IMG-LOGO

දුම්රිය රියදුරෝ, නියාමකවරු හෙට පැය 24 ක වර්ජනයක

(මහින්ද නිශ්ශංක)

දුම්රිය රියදුරුන් සහ නියාමකවරුන් හෙට (05) පෙරවරු 8.00 සිට සෙනසුරාදා (06) පෙරවරු 8.00 දක්වා පැය 24ක වර්ජනයක යෙදෙන බව රියදුරු සහ නියාමක සංගම් පවසයි.

සයිටම් ආයතනයට එරෙහිව හා විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව මෙම වැඩවර්ජනය කරන බවද එම සංගම් කියයි.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් මෙම වර්ජනයට එක් නොවන බව ද එම සංගම් පවසයි.

ලංගම සහ පෞද්ගලික බස් රථ වර්ජනයකින් තොරව සාමාන්‍ය පරිදි ධාවනය වන බව ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ ද සාමාන්‍ය පරිදි ධාවනය වන බව ලංගම ජාතික සේවක සංගමයේ ලේකම් රංජිත් විජේසිරි මහතා පවසයි.



අදහස් (14)

දුම්රිය රියදුරෝ, නියාමකවරු හෙට පැය 24 ක වර්ජනයක

mahinda Thursday, 04 May 2017 11:56 AM

ජනපති තුමනි, ඔබගේ නිහඬ හා ලිහිල් පිළිවෙතින් රටම අමාරුවේ වැටෙන බවයි දැනෙන්නේ. දුක් විඳින්නේ ජනතාවයි, දේශපාලකයන් තමන්ගේ වාසියට වැඩ. ලෝකයම ජය ගත්තට රට ගොඩ ගන්න බැරිනම් පලක් තියේද?

:       121       141

lanka Thursday, 04 May 2017 12:21 PM

මේ අය හේතුවක් නැතුව වර්ජනය කරනවා. දුම්රිය සේවයේ කිසිම දියුණුවක් තියනවද? මේවා පුද්ගලික අංශයට පවරලා හොද දුම්රිය සේවයක් හදන්න.

:       182       230

parakkrama Thursday, 04 May 2017 12:50 PM

දුම්රිය රියදුරන්ගේ හා නියාමකවරුන්ගේ උපාධිවලට සයිටම් ආයතනයේ උපාධිය කොයිතරම් දුරට බලපානවාද , මේගොල්ලන්ගේ පැත්තෙන් බලනකොට එම ආයාතනය නිසා ඒ අයට හෝ මහජනතාවට හෝ සිදුවන අසාධාරණය හා පාඩුව කුමක් දැයි මා නොදන්නා නිසා කවුරුන් හෝ තේරුම් කර දුන්නොත් ලොකු පිනක්.

:       99       68

දිලංක Thursday, 04 May 2017 04:23 PM

ලංකාවේ නෙමේද ඉන්නේ ..ලෙඩ උනහම හොර දොස්තරලගෙන් බෙහෙත් ගන්න වෙන නිසානේ මහත්තයෝ ඒ ගොල්ලෝ සහය වෙන්නේ .....දැන් මට පින අයිති වෙයිද ..පහදලා දුන්නට

:       62       129

athuraFriday, 05 May 2017 03:21 AM

මේකෙන් එන්නේ හොර දොස්තරලා නම් සර් ජෝන් එකෙන් එන්නෙත් හොර දොස්තරලානේ. ඔයාට පින අයිති වෙන්න විදිහක් නැහැ. ඕක වැරදි පහදා දීමක් නිසා...

:       0       28

NihalFriday, 05 May 2017 05:41 AM

මොනවා දැනගෙනද නිලංකා කතා කරන්නේ? කව්රුහරි කියන දෙයක් කියල බොරු වීරයෙක් වෙන්න හදනවද? හරියට කරුණු සොයා බලන්න...

:       0       0

ජයරත්න Thursday, 04 May 2017 02:20 PM

ජනාධිපතිතුමා විහිළුවට කියපු දේ වුනත් සලකා බලන්න කාලේ හරි වගේ.

:       99       27

sena Thursday, 04 May 2017 03:03 PM

ගාල කඩාගත්තා හරක් තමන්ගේ ඉඩමත් කාලා අනුන්ගේ ඉඩමත් කනවාලු.

:       3       7

දිලංක Thursday, 04 May 2017 04:25 PM

ජයරත්න මල් ශාලාවේ කට්ටියට නම් ජනාදිපති විහිලුවට කියපු ඒවා උනානම් කැමති ඇති

:       1       46

sene Thursday, 04 May 2017 06:40 PM

හේතුවක් නැතුව? ලංකාවේ නෙවේද ඉන්නේ? . සයිටම් එකට විරුද්ධව ගෙන යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවැරුමට සහය පල කරලා රජයට බල කිරීමක් කරන්න කියලයි මේක පවත්වන්නේ...

:       0       0

sana Friday, 05 May 2017 03:36 AM

මේ අය හැම දේකටම තලන්නේ අහිංසක ජනතාව... ලොකු මිනිස්සු යන්නේ තමන්ගේ වාහනවල... ජනාධිපතිතුමනි හමුදාව ඉන්දියාවට යවලා ට්‍රේන් පදවන්න පුහුණු කරන්න. එතකොට මේ ගැටළුව ඉවරයි...

:       0       0

පෙරුමාල් Friday, 05 May 2017 04:24 AM

දැන් මේගොල්ලො කියන්නෙ සයිටම් එක දුම්රිය දෙපාර්තමේන්තුව යටතට ගේන්න කියලද?

:       0       0

sudesh Friday, 05 May 2017 04:39 AM

ඔබලාට තුති

:       0       0

sudesh Friday, 05 May 2017 04:50 AM

අනාගතයේ දුම්රිය රියදුරන්ගේ හා නියාමකවරුන්ගේ දරුවන්ටත් යන්න තියෙන්නෙ රජයේ වෛද්‍යවිද්‍යාල විතරයි. ඒවා රැක ගැනීම ඔවුන්ගේ වගකීමක්. ඒක තේරුම් ගැනීම ජාතියේ පිනක්. මේක නොතේරෙන අයත් ඉන්නවා. කිසිම දේශපාලන පක්ෂයකට අයිතියක් නෑ...අපේ ඡන්දයෙන් ගිහිල්ලා සල්ලිකාර කීපදෙනෙකුගේ අවශ්‍යතා ඉටුකිරීමට....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 13 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 597 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site