බිඟුන් මේනක ගමගේ
වෘත්තීය සමිති විරෝධය නොතකා ආණ්ඩුව දුම්රිය දෙපාර්තමේන්තුව අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නේ යැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දුම්රිය ස්ථානධිපති, දුම්රිය රියදුරු, දුම්රිය නියාමක, අධික්ෂණ කළමණාකරුවන් සහ දුම්රිය පාලකවරුන් සඳහා එම්.පී1 හා එම්.පී2 වැටුප්තල වලට සමාන වැටුප්තල ලබාදීමට හැකිදැයි සොයා බැලීමට පත්කළ සරත් අමුණුගම කැබිනට් අනුකමිටුව සහ ඊට සහාය දැක්වීම සඳහා පත්කළ පරිපාලන කමිටුව සහ වැටුප් කොමිෂන් සභාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇතැයි ඔවුහු චෝදනා කරති.
මෙම කමිටුව පත් කළේ වැටුප් වැඩිකිරීමක් කළ හැකිදැයි සොයා බැලීමට වුවත් ඔවුන් දැන් කරමින් සිටින්නේ වෙනත් රාජකාරියක් යැයි චෝදනා කරන එම සංගමය මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල අදහස් විමසීමට පසුගිය 11 වැනිදා විෂය භාර ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී වෘත්තිය සමිති ඊට දැඩිව විරෝධය පළ කළේ යැයි ද කියයි.
දුම්රිය දෙපාර්තමේන්තුව, පාලක මණ්ඩලයක් මගින් පාලනය වන අර්ධ රාජ්‍ය ආයතනයක් බවට පත්කළ යුතු යයි යෝජනා කර ඇති කැබිනට් පත්‍රිකාවල, සාකච්ජා සටහන් වල සහ අනිකුත් ලිපිලේඛන වල සඳහන් වන්නේ වැටුප් වැඩිකිරීම නමැති මාතෘකාව යැයි ද මෙමගින් සියලු දුම්රිය සේවකයන් දුම්රිය දෙපාර්තමේන්තුව විකිණීමේ ක්‍රියාවලියේ වගඋත්තරකරුවන් කර ඇතැයි ද ඔවුහු පවසති.
ඇතැම් දුම්රිය බලධාරීන් සම්බන්ධයෙන් එල්ලවී ඇති වංචා දූෂණ චෝදනා බැහැර කළ නොහැකි නමුත් දුම්රිය සේවය විනාශ කර ඇත්තේ මෙම බලධාරීන් හා දේශපාලන නායකයින් එක්ව යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ එපාම කරපු සුදු අලියෙක් වූ රාජ්‍ය ආයතනය... මේක නම් පෞද්ගලීකරණය කරන්නම ඕනෑ රට දියුණු වෙන්න නම්. දුම්රිය පාරේ තියන සිල්පර කොට ගාණටත් වැඩියි ඉන්න සේවකයෝ ගාණන... තව පඩි වැඩිකරන්නත් ඕනෑ..
සම්පුර්ණයෙන්ම දෙන්න ඕනෑ.. රටට හෝ දෙපාර්තමේන්තුවට ලාබදායක ලෙස කළමනාකරණය කල නොහැකි එමෙන්ම හොද සේවාවක් මගීන්ට දිය නොහැකි ආයතනවලින් අපට පලක් නැහැ. රටට බරක් වන දේශපාලන උදව්කරුවන්ට පමණක් හොඳයි.. එක්කෝ හදන්න ඕනි.. නැත්තන් දෙන්න ඕනි.
අර්ධ රාජ්‍ය කළොත් ජනතාවට වෙනස් නොවන සේවාවක් ලැබෙයි... යනු මාගේ හැඟීමයි. මොකද මේ ගොල්ලෝ සාමාන්‍ය ජනතාවගේ අපහසුතාවය නොසලකා.. හිතුණු හිතුණු වෙලාවට වර්ජන කරනවා නේද?
