අඹන්පොළ කාසිකොටේදී අවුරුදු තුන හා හයක වයසැති පැටවුන් දෙදෙනෙක් අඟහරුවාදා මැදියම් රැයේදී දුම්රියේ ගැටීමෙන් දුම්රිය පීලි පැන ඇත.
උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයද අඩාලවී තිබේ. අලි දෙදෙනාද මරුමුවට පත් වූහ.
අඹන්පොළ කාසිකොටේදී අවුරුදු තුන හා හයක වයසැති පැටවුන් දෙදෙනෙක් අඟහරුවාදා මැදියම් රැයේදී දුම්රියේ ගැටීමෙන් දුම්රිය පීලි පැන ඇත.
උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයද අඩාලවී තිබේ. අලි දෙදෙනාද මරුමුවට පත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනරටවල සතුන් දුම්රිය මග හරහා යන තැන්වල වේග සීමා පනවලා තිබෙනවා. අපේ රටේ බොහෝ දේ කතාවට පමනයි. අපේ සීයා කියන්නේ "කටින් බතල කොළ හිටවන" කාන්ඩේ කියාලා. (ර)
අහිංසක සත්තු පව් මේවාට වග කියන්නේ කවුද?(හේ)
දැන් වැඩිපුර ලංකාවේ අලි එළිමහනට ඇවිල්ලා වගෙයි නේද?? පවු සත්තු දෙන්නා! (නි)
යුද්ධය ඉවරවෙලත් මේවට විසදුම් තාම නැහැ. පිස්සු හැදෙනවා (නදී)
අලින් පලවා හරින ශබ්ද තරංග සහිත නලා සවිකරන්න ලොකු මුදලක් යනවාද? එවැනි ක්‍රමවේදයක් ගැන කලකට ඉහත කතා උනා නේද? (නදී)
මෙහෙ කෝටි ගණන් කටවුට් ගහන්න නාස්ති කරපු සල්ලි වලින් මේ අලිවැටවල් ටික ගහල අලින්ගේත් මිනිසුන්ගේත් ජීවිත සුරක්ෂිත කරන එක ගැන කාගෙවත් අවදානයක් නැහැ. මේවා අපේ පාලකයන් කවදා තේරුම් ගනීද? (නදී)
මේ ගැන කාගෙවත් ඇස් ඇරෙන්නේ නැත. රටේ ගහ කොල සත්තු විනාශ වෙනවා (නදී)
අලි දෙන්නෙකු මියයාම විශාල පාඩුවක්. ඊට වඩා විශාල පාඩුවක් දුම්රිය සේවයට සිදුවුනා. මෙවෙනි අනතුරු වැලැක්වීමට රියුදුරා සහ සහකරු අවට පිලිබඳ දඩි හෝදිසියකින් සිටිය යුතුයි. මා දන්න පරිදි දුරගමන් සේවා දුම්රියවල රියදුරන් සහ සහායකයන් මත්පැන් පානය කර නිදාගන්නවා. ඔවුන්ට දඩුවම් කලයුතුයි. (නදී)
මේ වගේ අලි හැප්පිලා මැරෙන්න ගියොත් අපේ ඉදිරි පරම්පරාවට අලි බලන්න වෙන්නෙ සත්තු වත්තෙ තමයි. (නදී)
උදේ පාන්දරම ඇස් දෙකට කඳුළු ආවා. මිනිස්සුන්ගේ තිරිසන් වැඩ නිසා සත්තු ජීවිතෙන් වන්දි ගෙවනවා.(නදී)
අනේ පව් ඒ අහිංසක සත්තු (දී)
පව් මේ අහිංසක අලි පැංචා සහ අලි අම්මා (නදී)
