( උපාලි රණවීර)
කොළඹ මහ නගර සිමාව තුළ දිනපතා එකතු වන කසළ බැහැර කිරිමට නම් කර ඇති දොම්පේ මාළිගාවත්ත ඒකාබද්ධ කසළ කළමණාකරණ මධ්‍යස්ථානය කුණු ගෙනයාමට බාධා නොකරන ලෙස තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍යය අමාත්‍යය ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග හා දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක යන මහත්වරුන් ඇතුළු දස දෙනෙකුට පුගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලි ලංකාපුර මෙනෙවිය අද (21) නොතීසි නිකුත් කළාය.
කිරිදිවැල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලයනල් සේනානායක මහතා අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළ අතර තවද මැයි මස වැනි දා ඔවුන් දස දෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු කළමනාකරණයට විරුද්ද වීම වරදකි. නමුත් මිනිසුන් ගැවසෙන ප්‍රදේශයකට කුණු දමන විට විරුද්ද නොවීම වරදකි.
අනේ අපේ පරිසර ඇමතිට කුණු ගොඩක් පාලනය කරගන්න බැරි නම් අනේ රටක් පාලනය කරන්නේ කොහොමද?
දුලිප් මහත්තයෝ,... දැන් මොකද කියන්නේ? තවදුරටත් ජනතාව සමගද?
දොම්පෙට යන පාර කොයිබදෝ චම්පික. මට කියා දෙන්නකෝ..