා. දුම්රිය ඔය වෙලාවට අතුරු සිදුරු නැතිව පිරිලා. සීසන් එකෙන් ලාබෙට ගෙදර යන්න කෝච්චියේ නගින්නේ. වෙන කරන්න දෙයක් නැති නිසයි පාපුවරුවේ යන්නේ. මහදැනමුත්තාගේ විසඳුම් දෙන්න එපා.(නදී)
මේකේ අදහස් දාලා තියෙන සමහර අය කාර්යාල වේලාවන් වල දුම්රිය වල ගිහිල්ල නැහැ. ඉන්න සෙනග හැටියට දුම්රිය ප්‍රමාණවත් නැහැ. තියෙන ඒවත් වෙලාවකට එන්නේ නැහැ. එතකොට අනිත් දුම්රියේ යන්න ඉන්න පිරිසත් එකතු වෙනවා. සුළු පරිසක් හැර කවුරුවත් මම හිතන්නේ නැහැ ආසාවට පා පුවරුවේ යනවා කියලා. ඔය වෙලාවට බම්බලපිටියෙන් නැගගත් හරි අමාරුයි ඇතුලට යන්න. (නි)
දක්වල තියෙන සමහර ප්‍රතිචාර දැක්කම ඉදිරියේදී ඔය වගේ කෝච්චි අනතුරු කරගන්න කට්ටියක්ම තව ඉන්න හැඩයි. (නි)
ලංකාවේ දුම්රිය අනාරක්ෂිත මර උගුලක් බව ජනතාව තේරුම් නොගැනීම ගැන කනගාටුයි. (නදී)
බොරුවට අහිංසක මිනිස්සුන්ට දොස් කියන්න එපා. වැඩ ඇරිලා යන මිනිස්සු. මේ අයට බස් වල යන්න සල්ලි දෙන්නේ කව්ද? අහිංසක මිනිස්සු ඒකයි කෝච්චියේ යන්නේ පව්.(නදී)
මොකටද ලොරි කාරයව අල්ලන්නේ. කෝච්චියේ යනකොට එල්ලිලා යන්න ඕනේ නැහැ. තමන් හරියට ගියානම් එය වගේ දේවල් වෙන්නේ නැහැ.(නදී)
දුම්රියේ යන මිනිස්සු විතරයි එකේ අමාරුව දන්නේ. තමුන්ගේ වාහනවල යන අය නෙමෙයි.(නදී)
කව්ද ටිකට් එකේ ගාන වැඩි කරන්න කිව්වේ.(නදී)
නැහැ නැහැ, මම හොඳට දැකලා තියනවා ඕනෑ තරම් ඉඩ තියාගන කොල්ලෝ පා පුවරුවේ යන හැටි. ඉතින් වැටිලා තියන්නෙත් ඔක්කොම කොල්ලෝ. ඉඩ නැතුව ගිහින් තියන්නේ එයාලට විතරද? (නි)
ටිකට් එකේ ගාන වැඩි කරන්න කලින් කෝච්චියට කොන්දොස්තර කෙනෙක් දැම්මනම් හරි නේද?(නදී)
පාපුවරුවේ යන්න කැමති අය එහෙනම් පා පුවරුවේම යන්න. හැබැයි මේ වගේ අනතුරු වුනාට පස්සේ අනුන්ට බනින්න එපා, මොන අමාරුකමක් තිබුනත් මම නම් මගේ ජීවිතේ අනතුරේ දාගන්නේ නැහැ විහින්. කුමාර ට පිස්සු නැහැ. පරිස්සමින් වාහන එලවන්න ඕනේ වගේම මගීන් පරිස්සමින් ගමන් කරන්න ඕනේ.(නදී)
කිසිම කෙනෙක් ආසාවට පාපුවරුවේ එල්ලිලා යන්නේ නැ. හවස 5-6 අතරේ යන දුම්රියක් දැක්ක නම් කව්රුවත් එහෙම කියන්නේ නැ. දුම්රිය වැඩි කරන්න බැරිනම් පෙට්ටි හරි වැඩි කරන්න ඕනේ.(නදී)
පාපුවරුවේ යන අයව අත්අඩංගුවට ගන්න.(නදී)
මෙම සිදුවීමට වග කිව යුත්තේ කව්ද ?(නදී)
ලොරි රියදුරා අත්අඩංගුවට අරන් හරියනවද? මේ අය දුම්රිය පා පුවරුවේ යන්න ඇති. දෙපස තියෙන ගසක, ලයිට් කණුවක හෝ වෙනත් යමක් ගැටුනානම් ඒක අත් අඩංගුවට ගන්නද? දවසේ ලොකුම විහිළුව.(නදී)
දියුණු රටවල නම් දොරවල් වහල යන්නේ. පුලුවන්නම් ජපානයෙන් කොපි කරලා හරි දියුණු වෙමු. (නදී)
