සඳුදා සවස අඟුලානේදී දුම්රියෙන් වැටුණු තවත් තරුණයෙක් සැත්කමකින් පසු කළුබෝවිල රෝහලේදී මිය ගියේය.
ඔහු කළුතර පදිංචිකරුවෙකි.
මේ අනුව දෙදෙනෙක් මරුමුවට පත් වූහ.
මේ අනතුරට සම්බන්ධ ලොරි රියදුරා සොයන බව ද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය අනතුරේ තව තරුණයෙක් මරුට
රසිකා Tuesday, 25 June 2013 01:59 PM
ඔය හරියෙම මම ගිය දුම්රිය දෙකක්ම ඔය විදියටම රේල් පාරට ලං කරලා නවත්තපු වාහන වල හැපිලා තියෙනවා. රත්මලානේ ඉදලා කලුතරට යනකල්ම ඔය වගේ රේල් පාර අයිනෙන්ම හදපු පාරවල් තියෙනවා. ඒවා වෙන් කරලා වැටක්වත් හදන්න බලධාරීන් උනන්දු වෙන්න ඕනෑ දැන්වත්. (නි)
නීල්-රානා Tuesday, 25 June 2013 10:58 AM
ලංකාවේ මගී ප්‍රවාහන බස්රථ සහ දුම්රිය දොරවල් නොවසා ධාවනය කිරීම තහනම් කිරීම අවශ්‍යයි.(නදී)
ආනන්ද ආර් Tuesday, 25 June 2013 11:00 AM
මිනිස් ජීවිත වලට මරඋගුල් ඇටවූ ලොරි රියදුරාට නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් ලොරිය පොලිස් අත්අඩංගුවේද?(නදී)
සදුනි Tuesday, 25 June 2013 02:24 PM
එක් කෙනෙක් දෙන්නෙක් ඇරුනහම , කව්රුවත් ආසාවට පාපුරුවේ යන්නේනේ. ටිකට් එකක් ගත්ත හැමෝටම යන්න ඉඩ තියෙන්න ඕනෑනේ. (නි)
චන්දිම Tuesday, 25 June 2013 02:32 PM
අනවසර ඉදිකිරීම් ඉක්ක්මනින් ඉවත්කළ යුතුය. මෙය ඊට අවස්ථාවක් කරගතයුතුය. (නි)
පෙරේරා Tuesday, 25 June 2013 11:35 AM
ලොරියේ රියදුරාගේ නොසැලකිල්ලත් එක හේතුවක් හැබයි ඊට වඩා නොසැලකිල්ල ඔය පාපුවරුවේ ගිය අයගෙයි.(නදී)
කමනි Tuesday, 25 June 2013 03:15 PM
ඇයි බැරි? දුම්රිය, බස්වල දොරවල් වසාගෙන යාම අනිවාර්ය කරන්න. සැරයක් දෙකක් දඩයක් කෑවම කට්ටිය අගේට හැදෙයි. පුළුවන් අය කලින් ඇවිත් වැඩට යයි. බැරි අය පහුවෙලා ඊළඟ කෝචිචියේ එයි. හැමදේටම වඩා මිනිස් ජීවිත වටිනවා. (නි)
වරුණ Tuesday, 25 June 2013 12:11 PM
අමුතුවෙන් හොයන්න දෙයක් නැනේ ?ලියා පදිංචි අංකයෙන් ආර් එම් වී එකෙන් ගන්න පුළුවන්නේ? අනික තමයි දුම්රිය මාර්ගය දෙපස ඉදිකර ඇති පැල්පත් ඒවත් දුම්රිය මගියන්ට මාරු කැදවන දේවල් පිට කොටුවේ පාරේ දෙපස කඩ අයින් කරා වගේ මේවත් ඉවත් කරන්න ආරක්ෂක ලේකම් තුමාට බාරදිය යුතුයි.(නදී)
ආනන්ද ආර් Tuesday, 25 June 2013 03:29 PM
පෙරේරා මහත්මයා ලොරි රියැදුරෙක්ද? දුම්රිය මගියෙක්ද? නැතිනම් ඒ දෙකම නැද්ද? (නි)
වරුණ Tuesday, 25 June 2013 12:13 PM
දොරවල් වහලා මිනිස්සු යන්නේ නීල් රනාගේ කරේද?ලංකාවේ ප්‍රවාහන සේවය හරි දියුනුනේ?රනලා වගේ කටින් බතල කොළ හිටවන ගොයියෝ ඉන්නකම් රටට දෙයියන්ගෙම පිහිට තමා (නි)
ලංකා Tuesday, 25 June 2013 12:21 PM
නුගේගොඩ කෝච්චි පාර දෙපැත්ත බලන්න. ගෙදරින් එලියට බැස්ස ගමන් අඩියයි කෝච්චියට (නි)
සරත් Tuesday, 25 June 2013 01:18 PM
මැරෙන්න ආස අය ඉඩ තිබුණත් දොරේ එල්ලිලා යනවා. සමහරු සෙනග වැඩි නිසා එහෙම යනවා. සමහරු කලින් ස්ටේෂමට ආවත් කෝච්චියට නගින්නේ නැතුව ඉදලා පස්සේ දොරේ එල්ලෙනවා. බලෙන් මරු වසගයට යැමක් මෙය. කෝච්චිවල දොරවල් වහන්න පුලුවන් නම් මෙහෙම දේ වෙන්නේ නැහැ. ඒත් ඉන්දියාවෙන් ගෙන්වන මිණිපෙට්ටි වගේ දුම්රියවල කවදාවත් දොරවල් වහන්න බැහැ. ඒ සදහා හොද දුම්රිය පෙට්ටි ගේන්න ඕනෑ. ඒ නිසා කවදාවත් දොරවල් වහන එක වෙන්නේ නැහැ. මැරෙන්න කැමති අයට හෙටත් කෝච්චියේ දොරේම යන්න පුලුවන් (නි)
සමන් Tuesday, 25 June 2013 01:30 PM
වැරැද්ද තියෙන්නේ ලොරියේ විතරක් නෙමේ. දුම්රියත් වැරදියි. මගීන්ගේ ආරක්ෂාව ගැන බලනවා නම් කොහොමද පාපුවරුවේ යන්න ඉඩදෙන්නේ. හැම දුම්රියකම දොරවල් වහන්න නීතියක් තියෙන්න එපායැ රටක් වුනහම. යන්නේ කොහෙද මල්ලේ පොල්. හැම පොදු ප්‍රවාහන සේවාවකම හොඳ වැඩ පිලිවෙලක් තියෙන්න ඕනෑ පොදු ජනතාවගේ ආරක්ෂාවට. (නි)