(මහින්ද නිශ්ශංක,ඡායාරූප - ගයාන් අමරසේකර)
වසර 16 කට පසුව අංග සම්පුර්ණ දුම්රිය කාලසටහන අත්පොතක් ලෙස මුද්‍රණය කොට මගී ජනතාව වෙත ලබාදීමට දුම්රිය ගමනාගමන අධිකාරි කාර්යාලය පියවර ගෙන ඇත. දුම්රිය කාලසටහන් අත්පොත එළිදැක්වීම අද (25) සිදු කැරිණි.
දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී.ආරියරත්න මහතාගේ සංකල්පයක් අනුව දුම්රිය කාලසටහන් පොත ජනතාව වෙත ලබාදේ. ලබන 28 වැනි දා සිට මෙම පොත රුපියල් 150 කට සියලුම දුම්රිය ස්ථාන වලින් මිලදී ගත හැකි බව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාල සටහන අනුවම කෝච්චිය දුවාවිද? එහම වුණොත් මොන තරම් හොඳද? අනේ අපරාදේ ඕකට දෙන රුපියල්, සත එකසිය පනහ....
සෑහෙන වටිනා පොතක් .හරියටම වෙලාව ඕකෙ තියේද දන්නේ නෑ.
පොත්නම් ඕනෙ නෑ... වෙලාවට කොච්චි ටික එවන්න. මොකද දැන් තියෙන හැටියට ඔය මුද්‍රණය කරපු පොතේ තියන්නේ සියයට 99ක්ම වැරදි වෙලාවල්...
දුම්රිය වෙලාවට වැඩ කරයි නේද?
අදටත් කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ වෙලාව සටහන් කරන්නේ බ්ලැක් බෝර්ඩ් එකේ. තාක්ෂනය කොතරම් නම් දියුණු වෙලා තියෙනවද? අද බැරිද දුම්රිය වලට ජී.පී.එස්.සවිකරලා එන්න තියෙන දුම්රිය ටීවී තිරයක් මත දිස්වෙන්න හදන්න. දුම්රිය ලඟාවෙන්න තව කොතරම් වෙලා යනවද කියලා දුම්රිය තියෙන ස්ථානයත් එක්ක ටීවී තිරයක දිස්වෙන්න හදන්න බැරිද? දුම්රිය මගීන්ට ස්මාර්ට් ෆෝන් එකෙන් බලන්න හදන්න බැරිද?
වසර 50-60 පරණ එන්ජින් සහ පෙට්ටි ඉවත්කර නව ගමන් පහසුකම් සලසා දෙනවා නම් මොන තරම් ජනතාවක් හිරිහැරයක් නැතිව ගමන් කිරීමට එක්වෙනවාද? අද තිබෙන මේ යල්පැනපු ටිකට් වෙනුවට නව තාක්ෂණය මගින් මොන තරම් දේ කළ හැකිද?
බොහොම හොඳ දෙයක්. නමුත් තවමත් අපි ලෝකයට වැඩ වසර ගණනාවක් පිටුපසින්. සෑම තැනකම වයි ෆයි කලාප තිබෙන බොහොම දෙනෙක් ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන, ඉදිරියට තවත් වැඩි වැඩියෙන් ඒවා ප්‍රචලිත කිරීමට සිතන රටක් මීට වඩා දෙයක් කළයුතුව තිබෙනවා. මේ දත්ත සියල්ල ඉතා සුළු වියදමකින් අන්තර්ජාල ගත කළා නම් තමන්ගේ ජංගම දුරකතනයෙන් මීළඟ දුම්රිය එන වෙලාව ඉතාම පහසුවෙන් ලොව ඕනෑම් තැනක සිට බලාගෙන ඒ අනුව තම ගමන සැලසුම් කර ගත හැකියි නේද? ලක්ෂ ගණනක් වන මගීන්ට ලක්ෂ ගණනක් පොත් මිලදීගෙන අතේ අරගෙන යනවාට වඩා එය පහසුයි. වෙනකක් තබා ඒකාබද්ධ බස් කාලසටහන් පවා එයට අනුබද්ධිත කල හැකියි. සංකල්පනාව ඉතා වටිනා නමුත් යල්පැන ගිය සංකල්පනා වෙනුවට කාලින සංකල්පනා හඳුන්වා දිය යුතුයි. ලොවේ රටවල් අපට වඩා සැතපුම් සියයක් ඉදිරියෙන් දුවන විට ඔවුන් පසුකිරීමට හෝ සමසමව දිවීමට බරකරත්තයක් යොදාගැනීමේ සංකල්පනා ප්‍රමාණවත් වන්නේ නැහැ. එසේ වූ විට වෙන්නේ නුදුරු දිනක අපේ අසල්වැසියන් ඇතුළු වෙනත් රටවල සමාගම් පැමිණ අලුත් තාක්ෂණය හඳුන්වා දෙමින් දේශීය ආයතන කුණුමුල්ලට තල්ලු කර දැමීමයි.