හොඳ වැඩක්... කරුණාකර මෙය නොපමාව කරන්න.
කෙලින්ම පෞද්ගලික අංශයට දෙන්න එපා. ජනමත විචාරණයක් තියලා තීරණයක් ගන්න.
මේවට විරුද්ධ වෙන්නේ මේකේ ඉන්න අයිස් ගහන අයයි. යල් පැනපු දේවල් එක්ක අදටත් ටිකට් එක පන්ච් කරන්න සේවකයෙක් ඉන්නවා. පිටරටවල ස්ටේෂන්වල සේවකයෝ පේන්න නැහැ. ඒකට අපේ ස්ටේෂන් එකේ මගීන්ට වඩා සේවකයෝ ඉන්නවා. හැබැයි තාමත් දුම්රිය සේවය සුද්දා දීලා ගිය එකමයි.
අනිවාර්යයෙන් කළ යුතුමයි.. ඒවාගෙම රජයෙහි ආරක්ෂාව මත මොන දේ වුණත් තැලෙන්නේ මගී ජනතාවයි..
හොඳ සේවයක් සදහා දුම්රිය ප්‍රවාහන සේවය අනිවාර්යයෙන්ම පුද්ගලීකරණය වියයුතුයි.
සම්පූර්ණයෙන් දෙන්න ඕනේ, කාලකන්නි කරන උද්ඝෝෂණවල හැටියට
මේ ප්‍රකාශය කන්න ඕනේ වෙනකොට කබරගොයා තලගොයා කරන කතාවක්. ඇත්තටම දුම්රිය සේවය වල පල්ලට යැවීමේ වගකීම බාරගන්න ඕනේ දේශපාලඥයෝ තමයි. ඒත් ඒ වගකීමෙන් කර අරින්න කොහොමටවත් දුම්රිය සේවකයන්ට බැහැ. ළිං මැඩි න්‍යායයෙන් දුම්රිය සේවය නගා සිටවන්න මේ කපේදී හම්බ වෙන්නේ නැහැ.. දේශපාලන පත්වීම් ලද සේවක පිරිසක් තියාගෙන ඉදිරියට යන්න කවදාවත් බැහැ. වෘත්තීය සමිතිවල කාර්ය බාරය විය යුත්තේ සේවක සුභ සාධනය වගේම ආයතනය ලාභ ලබන ආයතනයක් ලෙස, ජනතාවට බරක් නොවී පවත්වා ගැනීමයි. ඒත් මේ තාක් කාලයක් ඒක බදු ගෙවන ජනතාවට බරක් වුනු ආයතනයක් වුනා මිසක්, ඉදිරියට යන, නව නිර්මාණ කරන, අලුතෙන් සිතා කටයුතු කරන , ජනතාවට කාර්යක්ෂම සේවයක් සපයන ආයතනයක් වුනේ නැහැ. ඒ නිසා ඔය මොන කතා කිව්වත් කල යුතු එකම දේ අර්ධ රාජ්‍ය මට්ටමට හෝ පුද්ගලික අංශයටම දී කාර්යක්ෂම සේවයක් සැලසීමයි. පිනට කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවා සලසන්න අද කාලේ අමාරුයි. වැඩ පව් නොදී අයින් වෙලා ගෙදර යන්න පුළුවන්. කාලයක් ගියත් ඕනේ තරම් තරුණ ශ්‍රමය පුහුණු කරලා ගන්න ඉන්න බව අමතක නොකළ යුතුයි. සමන්ත
මෙයාල ඇත්තටම දෙපාර්තමේන්තුව රැක ගන්න නෙමේ එහෙම කරන්නේ. අර්ධ රාජ්‍ය කලොත් වැටුපෙ ඉඳල සියලුම වරප්‍රසාද විශාල කප්පාදුවකට ලක් වෙනවා සහ දැන් අයිස් ගහ ගහ වැඩ කරනවා වගේ නෙමේ දෙගුණයක් වැඩ කරන්න වෙනවා. ඕන ඕන වෙලාවට වැඩ වර්ජන කරන්නත් බෑ ගෙදර යන්න වෙන්නේ. අනිවාර්යෙන් අර්ධ නෙමේ මුළුමනින්ම පෞද්ගලිකරණය කරලා මුළු සේවාවම උඩු යටිකුරු කරන්න ඕන. ඇති අවුරුදු 50ක් තිස්සේ ජනතාව කන කට්ට මෙයාල නිසා.
