මරදානේ පැරණි ට්‍රිපොලි වෙළෙඳ සංකීර්ණයට යාබද දුම්රිය ඉඩම් අක්කර පහක් නාගරික සංවර්ධන අධිකාරිය නීතිවිරෝධී ලෙස පවරාගෙන ඇතැයි ද එම තීන්දුව ඉල්ලා අස් කර නොගතහොත් වැඩ වර්ජනයකට යෑමට වුවද සූදානම් බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ නීතිවිරෝධී ලෙස මෙම පවරාගැනීම් සිදුව ඇති බැවින් එම ඉඩම් යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවටම ලබාදීමට පියවර ගන්නා ලෙස රජයට බල කරන්නේ යැයි දුම්රිය කර්මාන්තශාලා කළමනාකරුවන්ගේ සංගමයේ සභාපති එල්.එල්.කේ ජයතිලක මහතා ‘‘ලංකාදීප* යට පැවැසීය.
ඉඩම නැවතත් දුම්රිය දෙපාර්තමේන්තුවට පවරා ගන්නැයි බල කරමින් දුම්රිය ශ්‍රේණිගත එකමුතුව හා දුම්රිය ඒකාබද්ධ පෙරමුණ ඇතුලු දුම්රිය සේවකයන් රැසකගේ සහභාගිත්වයෙන් අද (17) මරදාන දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සංකේත විරෝධතාවක් ද පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අවිස්සාවේල්ලේ ඉඳලා ඕපනායකට යනතුරු රේල් පාර මිනිස්සු අල්ලාගෙන ඉන්න එකට වැඩවර්ජන කරන්නේ නැද්ද? (නි)
සැම්, ඔබ හරි. රටේ නූගත් මිනිසුන් පාර්ලිමේන්තුවට යැවීමේ පලවිපාක අපි අද ලබන්නේ. මෙවැනි පොදු දේපල දේශපාලන ජනප්‍රියතාවය ලබාගැනීමට ඔප්පු සාදාම ලබාදුන්නේ කවුද කියා අපි දන්නවා (නි)
හා හා කලබල වෙන්න එපා. මොකටද නිකන් කරදර වෙන්නේ? (නි)
කොහොමත් මේ රටේ ඉල්ලීම් දිනාගන්න නම් වැඩවර්ජන නැතුවම බැහැනේ (නි)
ඇයි මේ අයට රාජකාරිය හරියට කරන්න මෙච්චර තදියමක් නැත්තේ? (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
බලමුකෝ එහෙමවත් උත්සාහයක් කරලා (නි)
මෙය නීත්‍යනුකුලව අයිති පාර්ශවයට ලබා දීම සුදුසුයි. (ර)