1. මෙතරම් කාලයක් කාලසටහනක් මහජනතාවට නිකුත් නොකර දුම්රිය දාවනය කිරීම පුදුම සහගතය , කෙසේනමුත් දැන් හෝ එය නිකුත් කිරීම හොඳ තීරණයකි 2. මෙම කාලසටහන් සඳහා මෙතරම් මුදලක් වෙයකර එය පොතක් ලෙස නිකුත් කිරීම අනිත් පුදුමයි. මෙය පොඩි ලේකන්යක් ලෙස කොටස් කීපයකට වෙන් කර නිකුත් කල නම් එය අවශ්‍යතා අනුව ජනතාවට නොමිලේ ලබගතහෙකිව තිබුණි. දිනපතා රාජකාරිවලට නගරවලට යන යට වෙදගත් වනුයේ තමාගේ දුම්රිය කාලසටහන මිස මුළු රටේම දුම්රිය ධාවනය පිලිබඳ පොතක් නොවේ. දුම්රිය කාලසටහන් යනු පොතක් නොවේ, එය පොතක් ලෙස නිකුත් කිරීමෙන් පෙනීයන්නේ නැවත කාලසටහන වෙනස් කිරීමට තව වසර ගණනාවක් යනබවය . 4. මහජනතාවගේ අවශ්‍යතා අනුව දුම්රිය කාලසටහන් අඩුම වසයෙන් හැම වසරකම සන්සොදන්ය කලුතුය . එවැනි සන්සොදන්යන් කලයුතු වන්නේ දුම්රිය ගමනාගමනය කාර්යක්ෂමකිරිම තුලිනි. 5.එවැනි වෙනස් කම් කිරීම තුලින් ජනතාව මහජන ප්‍රවාහන සේවා සඳහා යොමුකලාහක. 6. දුම්රියමගිප්රවාහය දියුණු රටවල ඉතාමත් කාර්යක්ෂමව කරනුයේ එය ජනතාවගේ දිනපතා ගමනාගමන කටයුතුවලට අදාල වන ලෙස සකස්කිරිමතුලිනි.දුම්රිය කාලසටහන් නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර දුම්රිය දාවනයද කාලසටහනට අනුව විය යුතුය.
ඔක්කොම පොත් කාරයෝ; පොත් පෙරලන්න හරි දක්ෂයි.වැඩ කාරයෝ තමයි හොයාගන්න බැරි.
දැන් ඇප්ස් පාවිච්ච් කරන කාලේ ඇප් එකක් හදලා දැම්මානම් ඉවරයිනේ. ටයිම් වෙනසක් උනොත් අප්ඩේට් කරන්නත් පුළුවන්.
මේ මොන බයිලද? අර " ශ්‍රී ලංකා රේල්වේ " වෙබ් අඩවිය තව හොඳට ප්‍රාණවත් කරන්න. දැන් අපේ ගමේ පොල් කඩන මහත්මයාගේ අතෙත් ස්මාර්ට් ෆෝන් තියෙන්නේ. තොරතුරු ඇඟිලි තුඩ මතට එවන්න.
හොඳ අරම්භක පියවරක්... දැන් ඇප් එකකුත් හදන්න ඊට පසු එක සංචාරක ආකර්ෂණ සම්බන්ධ කර දියුණු කරන්න.
මේ පොත ගැන කියනවා නම් කියන්න තියෙන්නේ මේක කාන්තාරෙක හදපු වැවක් වගේ කිසි දවසක ජලය පිරෙන්නේ නෑ... දුම්රියත් කිසිමදාක වෙලාවට වැඩ කරන්නේ නෑ.
අනේ හොඳයි. දැන් අපට කෝච්චි පරක්කුවෙන වෙලාව ටක්කෙටම දැන ගන්න පුළුවන්.