(යොහාන් භාසුර)
දුම්රිය ආසන වෙන්කිරීමේදී ජනතාව වෙත පැන නගින ගැටළු සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් දුම්රිය දෙපාර්තමේන්තුව හදුන්වාදුන් බවත් ඒ අනුව RDMNS.LK දුරකථන යෙදවුම නවතම විශේෂාංගය රැසකින් සමන්විත කර ඇති බවත් දුම්රිය මගීන්ගේ නිල සමූහය පැවසීය.
මෙම විශේෂාංගය ආසන වෙන් කිරීමේ දුම්රියන් පිළිබඳ සියලු තොරතුරු ඉතා පහසුවෙන් දැනගත හැකි ආකාරයට නිර්මාණය කර ඇති අතර දුම්රිය මැදිරි තුළට පිවිස නැරඹීමේ හැකියාව, ආසන වෙන් කිරීමේ ගාස්තු, දුම්රිය මැදිරිවල ඡායාරූප, ආසන වර්ග, ආසන අංක, එක් එක් ක්‍රමවේද ඔස්සේ ආසන වෙන් කිරීමේ උපදෙස්, වීඩියෝ දර්ශන, නිතර අසන ප්‍රශ්ණ සහ දුම්රිය කාලසටහන වැනි තොරතුරු රැසක් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂාවලින් පරිශීලනය කර පහසුවෙන් ලබාගත හැකිවන අයුරින් නිර්මාණය තිබේ.
ඊට අමතරව RDMNS.LK ජංගම දුරකථන යෙදවුම හරහා සජීවී දුම්රියන් තිබෙන ස්ථානය, සජීවී ප්‍රමාදය සහ ඒ අනුව ඉදිරියට ඇති දුම්රිය ස්ථාන සඳහා ලඟාවීමේ අපේක්ෂිත වේලාවන්, සජීවී පුවත් ඇතුළු දුම්රිය සම්බන්ධ සේවා රැසක් ලබාගැනීමේ හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමළ භාෂාව කොහෙද?
අම්මෝ සී ජී ආර් එකෙන් හැදුවා වගේ ,මුන්ගේ බොරුවමයි තියෙන්නේ