අද (5) සවස කොළඹ - මාතර සාගරිකා දුම්රියේ ත්‍රී රෝද රියක් ගැටීමෙන් රියදුරු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
පයාගල, කලමුල්ල, ශාන්ත සෙබෙස්තියන් දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රී රෝද රියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් තල්ලු කරගෙන යාමේදී මෙම අනතුරු සිදුවී ඇතැයි කියති.
අනතුරින් මියගොස් ඇත්තේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ලොන්ඩ්‍රිය භාරකරු බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේ දුම්රිය ආරක්ෂිත ගේට්ටු වසා නොතිබූ බවට ලද තොරතුරක් මත ගේට්ටු මුරකරු අත් අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd