රජයෙන් ඉවත්වූ දුමින්ද දිසානායක හිටපු ඇමැතිගේ ආධාරකරුවකුවූ රාජාංගනය යාය 4 නිහාල් රත්නායක (40) නොහොත් බන්ටි නම් තිදරු පියා අභිරහස් ලෙස මරා ලුනු ඔයට දමා ඇතැයි තඹුත්තේගම පොලිසියට පැමිණිලි කර ඇත.

නුවර පොලිසියෙන් යැයි පවසා යතුරු පැදියකින් ආ දෙදෙනකුගේ පණිවිඩයක් අනුව ඔහු කුඹුරක් අසලට ගොස් ඇතැයිද කුඹුර අසල ඔයේ තිබී සිරුර අද සොයා ගත් බවද නෑදෑයෝ කියති.