IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘දුමින්ද සිල්වාට මරණ තර්ජන‘‘

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පරික්ෂා කර  එම් ආර් අයි ස්කෑන්  පරික්ෂණයක් පවත්වා  සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීමට  කල් දෙන්නැයි කොළඹ අධිකරණ වෙද්‍ය නිලධරයා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සදුන් විතානගේ මහතාගෙන් ඉල්ලා සිටියේය.

 දුමින්ද සිල්වා උසාවියට කැදවනවාද නෙඑසේනම් ඔහු නැතිව නඩුව විභාග කරනවාද යන්න පිළිබඳ තීරණය අධිකරණ වෙද්‍ය නිලධරයාගේ වාර්තාව  ලැබුණු පසු ප්‍රකාශ කරන බව මහෙස්ත්‍රාත්වරයා පැවසීය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමිල සෙනෙවිරත්න සිහි පත් කළේ උසාවිය පෙර දිනයේ දුමින්ද සිල්වාගේ වාර්තාවක් කැදවිමට නියෝග කළ බවයි.

අධිකරණ වෛද්‍ය නිලධරයාගේ වාර්තාව ලැබී ඇත්දැයි ඔහු විමසිය.

දුමින්ද සිල්වා නොමැතිව නඩුව විභාග කරන ලෙසත් ඊට දුමින්ද සිල්වා තමාට අනුමැතිය දී ඇති බවත් ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරීය මහතා කීවේය

දුමින්ද සිල්වාගේ ජීවීතයට රජයෙන් හා ඔහුගේ සතුරන්ගෙන් කරදර ඇතැයි ඔහු කිවේය. ඔහුගේ තුවාල වලට විස විෂ බීජ ඇතළු කිරිමෙන් ඔහු ජිවිතයට හානි කළ හැකියැයි ඔහු උසාවි ගෙන ඒමෙන් ඔහුගේ තත්වය නරක අතට හැරිමට ඉඩ ඇතැයි ද ඔහු කීවේය.

රහස් පොලීසිය  අතිරේක සාක්කි ලැයිස්තුවක් ද ඉදිරිපත් කළේය. වැඩිදුර විභාගය මැයි අට වැනිදාට කල් තැබිය.

 

 

 

 

 



අදහස් (0)

‘‘දුමින්ද සිල්වාට මරණ තර්ජන‘‘

ඉෂාර Friday, 29 March 2013 12:59 PM

ඔය සේරම බොරු.(නදී)

:       0       0

සුපුන් Friday, 29 March 2013 01:41 PM

තුවාලයක් හොද වෙන්න අවුරුදු ගණන් යනවා මේ ඇහුවමයි. දුමින්දට සීනි වැඩිවෙලාවද්ද? (නි)

:       0       0

තිලක් Saturday, 30 March 2013 05:41 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

සපරමාදු Friday, 29 March 2013 05:26 AM

ඉස්සැල්ලම නීතියේ ගෞරවය කෙලෙසන විදියට බොරු ඇදබාන මෙයාගේ නීතිඥයට නඩු දාන්න. (නදී)

:       0       0

අලහප්පෙරුම Friday, 29 March 2013 02:11 PM

ගජිනි වෙන්න යනවද කොහෙද?(නදී)

:       0       0

බණ්ඩා Saturday, 30 March 2013 05:42 PM

ඇයි මෙයාට අධිකරණයෙන් අවවාද කරන්නෙ නැත්තේ? (නි)

:       0       0

හේරත් Saturday, 30 March 2013 05:37 PM

උපරිම ආරක්ෂාව දෙන්න (දී)

:       0       0

හේරත් Saturday, 30 March 2013 05:44 PM

මේවා ලංකාවේ මිනිස්සු පිළිගනීවිද? (නි)

:       0       0

ගිමාල් Friday, 29 March 2013 02:35 PM

මෙහෙමත් දේවල්? (නි)

:       0       0

අමිල Friday, 29 March 2013 08:08 AM

ගීතා, වරදක් කළත් හිතකින් නොවේ.(නදී)

:       0       0

වරුණ Friday, 29 March 2013 08:12 AM

අනේ මන්දා හිතාගන්නවක් බැහැ.(නදී)

:       0       0

හේරත් Friday, 29 March 2013 08:34 AM

අනේ ඉතින් මේත් මනුස්ස ජීවිතයක්නේ නේද? (නි)

:       0       0

හේමන්ත Friday, 29 March 2013 08:41 AM

සම්මුති මුලාවෙන් මිදී පරමාර්ථ සත්‍ය අනුව බලන විට දුමින්ද මහතා වරදක් කර ඇතත් නැතත් ජීවිතය අවදානමකින් තොරව පවත්වාගෙන යාමේ අයිතියක් ඔහුට ඇත. අංගුලිමාල අමතක කරන්න එපා. (නි)

:       0       0

දිල්රුයින්ස් Thursday, 28 March 2013 07:19 PM

ඔච්චර තටමන්නෙ මොකක් හරි කොස්සක් තියෙන නිසානෙ.(නදී)

:       0       0

ගීතා Thursday, 28 March 2013 07:50 PM

වරදක් කලානම් විදවන්න ඕන.!(නු)

:       0       0

පෙරුමාල් Thursday, 28 March 2013 08:07 PM

මේවා කැමරා ප්‍රයෝගයන්ද?(නු)

:       0       0

චතුර Friday, 29 March 2013 10:10 AM

ඒ රටේම තියාගෙන හිටියානම් ඉවරයි(දී)

:       0       0

දිසා Friday, 29 March 2013 10:10 AM

මේ පුද්ගලයාට හොද ආරක්ශාවක් අවශ්‍යයි (දී)

:       0       0

ලාල්-ජකර්තා Friday, 29 March 2013 10:18 AM

ඔය බොරු.

:       0       0

ලලිත්-එස්.එල් Thursday, 28 March 2013 09:52 PM

ඕක තමයි හොදම ක්‍රමය හැමදෙයකින්ම ගැලවෙන්න.(නදී)

:       0       0

තාරක Thursday, 28 March 2013 10:44 PM

මෙච්චරද මෙයාගේ ෆොටෝ තියෙන්නේ? (නි)

:       0       0

භාග්‍යා Friday, 29 March 2013 11:25 AM

කර්මය තමන් පසුපස පන්නනවා කියන්නේ මේකට තමයි. (නි)

:       0       0

සදරුවන් Thursday, 28 March 2013 10:47 PM

අවිගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)

:       0       0

වීරසිංහ Friday, 29 March 2013 11:42 AM

අධිකරණයටවත් යවන්න එපා, ඇතුලෙම තියාගෙන ඉන්න (දී)

:       0       0

ප්‍රනාන්දු Thursday, 28 March 2013 11:14 PM

සාමාන්‍ය කෙනෙකුටත් ඔහොමම කරයිද? (නි)

:       0       0

තිසල් Thursday, 28 March 2013 11:43 PM

හිගන්නගේ තුවාලය හිගන්නට සම්පතක් කියලා පැරණි කියමනක් තියෙනවා. හිගන්නා තුවාලය පෙන්නලා සල්ලි හොයන නිසා ඒක හොද වෙන්න දෙන්නේ නැතිලු. තුවාලය දුමින්දට සම්පතක් කියලා වෙනස් කරන්න කාලය ඇවිත්.(නදී)

:       0       0

මධු Thursday, 28 March 2013 11:48 PM

නීතියෙන් ගැළවුණද ඔබ වැරදිකරුවෙක් නම් ස්වභාව ධර්මයෙන් ගැළවිය නොහැක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site