මේ කාලය අලින්ට අපලම කාලයක් මොන දේ කරන්න ගියත් අලියා වලටම තමා පව් (නදී)
සිද්ධිය කණගාටුදායකයි.අලි අම්මා දරුවත් එක්ක කෝච්චියට පැනලා. (නි)
වල් අලින් දුම්රිය වල ගැටී මියයාම ඇත්තටම මේ දුම්රිය රියදුරන් ගේ නොසැලකිල්ල හෝ බිමත්කම නිසා වෙන්නක් කියන කතාව එතරම් සාධාරණ නැහැ ඊට වඩා මේ ප්‍රශ්නයට බලපාන්නේ මේ සදහා දුම්රිය දෙපාර්තුමේන්තුවට මේ සදහා සුදුසු ක්‍රමවේදයක් නැතිවීමයි. අනිත් කාරණය දුම්රිය හරස් මාර්ග සදහා සුදුසු ආරක්ෂක පද්ධතියන් නැතිව වසරකට අනතුරු ව්ශාල සංඛ්‍යාවක් සිදුවන අතර එයින් මනුෂ්‍ය ජිවත නැතිවන රටක මෙම සතුන් වෙනුවෙන් එවැනි වැඩපිළිවෙලක් බලාපොරොත්තු වීම අනුවණ කමකි. (බ)
මොරටු විශ්ව විද්‍යාලෙ ඉන්න පුතාලගෙන් ඉල්ලීමක් කරන්නේ ඉක්මනින් මෙයට විසදුමක් දෙන්න කියලා. අපේ අසරණ සතුන් ටික බේරගන්න ක්‍රමයක් (නදී)
අලි ගැවසෙන දුම්රිය මාර්ග ප්‍රදේශ වල රේල් පීල්ලට සමාන්තරව කටුකම්බි පොටවල් 3,4 ක් රේල් පාර මත සිල්පරවලට සවිකර ඇද්දනම් අලින් රේල් පාර මතට එන්නේ නැහැ. අලි කටුකම්බි පෑ ගෙනවට බයයි. (දී)
පසුගිය දවස්වල පත්තරවල රුපවහිනිවල පෙන්නුවා විශාල මුදලක් යොදවල දුම්රියවලට කැමරා හයි කළා කියල කෝ දැන් ඒවා වැඩ කරන්නේ නැත්තේ (බ)
පියල් සමරකෝන්, ඔයා හරි. (ර)
මම උතුරු දුම්රිය මාර්ගය පටන් ගන්නකොටම කමෙන්ට් එකක් දැම්ම..උතුරේ දුම්රිය මාර්ගය ආරක්ෂක ක්‍රියා මාර්ග අරගත්තේ නැතිනම් අහිංසක අලි මැරෙයි කියල..ඒ දේ වුණා, ඉදිරියටවත් මේ ගැන හිතල ක්‍රියා මාර්ගයක් ගන්න..අහිංසක සතුන් ගැන (බ)
දෙවෙනි ෆොටෝ එකේ ඉන්න උන් දෙන්නා අලි කෙඳි ගලවනවා වගේ පේන්නේ, (බ)
පවු සත්තු දෙන්නා! මේ ගැටළුව සඳහා ඉක්මන් විසඳුමක් දියයුතුය (නි)
ලංකාවේ දැන් අලි වැඩි වෙලාවත්ද?(හේ)
පේන්නේ නැද්ද බාල සිමෙන්ති කොන්ක්‍රීට් වලින් හදපු පීලි. නැත්නම් ඔහොම කැඩෙනවාද? කිසි ප්‍රමිතියක් නැහැ ආරක්ෂව ගැන (නදී)
ඔය දේවල් උනාට ගණන් ගන්න එපා. අපි දැන් ජනාධිපතිවරණයකට ලෑස්ති වෙනවා දන්නේ නැද්ද ? එ්කට හොයපු සල්ලි ඔක්කොම වියදම් කරන්න වෙනවා. ඔය අලි දෙන්නයි රියදුරයි විජාතික බලවේගයකින් මෙහෙයවපු අය වෙන්න ඇති. (නදී)