ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවකු බව කියන වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර සමග මුදල් ගනුදෙනු කළ බවට චෝදනා එල්ලවී ඇති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.
දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට රටින් පිටවීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අවසර ලබාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකත් මට මතක නෑ බන්. උඹ බබා.. (බ)
අනේ පවු! අසරණ මිනිස්සු මේ කුඩු හින්දා මුළු ජීවිතයම නාස්ති කරගන්නවා. (නි)
මේ වගේ අය තමයි අපේ රටේ දේශපාලනය කරන්නේ. (නි)
ලෝක ධර්මතා අණුව වැරදි කරන අය පසුපස දඬුවම් ද නිසැකවම පැමිණෙනු අැත. ඒන දන්ඩන ලොකු කුඩා; නිලතල නොසයති .කවුරුන් විසින් හො කරන හොඳනරක සාධාරන ලෙස ලැබෙනු අැත.කෙනෙක් අපරාදයක් කළාම ඔහුට හෝ අැට නිතියෙන් සමාව ලැබුවත්,තමාගේ හර්දෂාක්ශියේ සමාවක් නැත.ඔවුන් සැමදාම විඳවවිඳවා මරණය වෙත ලඟාවෙයි. (අ)
බන්දුල පෙරේරාට නම් දුක ඇති. (නි)
වෙළේ සුදා සමාජ සේවකයෙක්. කවදාවත් හොරකම් කර නැතිලු. අපේ සමහර ඇමතිවරු එහෙමද? හොරකම් කරලා ,ගෙවල් 4-5ක් තියාගෙන ,කුඩු ව්‍යාපාරය තුළින් සල්ලි හොයලා, දුප්පතුන්ට ගෙවල්, ආධාර, ණය,උපකරණ ,ඡන්ද ව්‍යාපාර වලට මුදල් හරි හරියට විසිකරලා..... තව කොච්චර දේවල්ද? ඒ නිසා සුදාට හොයලා බලලා, පොදුසමාවක් දෙමු. පුනරුත්ථාපනය කරමු. වත්කම් රජයට ගනිමු. මොනවා වුණත් තරුණ කොල්ලෙක්නේ! (නි)
ඒක නම් ගොඩක් හොඳ දෙයක් (නි)
මතක නැහැ කියන්න කලින් හංගපු කුඩු බලන්න එක්කගෙන යන්න (නි)
පුදුමය කියන්නේ මෙච්චර මහා විනාශයක් කරපු කෙනෙක් අත්අඩංගුවට ගන්නේ නැති එකනේ..ගමේ කොලු ගැටයෙක් ඕව කරලනම් සොරි තමයි ..(බ)
කල කල දේ පල පල දේ (නදී)
සරත් පියසේන හොඳ අදහසක්. (නදී)
අතීතය අමතක නිසා පොලිසියට ප්‍රශ්න කිරීම් වලදී ගැටළු මතු වෙන්නත් පුළුවන්. .ඒ මොනවා උනත් රටේ පොදු යහපත සලකලා විදිමත් සාධාරණ පරීක්ෂණයක් කරලා වැරදි කරුවන්ට නිසි දඩුවම් පමුණුවන තුරු මහ ජනතාව දෑස් දල්වා බලා ඉන්නවා. පරීක්ෂණ ආරම්භය වගේම අවසානයත් පැහැදිලි වෙයි කියලත් අපේක්ෂා කරනවා. (නදී)
සියලුම වාර්තා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුලින් වරක් නොව කිහිප වරක් විකාශය හෝ වාර්තා කරන්නේ නම් මේ හා සම්බන්ධ වැරදිකරුවන්ට නිසි දඬුවම් හැකි ඉක්මනින් ලබා දෙන්නේ නම් ඉතාමත් අගය කොට සලකමි. (නදී)
අම්මෝ! මට නම් මොකුත් මතක නැහැ (නි)