මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ හිටපු උපදේශකයකුවූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කළැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහිව නීතිපති අද (3) කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.
චෝදනා 17 කි. භාරතගේ සගයකු වෙඩි තබා මැරීමට තැත් කිරීමේ චෝදනාවක්ද ඒ අතර වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් දින 100 ට ඇතුළත්ද? (නි)
අපි අදත් කවදත් රාජපක්ෂ මැතිතුමාට. නමුත් මේ නඩුව ඇසිය යුතුයි. නඩුව යටගහන්න නම් එපා. (නි)
අන්තිමට, තමන්ගේ ආරක්ෂාව තමන්ම සළසාගත්තා කියලා කියයිද දන්නෙ නැහැ (නි)
රටේ නායකයා කවුරු වුණත්, දුමින්ද සිල්වා ඇතුළු සියල්ලටම දඬුවම් දෙන්න ඕනෑ. නඩුව කල්යනවා නම් රිමාන්ඩ් එකේ හරි තියන්න ඕනෑ. (නි)
දුමින්ද බොහෝ දේශපාලකයන්ට මුදල් කෝටි ගණන් දීල තියෙන නිසා මේ නඩු වලින් ඔහු නිවැරදි වේවි (නදී)
දින 100 න් මොකවත්ම වෙන්නේ නැහැ. ඕකත් කහ කුඩු කොත්තමල්ලි වගේ තමා. හිරුනිකා ඇතුළු මහජනතාව අන්දනවා. (නදී)
රිමන්ඩ් කරන්න ස්පිරිතාලේ ඉඩ නැතුව ඇති (නදී)
ඇත්තටම නඩුදාලා, ඔප්පුකරලා දඬුවම් දෙන්න පුලුවන් නම් හොඳයි. නඩුවෙන් නිදහස් වුණොත් තවත් පිම්බෙන එකයි වෙන්නේ. (නි)
අපට නම් රාජපක්ෂව එපා වුනේ මේවගේ එවුන් කරේ තියාගෙන හිටපු නිසයි.මේවගේ අයව බේරගන්න යන දේශපාලුවන්ට වෙන්නෙත් රාජපක්ෂට වෙච්ච දේ බව සිහි තබාගන්න. (බ)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ඔය නඩුව අවසන් වෙන්න වසර 10 වත් ගතවෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
එතකොට වෙළේ සුදා සම්බන්ධ නඩු වෙනමද අසන්නේ? (නි)
දුමින්දට අවුරුදු 70 ක් විතර වයස යනතුරු නඩුව ඇදිලා ඊටපස්සේ තීන්දුව ලැබෙයිද දන්නෙ නැහැ (නි)
අපේ ගමේ මිනීමැරුම් නඩුවක් උසාවියේ විභාගයට ගත්තා මට මතකයි. එදා සිට නඩුව අවසන්වනතුරු විත්තිකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබුවා. අපි බලමුකෝ ඉදිරියට මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)
පසුගිය ආණ්ඩුව මේක පුළුවන් තරම් යටගැහුවා. මේවා යටගහන්න උදවු කළ අයට නැවත බලයට එන්න දෙන්න එපා. (නි)