(රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වන විශේෂ දුම්රිය අද (1) පස්වරු 2.30 සිට පැයකට ආසන්න කාලයක් නාවලපිටිය දුම්රිය ස්ථානයේ නතර කර තිබිමට එරෙහිව විරෝධය පා එම දුම්රියේ ගමන් ගන්නා මගිහු නොසන්සුන්කාරි ලෙස හැසිරුණහ.
නාවලපිටිය දුම්රිය ස්ථානයේදි එම දුම්රියේ නියාමකයන් රාජකාරි සදහා මාරුවීමේදි යලිත් එම දුමේරියේ යෑමට නියාමකයන් දෙදෙනෙකු නොමැති නිසා එය නාවලපිටිය දුම්රිය ස්ථානයේ නතර කර ඇති අතර මේ සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසුමක දී ඔහු පවසා සිටියේ දුම්රිය මගින්ගේ චෝදනාව සත්‍ය බවයි.
පසුව 3.30 ට පමණ පැමිණි දුම්රිය නියාමකයින් දෙදෙනෙකු එම දුම්රියට නංවා යළිත් නානුඔය දක්වා ධාවනය කිරිමට නාවලපිටිය දුම්රිය ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දුම්රිය ඉතින් මාරයි තමයි...
අනිවාර්යෙන් ඔතන අක්රමිකතාවයට හේතුව එක නිලධාරියෙක්. නමුත් ඔහුට විරැද්ධව ක්‍රියා කරන්න තරම් කොන්දක්වත්, මොලයක්වත්, ඉන් ඉහළ ඉන්න නිලධාරින්ට නැහැ. හැම තැනම වෙන්නේ ඕකයි.
සුද්දාගේ කාලේ ගල් අඟුරු එන්ජින් වලින් හිමිහිට යනකොට නාවලපිටිය, අනුරාධපුරය වැනි සේවා මාරු ස්ථාන තිබුණාට වර්තමානයේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. ෆයර්මන්, ගල් අඟුරු සවල් ගහන්නේ වත් ගාර්ඩ් බ්රේක් හැඩල් කරකවන්නේවත් නැති වර්තමානයේ බදුල්ලට යාපනයට එකම රියදුරු සහ ගාර්ඩ් යුගලයකට එක සේවා මුරයකින් (සමහරවිට පැයක දෙකක අතිකාල සමග) යාමට පුළුවන් නේද? බොහෝ දුම්රිය සේවකයන් සියලු කටයුතු සිදු කරනුයේ දෙපාර්තමේන්තුවේ යහපතටවත්, මගියාගේ යහපතටවත් නොව.... තම ඕවර් ටයිම් එක සඳහායි.
ඉවසන්න, ඉවසන්න. ඉවසීමෙන් දුම්රිය ලැබේ !