ඇයි මිට කලින් පාපුවරුවේ යනවා දැකල නැද්ද? වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න.(නදී)
පොසොන් වලට විශේෂ සවයට යොදපු දුම්රිය නිසා සාමාන්‍ය දුම්රිය අඩු වුනා. මේකයි හේතුව. මිනිස්සු බොහොමයක් දෙනක් අකමැත්තෙන් වුනත් පාපුවරුවේ ආවේ. (නි)
ලංකාවේ ප්‍රවාහන සේවයේ මෙතන අය කියන තරම් නරක නම් මොකෝ ප්‍රවාහන ඇමති නැවත නැවත වැඩිම මනාපෙන් පත්වෙන්නේ. එහෙම වෙන්නේ මෙතන අය කියන දේවල් බොරුද නැතිනම් කන්නේ බත් නිසාද?.(නදී)
මෙවැනි අනතුරු වලට බලපාන්නේ අනවසර ඉදි කිරීම්, නීති විරෝධී ගාල් කිරීම්, ප්‍රමාණවත් නොවන ප්‍රවාහන පහසුකම් වගේ දේවල් විනා දුමරිය මගීන්ගේ වැරදි නොවෙයි. කොහොම වුනත් දුම්රිය බලපත්‍රයක් ලබා ගත් කෙනෙකුට දුම්රියේ ගමන් කරන්න නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. ඒත් දුම්රිය ලබා දෙන ඉඩ පහසුකම් අනුව පිටපැත්තේ එල්ලිලා හරි යන්න වෙනවා. දුම්රියට බාධාවකින් තොරව ධාවනය කරන්න දුම්රිය මාර්ගය දෙපස තබා තිබෙන ඉඩකඩ අනවසර ඉදිකිරීම් කරන්නන් හා නීති විරෝධී ලෙස වාහන ගාල් කරන්නන් විසින් අවහිර කරනවා. ඒ අයට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ මුදලක් ගෙවා ප්‍රවේශ පත්‍ර රැගෙන ගමන් කරන මගීන් ආරක්ෂාකාරීව ප්‍රවාහනය කිරීම දුම්රිය බලධාරීන්ගේ වගකීමයි සහ යුතුකමයි. නගර අලංකාරය උදෙසා පමණක් නොව ජීවිත ආරක්ෂාව උදෙසා ද අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම කලයුතු නොවේද?(නදී)
අපේ කට්ටිය ටිකක් මොලේ පාවිච්චි කලා නම් තමයි හොඳ. පරක්කු වුනත් රස්සාවෙන් අයින් කලත් තමන්ගේ ජීවිතය වටිනා බව දැනගන්න. අනතුරකදී තමන්ගේ කාර්යාලයේ කව්රුත් තමාගේ පිහිටට නැත. (නදී)
අපිත් යන්නෙ කෝච්චියේ. පාපුවරුවේ යන බහුතරයක් යන්නෙ අතුරු සිදුරු නැතිව පිරිලා තියෙන නිසා නෙවෙයි. ඔය සිද්දිය මම දැකපු කෙනෙක්. ඔය කෝච්චියේ ඇතුල් වෙන්න බැරි තරමට සෙනග හිටියෙ නෑ.(නදී)
අද දුමිරිය නැහැ, ඒකයි ප්‍රශ්නෙ.(නදී)
මේ තුෂාරිලා ජීවත් වෙන්නේ ලංකාවේ නෙවේද ? ආසාවට පා පුවරුවේ යන අයත් ඉන්නවා තමයි. ඒත් දන්නවද මෙයාලා ඊයේ වැටුනේ ඇත්තටම කොච්චි යේ තදබදයක් තිබුන නිසා පාපුවරුවේ එල්ලිලා ගිහින්. මේක සාමාන්‍ය දෙයක් ලංකාව වගේ රටවල් වල. ඇත්තටම මේ ලොරිය අනවශ්‍ය විදිහට රේල් පාරට ආසන්නව නවත්තල තිබුන එකක්. ඔයාලා ගොන් මෝඩයෝ වගේ දෙපස ලයිටි කනුයි ගසුයි අත් අඩංගුවට ගන්නද කියල අහනවා. ලයිට් කණු වල වැදෙන ගානට මේ වැඩට යන පුරුදු මිනිස්සු කොච්චි වල එල්ලෙන්නේ නැහැ. අනික මේ මෝඩ ලොරි කාරයා තව අඩියක් ලංකරලා නවත්තලා තිබුනානම් කොච්චියටත් හානි වෙලා මිට වඩා මිනිස්සු මැරෙන්න තිබුණා. ඔහෙලා දන්නවද සමහරු ඉන්නවා පුට් සයිකල් එක රේල් පීල්ලට හේත්තු කරලා නවත්තලා යන. කෝච්චිය බයිසිකලේ හප්පගෙන ගියහම තමයි මතක් වෙන්නේ නැවැත්තුවේ රේල් පිල්ලේ නේද කියලා. ඒ හින්දා ගොන්නු වගේ ප්‍රතිචාර දාන්නා එපා.(නදී)
