දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සේවකයන් බඳවා ගන්නා තරඟ විභාගයට පෙනී සිටි  ශිෂ්‍යයන්  ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ  සිදුකළ උද්ඝෝෂණයක් අතර තුර දුම්රියකට ගිනි තබා ඇත.

තරඟ විභාගයේ තිබෙන අසමානතාවලට එරෙහිව තෙවන දිනටත්  උද්ඝෝෂණයේ යෙදී සිටි සිසුන් ප්‍රචන්ඩ ලෙස  හැසිරෙමින් සටන් පාඨ කියමින් ගායා හන්දියට පැමිණ ශි භභුවා - පට්නා නගරාන්තර දුම්රියට ගිනි තබා තවත් දුම්රියකට ගල් ගසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ශිෂ්‍යයන් දුම්රිය අංගනයේ නවතා  තිබූ   භභුවා - පට්නා නගරාන්තර දුම්රියේ පෙට්ටියකට ගිනි තියලා තියෙන්නේ ගඊට පස්සෙ ගින්න පැතිරිලා  ඒත් දුම්රිය ගමනා ගමනයට මේකෙන් බාධාවක් ඇති උනේ නෑ යැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් වූ රාජේශ් කුමාර් මහතා පැවසීය.

මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවට සහභාගී වූ උද්ඝෝෂණකරුවන්ගෙන් කොටසක් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇතැයි ගායා හි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආධිත්‍ය කුමාර් මහතා පැවැසීය.

,