අර්ධ රාජ්‍ය බවට පත්කරලා දැනටත් වඩා ලොකු සුදු අලියෙක් බිහි කරන්න එපා. සම්පුර්ණයෙන්ම පුද්ගලික අංශයට දෙන්න. ගාස්තු ක්‍රමවේද ආදිය රජයෙන් නියාමනය කරන්න.
හොඳ අදහසක්. මෙය ක්‍රියාත්මක කල යුතුයි. දුම්රිය අංගන වල සහ පිටත යකඩ දිරාපත් වනවා ඒවා විකුණා රජය අදායම වැඩි කර ගත හැකයි. සේවකයින් ගැන අයිස් තට්ටුවක් වගේ. පෞද්ගලික ආයතනයක් කල යුතුයි. නැතිනම් වහාම ලාබ පෙන්විය යුතුයි. දුම්රිය මීට වඩා කාර්යක්ෂම විය යුතුයි.
මටනම් ලංකාවේ දුම්රියක යන්නත් ලැජ්ජයි ,
මෙන්න මේක තමය අද දවසේ තියන ලොකුම ගැටලුව. පළමුව දුම්රිය සේවාව පාඩු ලබන බව සහ එය අකාර්යක්ෂම බව ගැන විවාදයක් නෑ. ඊට දේශපාලන අධිකාරිය හා දුම්රිය සේවකයින් අඩු වැඩි වශයෙන් වග කිව යුතු බවත් ඇත්ත. දුම්රිය පෞද්ගලිකරණය කලොත් හොද සේවකයින්ට හොද කලක් යාවි. ලාබ ලබනවා අනිවාර්යයෙන්. නමුත් ලාබ ලබන්න ඕන නිසා ප්‍රවේශපත්‍ර මිල වැඩි වීම අනිවාර්යයි. ඒ වගේම සමහර දුම්රිය ගමන් අවලංගු කරන්නත් වෙනවා. මේවයින් තැලෙන්නේ අහිංසක මිනිස්සු. ඒ විතරක් නෙවෙයි ප්‍රවාහන ඇමතිට තමන්ට වැඩකරපු අයට රැකියා දෙන්න තැනක් නැති වෙනවා. එකෙනුත් තැලෙන්නේ ගම්වල අහිංසක මිනිස්සු නේද? දුම්රිය සේවයෙ අදටත් පවුල්වාදය තියනවා. එතනත් කීප දෙනෙක් පිඩනයට පත් වෙනවා. මේවා සංකීර්න ප්‍රශ්න. මේ හැම පැත්තම බලන්නේ නැතිව වැඩ කලොත් අවුල් තමයි.
බස් පෞද්ගලික කරේ 1977 පටන් . බස් සේවය කොතරම් අද පිරිහිලද කියල ඒ කාලේ පටන් බස් වල ගිය උදවිය දන්නවා. දේශපාලුවන්ගෙන් දුම්රිය නිදහස් කර තබා ගන්න පුලුවන්නම් අදත් දුම්රිය ජනතාව වෙනුවෙන් හොඳ සේවයක් ලබා දේවි.
