ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය කම්කරු එකමුතුව කොළඹ ඕල්කට් මාවතේ දුම්රිය මූලස්ථානය ඉදිරිපිට අද (28) විරෝධතාවයක නිරත වූහ.

තාක්ෂණ ශිල්පී සහයක නිල නාමය ඉවත් නොකරනු, 06/2006 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනය අනුව pl 02 වැටුප් කාණ්ඩය වහා ලබා දෙනු ආදී ඉල්ලීම් මුල්කරගනිමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස  විරෝධතාවයේ නිරතව සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප : ගයාන් අමරසේකර