
(ෂේන් සෙනෙවිරත්න)
මෙරට දුම්රිය සේවාවේ පරිපාලනය ඉතාමත්ම අකාර්යක්ෂමයි. ඔවුන්ට ඉදිරියේදී කාර්යක්ෂමව වැඩ කිරීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම දුම්රිය පරිපාලනය මාරු කර හරිනවා යැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
දුම්රිය පරිපාලනයේ සියලු අංශ ඉතාමත් අකාර්යක්ෂම මට්ටමක පවතිනවා. දුම්රිය සේවාවේ සියලු දෙනා කඩාකප්පල්කාරීන් නොවෙයි. ඉතා අතලොස්සක පිරිසක් කඩාකප්පල්කාරී වැඩ සිදුකරන විට කළු පැල්ලම සියළු දෙනාට යනවා. එම අතලොස්සකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් හේතුවෙන් සාමාන්‍ය ජනතාව ඉතාමත් අපහසුතාවයට පත්වනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම ! කාර්යක්ෂමතාවය පිරුණු අලස දෙපාර්තමේන්තුවක් ඕක, ඒකට හේතුව වැඩ කෙරුවත් නැතත් පඩි ලැබෙන බවත් දන්නවා. ඒ නිසා වැඩක් කරන්න උවමනාවකුත් නැහැ. අනික වැඩිහරියක් ඉන්නේ සුදුස්සන්ට වඩා දේශපාලන හෙංචයියන්.
ඔබ කොන්ද කෙලින් තියාගෙන නිවැරැදිව දුම්රිය ප්‍රශ්නය හදුනාගෙන නිසි කළමනාකරණයක් කර ගොඩ ගත්තොත් ඔබගේ නම රටේ ඉතිහාස ගත වෙන්නේ වෙනවා අනිවාර්යයෙන්
මාලිමාවේ බලල් අතක් නේද මේ? ඉස්සර ස්ට්‍රයික් කරනකොට සහ දැන් වෙනස
ඉස්සර නම් වැඩක් තිබ්බා. දැන් වැඩක් නෑ.
සියළුම කඩාකප්පල් කාරීන්ව ගෙදර යවලා බැහැ හිරේ යවන්න ඕනේ... බංකොලොත් කළ රටක් යන්තම් හුස්ම ගන්න හදනකොටම නැවත විනාශ කරන්න හදන එවුන් එකෙක්වත් මේ මහ පොළවේ තියන්න දෙන්න බැහැ. ඕකුන්ව ගෙදරට ගිහින් හෝ දඬුවම් කරන්න ඕනේ...