ශ්‍රී ලංකාවේ හා භාරතයේ බෞද්ධ පුනරුදයේ මහා නියමුවකු වූ අනගාරික ධර්මපාල තුමන්ගේ 150 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් අනගාරික ධර්මපාල භාරය විසින් සංවිධානය කැරුණු සාංඝික දානයක් කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ දී ඊයේ (17)  පැවැත්විණි.

එම භාරය ධර්මපාලතුමන් විසින් පිහිටුවන ලද්දේ එතුමන්ගේ ජාතික මෙහෙවර ඉදිරියට ගෙන යෑම සඳහා ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය පිහිටවීමට මූලික වූ විද්‍යෝදය පිරිවෙන බෞද්ධාගමික මධ්‍යස්ථානයක් ලෙස පිහිටුවීමට මුල් වූයේ ද ධර්මපාලතුමාය.

කොළඹ නිදහස් මන්දිරයේ මෙන්ම දිවයිනේ බොහෝ ස්ථානවල ධර්මපාල තුමන් අනුස්මරණය කිරීමේ පින්කම් පැවැත්විණි.

නිදහස් මන්දිරයේ උත්සවයට ත්‍රෛිනිකායික මහා සංඝරත්නය වැඩම කර සිටියහ. ප්‍රධාන ආරාධිතයා වූ මහින්ද රාජපක්ෂ ජනපති දම්පල් සමරුව මලින් සැරසීය.

IMG_8769

ඡායාරූප සුදත් සිල්වා

01 03 04

ෂෙල්ටන් හෙට්ටිආරච්චි(නුවරඑළිය)

B.jpgd D.jpgg

A.jpgd

තිලිණි රණසිංහ(නාරම්මල)

9_16_2014-8_23-PM_0001 9_16_2014-8_26-PM_0001 9_16_2014-9_48-PM_0001 9_16_2014-9_52-PM_0001 hhhhhhhhhhhhhh