මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගායේදී ඉකුත් 3 වැනි දින උපන් දින සාදයක් පැවැත් වු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා හේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තූෂාර උපුල්දෙණිය මහතා කියයි.
එවැනි සාදයක් පැවැත් වූ බවට කිසිදු තොරතුරක් හෙළි වී නැතැයි ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නෙමෙයිද ඔය. (නි)
සංජු, ඔබ සමඟ මමත් ඉන්නවා. ඒ වගේම වැරදි කරලා තමාව අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝග කරන ලෙස උසාවියෙන් ඉල්ලා සිටිනවිට එයත් ඉටුකර දෙන රටක් මේක. අනේ අම්මපා! (නි)
මේවාගේ ඇතුලේ හොඳ හොඳ සෙල්ලම් වෙනවා.(හේ)
ඕකට තමයි යහපාලනය කියන්නේ (හේ)
ඕවා එලියට නොඑන විදියට කටයුතු කලත් කොහෙන් හෝ පිට වෙනවා , අද බන්ධනාගාරය සල්ලි යහමින් තියෙන අයට එක විදියක් , දුප්පත් අයට එක විදියක් , හැම තැනම ඕක තමා සිදුවන්නේ (හේ)
හිරගෙවල් වල සිද්ධ වෙන දේවල් කොහොමද මෙයාට ආරංචි වෙන්නේ.(හේ)
බලමුකෝ වර්තාව ආපුවම.(හේ)
පාර්ලිමේන්තුව තුළ අද කතා කරන්නේ පිරිමින්ගේ ශරීර අවයවන් ගැන සහ හිරේ උපන්දින සාදයන් පවත්වපු එක ගැනද කොලොන්නාවේ ගන්වතුරින් අනාත වුණු අපි ගැන කථා කළේ කවදද?(හේ)
ඔක්කොටම පිස්සු.(හේ)
මරණ දඬුවමට ලක්ව ඇති අයෙක්නේ (නි)
සුරේක, එතකොට ෆොන්සේකා මහතා සිරගෙදරට යවද්දී තිබුනේ මොන පාලනයද? (නි)
හිරුණිකා නෝනට දැන් තියෙන්නේ හිරගෙට තමාත් ඇතුළුවී හිරගෙදර රාජකාරිය හරිහැටි කෙරෙනවාද කියා බලාකියාගෙන එතැනම පැළපදියම් වී ඉන්න එකයි. (නි)
කොළ නැති ගහට නගින්න කලින් කරපු, දුමින්දගේ අන්තිම බර්ත්ඩේ පාටිය ගැන මොකෝ මෙතරම් කලබල? (නි)
පොලිසිය ඉතින් මොනවද දන්නේ? (නි)
දේශපාලකයෝ හිරේ ගිය ගමන් ලෙඩවෙන බාල රටක් මේක. නීතිය පහතටම ගිය රටක්. ඕනෑ දෙයක් කරලා කියන්න පුළුවන් කෙරුවේ නැහැ කියලා. (නි)
හොරාගෙ අම්මාගෙන් පේන අහන කතාව මතක්වුණා (නි)
හිරුණිකා දුමින්ද සමග සාධාරණ තරහක් තිබෙනවා. නමුත් හිරුණිකා පාර්ලිමේන්තු ඇවිල්ලා කරන්නේ පුද්ගලික තරහ පිරිමහන එක විතරද. කිසිම විදිහකින් පළාතට මහජන සේවයක් කරන බව පෙනෙන්නේ නැහැ. පළාතේ මහ ගංවතුර ආවහමවත් සොයලා බැලුවේ නැහැ. ඒ නිසා ඔය මන්ත්‍රීකමයි පඩියයි අත්හැරලා පුද්ගලික දෙයට තමන්ගේ පුද්ගලික කාලයයි සල්ලියි යොදවනවා නම් හොඳයි. (නි)
කරුණාකර සීසීටීවී කැමරා සවිකරන්න (නි)
හිරුණිකා පාර්ලිමේන්තුවේදී කළ කතාව මම අගය කරනවා (නි)
අනේ අම්මපා මෙහෙමත් නාටක! (නි)