වර්තමානයේ කරළියට පැමිණ ඇති එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයකුගේ මෙගා ඩීල් සම්බන්ධයෙන් පසුගිය කැබිනට් රැස්වීමේදී කථාබහක් ඇතිවිය.
කොළඹ වරාය සම්බන්ධ ගැටලුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක කියා ඇත්තේ ‘කනවානම් එකතු වෙලා කමු. ඕගොල්ලෝ කන්නයි අපි මඩ කන්නයි බැහැ‘ යනුවෙනි.
ඔහු ව්‍යංගයෙන් කියා ඇත්තේ රජයේ ඇතැම් ඇමැතිවරුන්ගේ දූෂණ වංචා පිළිබඳව බව දේශපාලන ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ශ්‍රී ලංකාවේ සිදුවෙන දේවල් නිවැරදි මනසින් වටහා ගැනීමට මහජනයාට පුළුවන්කම ලැබේවා (ම)
පසුගිය රජයයි මේ රජයයි රඟපාන්නේ රයිගමයයි ගම්පොලයයි වගේනේ (නි)
නීතියක් නැති රටේ මොනවා කරන්න බැරිද? (නි)
මම හිතන්නේ අදහස් දක්වන්න පෙර ඇත්ත නැත්ත හරියට දැනගත යුතුයි.
විමලුත් ඔය ජේ වී පියේම කෙනෙක් නේද. එයා විපක්ෂයේ සිටියදී කිවුවේ ලෝක වෙළඳ පොළේ බඩුමිල වැඩිවෙනකොට වැඩිකරන්නත් අඩුවෙනකොට අඩුකරන්නත් ආණ්ඩුවක් අවශ්‍ය නැහැ කියා. නමුත් එයා ඇමතිකම් දරපු ආණ්ඩුවට ලෝක වෙළඳ පොළේ බඩුමිල අඩුවෙනකොට බඩුමිල අඩුකරන්න උවමනාවක් තිබුනේ නැහැ. එනිසා ඔය කව්රු ගැනත් වැඩිය විශ්වාසයක් තබන්න එපා. (නි)
හවුලේ කෑවත් මෙයාලගේ බොක්ක වෙනස් (නි)
බමුණු ,රටේ ජනතාවට මොළයක් තියෙන නිසා තමා ජේ වී පී යට ඡන්දෙ දෙන්නේ නැත්තේ. අපේ අවාසනාවට මහා පක්ෂ දෙකේම ඉන්නේ හොරු. 88/89 කාලේ පොහොර සංස්ථාවට ගිනිතියපු අයම අද කියනවා ගොවියාට ලැබෙන පොහොර සහනාධාරය මදී කියලා. මෙයාලා කරපු දේවල් දෙවෙනි වෙන්නේ කොටි ත්‍රස්තයන්ට පමණි (නි)
මේ රටට ආදරේ කරන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. ඔවුන්ගේ අතීත වැරදි ගැන කථා කර කර ඉන්නේ නැතිව කුහක නොවී ඔවුන්ට රට බාරදෙමු (බ)
කලින් පාර්ලිමේන්තුවේ ජේ වී පී 40ක් හිටියා මතකද? ඔවුන් මොකද කළේ. බොරු කියලා පැත්තකට වුණා. වැඩක් කරනවා නම් හොඳ බලයක් එදා තිබුනා. එයාලට පුළුවන් පැත්තකට වෙලා කයිවාරු ගහ ගහා ඉන්න විතරයි කියලා ඔප්පු වෙලා තියෙන්නේ. අන්තිමට රනිල් හරි කියලා නිකන් ඉන්නවා. (නි)
ජවිපෙ ගැන අමතක කරන්න එපා. 1971 සහ ඊටපස්සෙ කරපු වැඩ. අපට කැළෑ නීතිය දාලා තිබුන අය අද බැටඵ හම් පොරවාගෙන ඉන්නෙ. (නි)
මේ රටේ දුප්පත් ජනතාවගේ මුදල් මංකොල්ල කනවා කියන්නේ, ඒවාට සම්බන්ධ දේශපාලුවන්ට, ඔවුන්ගේ දරු පවුල් වලට පරම්පරා සිය ගානක් යනකම් විඳවන්න වෙන පවක් (නි)
