ජනතාවගේ ආරක්ෂාව සදහා දුම්රිය අනාරක්ෂිත ගේට්ටු වල මුරකරුවන් ලෙස සේවයේ නියුතු වූවත් තමන්ට ලැබෙන රුපියල් 250 ක මුදලකින් පවුලක් නඩත්තු කරගෙන ජීවත් විම ගැටළුවක් බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතු සංගමයේ සභාපති එච්.එම්.ආර්.එල්. සුමේධ මහතා පවසයි.
දිනකට රූපියල් 250 ක මුදලක් එක් මුරකරූවෙකුට පැය අටක සේවයකට ලැබුනත් මසකට දින 31 දක්වා ඇති මාසයන් වලට අදාල එම මුදල මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරුවන්ට මේ දක්වා ලැබුනේ දින 30 ට බවද 31 දක්වා දින ඇති මාසයන් වලට එම මුදල 2013 ජූලි මාසයේ සිට මේ දක්වාම නොලැබුන බවද ඔහු පවසයි.තවද පුද්ගලික අංශයේ සේවකයන් ටත් ලැබෙන උත්සව අත්තිකාරම් මුදල වන රුපියල් 10000 ක මුදලවත් රාජ්‍ය අංශයේ සේවයක නියුතු වන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරුවන් වන තමන්ට නොලැබෙන බවත් පවසයි.
තවද ඹවුන් එම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඇති පුදේශයන් වල සිවිල් ආරක්ෂක නිලධාරීන් අතරින් මුරකරූවන් හැටියට තෝරාගෙන එක අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටුවක් සදහා පැය අටක සේවයකට තුන්දෙනෙකු සේවය කරන බවත් ඹවුන් හට පොලිස් දෙපාර්තුමෙන්තුව හරහා මාසික වේතනයක් ලබා දුන්නද ඔවුන් සේවය කරන්නේ දුම්රිය දෙපාර්තුමේන්තුවට බවත් ලංකාව පුරා දුම්රිය අනාරක්ෂිත ගේට්ටු 687 ක් පමණ ඇති බවද ඒවායේ 2061 ට අධික පිරිසක් මුරකරුවන් හැටියට සේවය කරන අතර එම මුරකරුවන්ව දුම්රිය දෙපාර්තු මේන්තුවට අනුයුක්ත කරන ලෙසද ඉල්ලා සිටින බවත් සභාපති වරයා පවසයි.
මෙම ගැටලු සම්බන්ධව පසුගිය මස 14 දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සංදේශයක් භාර දි අගමැති, ප්‍රවාහන ඇමැති, පොලිස් දෙපාර්තුමේන්තුව, දුම්රිය දෙපාර්තුමේන්තුව ආදියට ලිඛිතව දැනුම් දුන්නද මේ දක්වා කිසිදු දැනුම් දිමක්වත් නොලැබුණු බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතු සංගමයේ සභාපති පවසයි.මේ සම්බන්දව නිසි පිළිතුරක් නොලදහොත් ඉදිරියේදි දීප ව්‍යාප්තව වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගැනිමට ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතු සංගමයේ විධායක නිලධාරින් එකතුව තීරණයක් ගන්නා බවද සභාපති වරයා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාවේ රුපියල් 250 කින් දවසක් තියා පවුලකට වේලක් කන්නවත් පුලුවන්ද කියලා ඔය ලොකු ලොක්කන්ට තේරෙන්නේ නැද්ද හැබෑටම? (නි)
අනාරක්ෂිත ගේට්ටු තිබේ නම් ඒවා අලුත්වැඩියා කළයුතුය.අනාරක්ෂිත ගේට්ටුවලට මුරකරුවන් යෙදිමෙන් ඵලක් නැත. මිනිසුන් දුම්රිය මාර්ග හරහා මාර්ග ඉදිකරන්නේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අවසර ගත යුතු අතර එම අවස්ථාවේම මාර්ගය ඉදිකරන ආයතනය හෝ වගකිවයුත්තන් ලවා ගේට්ටුවක් සවිකරවා එය නඩත්තු කළයුතු යැයි නිතියක් පැනවිය යුතුයි. (නි)
දිනකට රුපියල් 350 ක් ගෙවන ලෙස මම යෝජනා කරමි. (නි)
අපේ ළමයි මෙවැනි දුම්රිය ගේට්ටු වලට ස්ව්‍යංක්‍රීය ගේට්ටු කොච්චර හදල සම්මාන ගත්තද? පත්තර වල පිටු ගණන් ලිපි පල උනා. ඇයි මෙවැනි දේ දුම්රිය දෙපාර්තමේන්තුව යොදාගන්නේ නැත්තේ. රටක් හැදෙන්න නම් අලුත් අලුත් දේ කරන්න ඕනි. (නදී)
මට මතක හැටියට මේක වැටුපක් නොව ස්වේච්ඡා සේවයට කරන උපකාර දීමනාවක්. වැටුපක් ලබන්න තරම් මොකක්ද ගේට්ටුව අරින වහන එකේ තියෙන්නේ.? මාසිකව සේවයක් කර වැටුපක් ලබන අයටත් මහා පාවා දීමක් මේ වගේ වැඩකට වැටුපක් බලා පොරොත්තු වීම. හොඳ රස්සාවක් හොයාගන්න හැකියාවක් තිබේ නම් එය කරන්න. (නදී)
රටේ දේශපාලකයෝ සල්ලි වලින් පිස්සු නටනවා. රටේ පොදු ජනතාවගේ තත්වේ ඕක තමයි. රට වනසන අයට කෝටි ගණන් වැටුප්. ජීවිත ආරක්ෂා කරන සේවකයන්ට දවසට 250. (ස)
මෙයද රැකියාවකි . මොවුන්ට ජීවත් වෙන්න පුළුවන් පඩියක් දිය යුතුය. රජයේ අතැම් ආයතන වල කිසිම රැකියාවක් නොකර මීට වඩා පඩි ගන්න අය ඕන තරම් ඇත. (ස) .
පටන්ගන්නේ ස්වේච්ඡාවෙන් කරන්න, අවුරුද්දකට පස්සේ දීමනාවක්, අවුරුදු දෙකකට පස්සේ ස්ථිර පඩියක්. අවුරුදු 3 ට පස්සේ පැන්ෂන් එක. ඊළගට දුවට පුතාට රැකියාව දාගන්න තමයි ට්‍රයි එක. නියම කම්කරු ජනතාව. (නදී)
මොන රස්සාව කරත් ජීවත් වියහැකි මුදලක් ගෙවන්න. (නදී)
දුම්රිය ගේට්ටු ක්‍රියාකිරීම ඉතා වැදගත් සේවයක්. එහෙත් මෙය අසල්වැසියන්ට දීමනාවක් වශයෙන් දී ක්‍රියාත්මක වන සේවාවකි. මේ මගින් ස්ථිර පඩියක් ලබාගන්න යනවා නම් එය අසාධාරනයි. මොකද ලංකාවේ තිබෙන සීමිත දුම්රිය ගණනින් මෙතරම් ගණනකට වැටුප් ගෙවුවොත් කඩාවැටෙන්නේ දුම්රිය සේවයයි. (නි)
ඇත්තටම දුම්රිය ගේට්ටු වහන රැකියාව කරන්නේ ඉතා දුප්පත් අධ්‍යාපන සුදුසුකම් නොමැති අයයි, මොවුන්ටත් පවුලක් සමග ජීවත් විය හැකි දීමනාවක් ලබා දීම දෙපාර්තමේන්තුවේ වගකීමකි. (ස)