කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා සිඝ්රගාමී හා අනෙකුත් දුම්රියන්වල ප්රවේශපත් නොමැතිව හොර රහසේ ගමන් ගත් පුද්ගලයන් 80 දෙනෙකු බ්රහස්පතින්දා (22) සිදු කළ පැය අටක මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක නිලධරයෝ කියති.
කාන්තාවන් 10 ක් ද වෙළෙන්දෝ 3 ක් ද පිරිස අතර වෙති.
රුපියල් 3050 බැගින් දඩ මුදල් ගෙවා 75 දෙනෙක් නිදහස් වී ගිය බවත් ඉතිරි පස් දෙනා අද (23) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදෙයක්ම නිකන් ලබාගන්න මානසිකත්වය. සේවයකට ස්තුතිවන්තකමක් නැතිකම. හැමෝම පන්සල් පල්ලි වලට යන්නේ මොනවා ඉගෙනගන්නද? මට හොඳ නම් අනිකට හෙණ ගැහුවත් කමක් නැහැ කියන මානසිකත්වය. (නි)
දුප්පත් මිනිසුන්ගෙන් එකතුකරලා දෙන්නකෝ මැති ඇමතිලාට සැප විඳින්න (නි)
හර්ෂ, කෝච්චියේ ටිකට් නැතුව යන එක වරදකි. මිනිස්සු ටිකට් නැතුව යන නිසා හැමදාම දුම්රිය දෙපාර්තුමේන්තුවේ පාඩු පියවන්න භාණ්ඩාගාරයෙන් මුදල් දෙන්න වෙනවා. ඒවා ජනතාවගේ මුදල්. එමනිසා පොදු ප්රවාහන සේවා දියුණුකළ නොහැක. මෙම දඩ මුදල ටිකක් වැඩිකළත් වැරදි නැත (නි)
දුප්පත් මිනිසුන්ටමයි නීතියත් කරදර කරන්නේ (නි)
මම නම් කියන්නේ දඩ ගහන්න ඕනෑ නැහැ. කෙළින්ම උසාවි දන්නා ඕනෑ. මොකද මෙච්චර අඩුවෙන් යන්න තියෙනවා. ලේසියෙන් සහ ඉක්මනින්. එ්කත් යන්නේ හොරෙන්. (නි)
හොරකමට දුප්පත් පොහොසත් භේදයක් නැහැ. හොරා හොරාම තමයි. පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ගේ පටන් කම්කරුවා දක්වාම ඉන්න හොරුන්ට දඬුවම් දියයුතුමයි. (නි)
රුපියල් 20-25 ටිකට් එකට තමයි ඔය ගොඩක් දෙනා ලොකු ලොකු දඩ කන්න ඇත්තෙ. අඩුගානට කෝච්චියෙ යන්න පුළුවන්කම තියෙද්දි එ්කත් නිකන්ම යන්න යනවට හොඳ වැඩේ. මේකටත් 25000ක විතර දඩයක් ගහන්න ඕනෑ (නි)
හොදයිනේ දැන් හොරෙන් යන අය අඩුවෙලා.මිනිස්සු කෝම හරි ටිකට් එක ගන්නවා.වෙළෙන්දෝ කවදද ටිකට් ගත්තේ.නියම හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේ සේරම හොරු (බ)