දුම්රිය දෙපාර්තුමේන්තුවේ සිටින අති බහුතරයක් දේශපාලන පත්වීම්. බදවාගැනීමේ ක්‍රමවේදයන් ආරක්ෂා කරගෙනේ සිටින්නේ අංශ කිහිපයක් පමණි ඒ වෘත්තීය සමිති වල බලපෑම නිසා . හොදදෙයකට මෙහි සිටින සේවකයන් ගේ ආකල්පමය වෙනසක් නොවන්නේ මන්ද . සේවකයන්ගේ පැවැත්ම උදෙසාම තියන රාජ්‍ය ආයතන බොහෝ ඇත, වෘත්තීය සමිති හැමදාම කරන්නේ වැටුප් තල ඉහල දැමීමට කරන අරගල මිසක් රටට අවශ්‍ය ඉහල ගුණාංග සහිත ප්‍රවාහන සේවයක් ලබාදෙන්න කියා අරගල තියා සැලසුමක්වත් නෑ.
ඉතා හොඳ යෝජනාවක්. අපේ රටේ දුම්රිය තරම් පහත් ලෙස මඟින් ගැන හිතන එකක් තවත් ලෝකේ නෑ. දාඩිය පෙරාගෙන කිටි කිටියේ හිරවෙලා සත්තු ගාල් තරල වගේ යන්නේ. ඒකත් යනව කියන වෙලාවට යන්නේ කීයෙන් කීයද. මං දවසක් කුරුණෑගල රෝහලේ ඉන්න ලෙඩෙක් බලන්න අනුරාධපුර සීඝ්‍රගාමී දුම්රියේ ගියා කුරුණෑගලට 5.30 වෙනකොට යනව කියපු නිසා. සීස්රගාමි දුම්රිය ටිකට් එක දෙවන පංතිය රු.350 අරන් ගියේ පහසුවෙන් ඉක්මනින් යන්න හිතාගෙන. මේක ගියේ රාගමට විතරයි. නවත්තගෙන ඉන්නව ඉන්නව මොකද කියන්නෙත් නෑ. පැයක් විතර ගියාට පස්සේ මිනිස්සුන්ගෙන ආරංචි උනා මේක කැඩිල මරදානෙන් ඇංජිමක් ගෙනත් හයිකර ගෙන තමයි යන්න වෙන්නේ කියලා. දැං ඉතිං ලෙඩා බැලිල්ල පැත්තක තියල මං හිටිය හරියටම පැය තුනකට වැඩියි අන්තිමට ප.ව 6.5ට යන මහව දුම්රියත් ගියාට පස්සෙ තමයි මේක ගියේ. සීඝ්‍රගාමී කියන ඒවත් මෙහෙම නම් අනිත්වා ගැන මොන කතාද.? මේක තනිකරම පුද්ගලික අංශයටම දීල හොද සේවයක් මඟින්ට ගේන තත්වයට ගන්න ඕන. ජපානේ වගේ රටටක දුම්රිය සේවය කියන්නේ මොනතරම් විනීත, කාලයට වැඩ කරන මඟින් ගැන ඔවුනේගේ කාලය ගැන මොනතරම් හිතන සේවයක්ද. ජපානේ දුම්රිය සේවයේ කොයිතරම් දුර ගියත් වෙලාව ඉලක්ක කරගෙන ගමනක් යන්න පුළුවන්.
මෙය අර්ධ රාජ්‍ය කරාම වැඩ කරන්න ඉන්න පිරිස අයින් කරලා අලුතෙන් බදවා ගන්නේ නැහැනේ , එතකොටත් වැඩකරන්නේ මේ සේවකයන්ම නේද? එහෙමනම් වැරැද්ද තියෙන්නේ පරිපාලනයේ කියලා තමා මට හිතෙන්නේ.
මේ මිනිස්සු එක්ක කිසිම දවසක අපිට රටක් විදිහට ඉස්සරහට යන්න බෑ. දියුණු වෙන්න ඉස්සරහට යන්න ඕනේ නෑ. රාජ්ජ්ය සේවයේ ඉන්න ඉතාම හොද පිරිසක් විතරක් තියාගෙන අනිත් සේරම හොරුන්ව අයින් කරලා දාන්න. වැඩ කරන්න බැරිනං යන්න කියන්න.
