මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ හිටපු වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු ඝාතන නඩුවට පෙනී සිටීමට එහි සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (28) අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය.
කොළොන්නාවේ දිගටම රැඳී සිටිනවාදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කීවේ කොළොන්නාවේ වැඩ ටික දිගටම කරගෙන යන බවයි.
19 වැනි සංශෝධනයට සහයෝගයට දක්වන බවද එහිදී ඔහු කීවේය.
පැමිණිලි පාර්ශවය වෙනුවෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියද අධිකරණයට පැමිණියාය. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ ජනපති තමාට කොළොන්නාව ආසනය භාරදුන්නොත් එය භාර ගැනීමට කැමති බවයි.
ඡායාරූප හ වීඩියෝ - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද සිල්වා වැලිකඩ සිටිය යුතුයි (බ)
මරණ මතින් දේශපාලනය.(හේ)
ඔන්න ඔය පරණ කෝන්තර අත හැරලා රටේ දියුණුව ගැන හිතන්න.(හේ)