භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පරික්ෂා කර එම් ආර් අයි ස්කෑන් පරික්ෂණයක් පවත්වා සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීමට කල් දෙන්නැයි කොළඹ අධිකරණ වෙද්‍ය නිලධරයා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සදුන් විතානගේ මහතාගෙන් ඉල්ලා සිටියේය.
දුමින්ද සිල්වා උසාවියට කැදවනවාද නෙඑසේනම් ඔහු නැතිව නඩුව විභාග කරනවාද යන්න පිළිබඳ තීරණය අධිකරණ වෙද්‍ය නිලධරයාගේ වාර්තාව ලැබුණු පසු ප්‍රකාශ කරන බව මහෙස්ත්‍රාත්වරයා පැවසීය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමිල සෙනෙවිරත්න සිහි පත් කළේ උසාවිය පෙර දිනයේ දුමින්ද සිල්වාගේ වාර්තාවක් කැදවිමට නියෝග කළ බවයි.
අධිකරණ වෛද්‍ය නිලධරයාගේ වාර්තාව ලැබී ඇත්දැයි ඔහු විමසිය.
දුමින්ද සිල්වා නොමැතිව නඩුව විභාග කරන ලෙසත් ඊට දුමින්ද සිල්වා තමාට අනුමැතිය දී ඇති බවත් ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරීය මහතා කීවේය
දුමින්ද සිල්වාගේ ජීවීතයට රජයෙන් හා ඔහුගේ සතුරන්ගෙන් කරදර ඇතැයි ඔහු කිවේය. ඔහුගේ තුවාල වලට විස විෂ බීජ ඇතළු කිරිමෙන් ඔහු ජිවිතයට හානි කළ හැකියැයි ඔහු උසාවි ගෙන ඒමෙන් ඔහුගේ තත්වය නරක අතට හැරිමට ඉඩ ඇතැයි ද ඔහු කීවේය.
රහස් පොලීසිය අතිරේක සාක්කි ලැයිස්තුවක් ද ඉදිරිපත් කළේය. වැඩිදුර විභාගය මැයි අට වැනිදාට කල් තැබිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සේරම බොරු.(නදී)
තුවාලයක් හොද වෙන්න අවුරුදු ගණන් යනවා මේ ඇහුවමයි. දුමින්දට සීනි වැඩිවෙලාවද්ද? (නි)
අයියෝ සල්ලි (දී)
ඉස්සැල්ලම නීතියේ ගෞරවය කෙලෙසන විදියට බොරු ඇදබාන මෙයාගේ නීතිඥයට නඩු දාන්න. (නදී)
ගජිනි වෙන්න යනවද කොහෙද?(නදී)
ඇයි මෙයාට අධිකරණයෙන් අවවාද කරන්නෙ නැත්තේ? (නි)
උපරිම ආරක්ෂාව දෙන්න (දී)
මේවා ලංකාවේ මිනිස්සු පිළිගනීවිද? (නි)
මෙහෙමත් දේවල්? (නි)
ගීතා, වරදක් කළත් හිතකින් නොවේ.(නදී)
අනේ මන්දා හිතාගන්නවක් බැහැ.(නදී)
අනේ ඉතින් මේත් මනුස්ස ජීවිතයක්නේ නේද? (නි)
සම්මුති මුලාවෙන් මිදී පරමාර්ථ සත්‍ය අනුව බලන විට දුමින්ද මහතා වරදක් කර ඇතත් නැතත් ජීවිතය අවදානමකින් තොරව පවත්වාගෙන යාමේ අයිතියක් ඔහුට ඇත. අංගුලිමාල අමතක කරන්න එපා. (නි)
ඔච්චර තටමන්නෙ මොකක් හරි කොස්සක් තියෙන නිසානෙ.(නදී)
වරදක් කලානම් විදවන්න ඕන.!(නු)
මේවා කැමරා ප්‍රයෝගයන්ද?(නු)
ඒ රටේම තියාගෙන හිටියානම් ඉවරයි(දී)
මේ පුද්ගලයාට හොද ආරක්ශාවක් අවශ්‍යයි (දී)
ඔය බොරු.
ඕක තමයි හොදම ක්‍රමය හැමදෙයකින්ම ගැලවෙන්න.(නදී)
මෙච්චරද මෙයාගේ ෆොටෝ තියෙන්නේ? (නි)
කර්මය තමන් පසුපස පන්නනවා කියන්නේ මේකට තමයි. (නි)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
අධිකරණයටවත් යවන්න එපා, ඇතුලෙම තියාගෙන ඉන්න (දී)
සාමාන්‍ය කෙනෙකුටත් ඔහොමම කරයිද? (නි)
හිගන්නගේ තුවාලය හිගන්නට සම්පතක් කියලා පැරණි කියමනක් තියෙනවා. හිගන්නා තුවාලය පෙන්නලා සල්ලි හොයන නිසා ඒක හොද වෙන්න දෙන්නේ නැතිලු. තුවාලය දුමින්දට සම්පතක් කියලා වෙනස් කරන්න කාලය ඇවිත්.(නදී)
නීතියෙන් ගැළවුණද ඔබ වැරදිකරුවෙක් නම් ස්වභාව ධර්මයෙන් ගැළවිය නොහැක. (නි)