දෙපාර්තමේන්තුව රැක ගන්න අවශ්‍ය නෑ මෙයාලට කාරණේ තමයි අර්ධ රාජ්‍ය කලාම වැටුප් අතිකාල දීමනා සහ අනිකුත් සියලුම පහසුකම් ලාභ ප්‍රයෝජන සියල්ලක්ම විශාල කප්පාදුවකට ලක්වෙනවා. අයිස් ගහන්න බෑ දෙගුණයක් වැඩ කරන්න වෙනවා. වැඩ මවල පෙන්නන්න බෑ. ඕන ඕන වෙලාවට ස්ට්ර්යික් කරන්නත් බෑ ගෙදරම යන්න වෙනවා. අර්ධ නෙමේ 100% පුද්ගලීකරණය කරලා යල්පැන ගිය කෝච්චි, දුම්රිය ස්ථාන එක්කම හණමිටි අදහස් දරන සෙට් එකත් ගෙදරම යවල නවීන දුම්රිය ගෙන්නලා දුම්රිය ස්ථාන නවීකරණය කරලා සේවාව උඩු යටිකුරු කරන්න ඕන. ඇති දැන් අවුරුදු 50ක් තිස්සේ සුද්දා දාල ගිය කෝච්චි වල ජනතාව දුක් වින්දා.
අර්ධ රාජ්‍ය නොවෙයි සම්පුර්ණයෙන්ම පෞද්ගලිකකරණය කළ යුතුයි.
ඔය ගොල්ල වැඩ වර්ජන කල කියල අපිට එච්චර වෙනසක් දැනෙන්න එකක නැහැ , දුම්රිය එන්නේ සාමාන්‍ය දවස් වලත් හැමදාම වගේ ප්‍රමාද වෙලානේ , ඔය ගොල්ල කැමති ක්‍රියාමාර්ගයක් ගන්න , රජයට ඕක පාලනය කරගන්න බැරි නම් පුද්ගලික අංශයට දෙනවා හැරෙන්න වෙන විකල්පයක් නැත , අර ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් පුද්ගලික සමාගමකින් පාලනය කල කලේ ලාභ ලැබුවා නම් , දුම්රිය සේවයත් අවරුදු 10 කට විතර දීල බලමු
වහාම පුද්ගලීකරණයට ලක් කල යුතුයි....... රටට බරක් .
දුම්රිය සේවයේ ඉන්නේ පිං පඩි ගන්න කාලකන්නි සේවකයන් පිරිසක් මුන් ගෙවල් වල ඉදගෙන හොර අතිකාල ගන්නවා . ටිකට් එකක් ගත්තම හැමදාම ඉතුරු සල්ලි දෙන්නේ අඩුවෙන් . මේ හොර ගුහාව අනිවාර්යයෙන් පුද්ගලික අංශයට දෙනවට රටේ ජනතාවගෙන් 99% කැමතියි .
මේකනම් අනිවාර්යෙන්ම පුද්ගලීකරණය කල යුතුයි..... කියල මම කියන්නේ මමත් හැමදාම දුම්රියේ යන්නේ හැමදාම පරක්කුයි හවසට මාතර පැත්තට යන දුම්රිය ගොඩක් ප්රමදයි........... සමහර දුම්රිය ධාවනය නොවන බව දැනුම්දෙන්නේ විනාඩි 5 කට කලින්
අර්ධ රාජ්‍ය එපා පෞද්ගලික කරන්න.එත් ලංකාවේ කොම්පැනි එකකට දුන්නොත් ගැමුණු විජේරත්නල වගේ මාෆියා කාරයෝ බිහිවේ . ජපන් ආයතනයකට දෙන්න..අඩුම තරමේ උන් ගිය දවසට තාක්ෂනයි හොද දුම්රිය කට්ටල වත් ඉතුරු වේවි..රජයේ නීති නියාමන අවශ්‍යයි