අලුතෙන් ගෙනාපු හැම දුම්රියකම වගේම තියෙනවා ස්වයංක්‍රීය දොරවල්. ඒවා ලංකාවට ගෙනාපු ගමන් දුම්රිය දෙපර්තමන්තුවන් කරන්නේ ඒවා ඔක්කොම විසන්ධි කරන එක. එහෙම දොරවල් තියනවා නම් කිසි කනකුට පා පුවරුවේ යන්න බෑ. එතකොට මේවගේ අනතුරු වෙන්නේ නැහැ.(නදී)
මේක දුම්රියේ පාපුවරුවේ ගිය අයගෙන් සිදුවූ වරදක් නොවෙයි. දුම්රිය මාර්ගයේ ඇති සිග්නල් කණු පවා සිටුවා ඇත්තේ නිශ්චිත දුරකින්. දුම්රිය මාර්ගයට අයිති වෙන් කළ ප්‍රමාණය පමණයි (නි)
මේක ගැන තව හොද ප්‍රතිචාර තියෙයි හැප්පිච්ච තැන පොටෝ එක තිබ්බා නම්. කරුණාකර ඒ පොටෝ එකත් දාන්න.(නදී)
මේකේ අදහස් දාලා තියන සමහර කට්ටිය හිතන්නේ මිනිස්සු මේ ආසාවට පාපුවරුවේ යනවා කියලා. එහෙන් 3 වැනි පන්තියේ ටිකට් අරන් දෙවන පන්තියේ යනවා කියලා අල්ලනවා. මෙහෙන් යන්තන් ගෙදරට යන්න මිනිස්සු තනි කකුලෙන් හරි නැගලා යන්නයි බලන්නේ. කෝච්චි ඊයේ දවසම පරක්කුයි. කොච්චි 2ක යන මිනිස්සු තනි කෝච්චියේ ගියාම තමයි ප්‍රශ්ණ. (නි)
සජින් කියන දේ සම්පුර්ණ ඇත්ත. දියුණු රටවල දොරවල් වහගෙන යන කොච්චි ගැන කට්ටිය කියල තියෙනවා. එහෙම යන්න ඉඩ තියෙන කොච්චි තියෙන්න ඕනා. එක කෝච්චියක යන්න කොච්චි දෙකක සෙනග ඉන්නකොට කොහොමද එහෙම කරන්නේ. ඒ වගේම ඔය කියන රටවල අපේ වගේ කොච්චි පාරේ ගෙවල් හදන්න, වාහන නවත්තන්න දෙනවද.(නදී)
සමහර වෙලවට කොල්ලෝ පාපුවරුවේ යන්නේ කොලු කමට. නමුත් කාර්යාල වෙලවන්වලට ඇගේ හයිය තියන තරුණයෝ බවලත් උදවියට හා මැදිවියේ අයට ඇතුලත ඉඩ දීල පාපුවරුවේ හරි පෙට්ටි දෙකකක් අතර ඉඩේ හරි තමන්ගේ ගමනාන්තයට යනවා. වැඩේ වැරදි බවත් ජීවිත අවදානමක් බවත් ඒ අය දන්නවා. නමුත් කවුරුත් හදන්නේ ඉක්මණින් ගෙදර යන්න. සමහර විට ඒ දුම්රිය ගියොත් තව පැය ගනනකට දුම්රියක් නැහැ. ඉස්සර සීග්‍රගාමී දුම්රිය නැවැත්තුවේ බොහොම සීමිත ඉස්තාන කීපයක. නුවර හා මහව දුම්රිය රාගම,අබේපුස්ස ,පොල්ගහවෙල එතැන්පටන් මන්දගාමී. සමුද්‍ර දෙවි කළුතර, අලුත්ගම එතැක් පටන් මන්දගාමී. දැන් කී පොලක නවත්වනවද .මොරටුවට යනකෙන යන්නෙත් සමුද්‍ර දෙවියෙ .මිනිස්සු හරි ආත්මාර්ථකාමී වෙලා. දුර යනකෙනට ඉඩ මදිවෙන්නේ ඒ නිසයි , සීග්‍රගාමී දුම්රිය විනාඩි පහලවක් ප්‍රමාද කරලා ඒ වෙලාවට පොල්ගහවෙල හා අලුත්ගමට මන්දගාමියක් ඇරබුවොත් ඔය තදබදය අඩුකර ජීවිත අවදානම් ගමන් අඩුකර ගන්න පුළුවන් වෙයි.(නදී)