පවු අනේ! එයාලා කන්නේ ඉතින් බඩගින්නට වෙන්න ඇති (නි)
ජයවේවා.(හේ)
ජේ වී පී හොඳයි කියා කියා ඔය දෙතුන් දෙනෙක් කිව්වට රටේ බහුතරය දන්නවා සහෝදරවරු අවුරුද්දක් දෙකකට ඉස්සෙල්ලා යහපාලනය ගැන කරපු වර්ණනා. එයාලගේත් වැඩ අර වැව් දාහේ වැඩෙන්ම හිතාගන්න පුළුවන්. රටට මෙච්චර කලක් මොකුත්ම නොකරපු කට්ටියක් තමයි ඔය. (නි)
අනේ ජේ වී පී සහෝදරවරු! අර ජේ ආර් ගේ ව්‍යවස්ථාවට ස්තූතිවෙන්න යන්තම් තුන් හතර දෙනෙක් පාර්ලිමේන්තුවට ගියාට වමේ පක්ෂත් එක්ක එකතුවෙන්නේ නැතුව යූ එන් පී යට මුක්කු ගහන්න ගිහින් නියමෙට ඇණ ගන්නවා අලුත් ඡන්ද ක්‍රමය යටතේ. (නි)
බමුණු, අපිට වැටහෙනවා වුණාට ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ මොකද කියලා, රටේ සහ පුරවැසි අපේ අවාසනාවට බහුතරයකට ඕක තේරෙන්නේ නැහැ. (නි)
බමුණු, ජේ වී පී තමයි මොවුන්ට ආවඩලා, වර්ජන කරලා, ඡන්දෙ දීලා මේ වින්නැහි වලට සම්මාදම් වුණේ. ඔවුන්ට දෙන්න ඕනෑ ඡන්දෙ නෙමෙයි ඉලපත් පාර. අපට මතකයි හොඳට එයාලා ඡන්ද වලට කලිනුයි පස්සෙයි කියපු කතා. (නි)
හවුලේ කෑවත් බෙදාගෙන කෑවත් කන්නේ එකම කෑම බව කන අය නොදනී. ඔබලාට අනාගෙන කන්නත් මේ වෙනකොට ජනතාව වරම් දී ඇත. වරද කන එකාගේද නැත්නම් වරම දෙන එකාගේද? රටේ අනාගතය යහපත් වන්නේ ජනතාව එය තේරුම්ගත් දිනයකය. (නි)
මේ වගේ අයගෙන් රටට හොඳක් වෙයි කියලා හිතන්න පුලුවන්ද? (නි)
දිල්කි, එහෙම නොවෙන්නට මීටත්වඩා ලොකු වින්නැහියක් වෙන්න තිබුනා. (නි)
ඕවට යන්නෙම කන්නම මිසක් වෙන මොන එහෙකටද? කනකොට පරිස්සමෙන්! අජීර්ණයට එන්න පුළුවන්. ඊළඟට රටම ගඳ ගහයි. (නි)
ජේවීපී අය වැඩියෙන් පාර්ලිමේන්තු යැව්වේ නැත්නම් අපේ රට විනාශයි වෙන විකල්පයක් කිසිසේත්ම නොමැත අතීතයේ වැරදි නොකළේ කවුද ජේවීපී වසර 20 වැඩියෙන් රටට මොනතරම් යහපත් දේ කරලා තියනවද මමනම් මේ පාර ඡන්දය දෙන්නේ ජවිපෙටයි (බ)
බමුණු, ඔබගේ අදහස තේරුම් ගන්න මොළයක් කියලා දෙයක් තිබෙන මිනිස්සු ලංකාවේ හිටියා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ. (නි)
හැබැයි එක දෙයක්. මහජන මුදල් කනවා කියන්නේ සහගහන අපරාධයක්. (නි)
මෙයාලා කවුරු කවුරුත් ගැන අපි හොඳටම දන්නවා. ඉතින් තවත් කුමට කතාද? (නි)
මුන්ට මඩ කවන්න නම් ජේ වී පි යට ලබන සැරේ ඡන්දය දෙමු (බ)
සමහරුන්ට ජවිපෙ ගැන කතාකරනකොට ගැරඬියාට ලම්පුතෙල් ගෑවුණා වගේ නේද? එත් ජවිපෙ විතරයි දැන් අපිට තියෙන එකම මඟ (නි)