බන්ධනාගාර රෝහලට ගොස් එහි රඳවාගෙන සිටින භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රී ඇතුළු සිව් දෙනකු ඝාතනය කැර මරණීය දඬුවම් නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හමුවූ බව කියන කොළඹ දිසා විනිසුරු අයේෂා ආබ්දීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ සේවා කොමිසමෙන් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇත.
මෙම සිද්ධියට අදාළව පුවත්පත් ඇතුළු මාධ්‍යවල පසුගිය දිනවල විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර එම සිද්ධි සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ සභාපති අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඇතුළු විනිසුරුවරු සාකච්ඡා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරාදිය සමබර වෙලා නැහැ වගේ මම හිතන්නේ. අර තව එක්කෙනෙක් විශ්‍රාම අරන් එක පළාතක පිස්සු නටන්නේ ඕකනේ. (නි)
එයා ගෙදර යනවා වගේ හිර ගෙදරට ගියේ මොකටද? හිටපු ඇමතිකෙනෙක් හෝ පහුගිය රජයේ ප්‍රභූ කියාගන්නා කෙනෙකුගේවත් දුක සැප බලන්න ගියා නම්, ඒක එතරම්ම වැරැද්දක් නොවෙයි කියන්නත් තිබ්බා. පෝරකේ දිහා විරිත්තාගෙන ඉන්න "මිනීමරුවෙකු" හැටියට අධිකරණයෙන් මරණ සහතිකය ලියා දීපු අපරාධකාරයෙක් බලන්න ගියේ ඇයි? (නි)
යහපාලනයේ යහපත් ක්‍රියාවක්. මෙහෙමවත් වෙනවානම් අපට සැනසීමක් දුන් ඡන්දය වෙනුවෙන් (නි)
ඉතාමත් හොඳ තීරණයක්. නීතියේ ආධිපත්‍ය රැකීමටත්, ජනතාව නීතිය කෙරෙහි තබන විශ්වාසය තහවුරු කිරීමේ තීන්දුවක්. (නි)
බන්ධනාගාර කොමසාරිස්තුමා දැන් මොකද කියන්නේ? (නි)
උසාවියවත් හරියාකාරව නීතිගරුක තැනක් වියයුතුයි, විහිලුවට පත්වෙන්නේ නැතුව (නි)
අපි නම් මේ නීතිවිරෝධී හමුවීමේ පුවත දුටුවේ වෙබ් අඩවියකින් තමයි මුලින්ම (නි)
මේක මුලින්ම එළිකළේ කවුද කියලත් මේ වෙලේ මතක්කරන්න ඕනෑ. ඔවුන්ට ස්තූතියි (නි)
මේ සිද්ධිය පිටුපස ඉන්න අයත් නිවාඩු යැව්වා නම් හරි. (නි)
මෙන්න මේක තමා අපි බලපොරොත්තු වුණ යහපාලනය. (නි)
මේක පහුගිය ආණ්ඩු කාලේ වුණා නම්, මේක හෙළිකළ මාධ්‍යවේදීන්ගේ තමයි වැඩ තහනම් වෙන්නේ (නි)
යහපාලනයට ජයවේවා! (නි)
මේ වගේ තව අය ඉන්නවා මුහුණු පොත් වල දඟර නැටුම් දමන. ඒ අය ගැනත් හෙව්වොත් තමයි හොඳ (නි)
අන්න වෙනස. (බ)
දැන දැනනේ අමාරුවේ වැටිලා තියෙන්නේ.(හේ)
මාධ්‍ය නැත්නම් මේකත් මෙලහට යටගිහිල්ලා (නි)
නියඟයකින් පීඩා විඳි ජනතාවකට "මල් වැස්සක්" ම තමයි වැහැලා තියෙන්නේ. ඇතැම් කටකාරයින්ට ඕවා පොද වැහි වගේ පෙනුනට මේක අධිකරණ ක්ෂේත්රයේ "මුරුගසන්" වැස්සක් වෙන්නත් බැරි නැහැ. (නි)
මම පුංචි සන්දියේ අහලා තිබුනේ විනිශ්චකාරතුමෙකුට ප්‍රසිද්ධ වාහනයකවත් යාම තහනම් කියලා. නමුත් දැන් ගරුත්වය ගැන කිසිම තැකීමක් නැහැ (නි)
යහම්පත් නලින්, විනිසුරුවන් ගෙදර යැවීම යහපාලනයෙන් කරන දෙයක් නොවෙයි. අධිකරණ පද්ධතිය කඩාවැටුනා නම් එය සිදුවුණේ 1977 විනිසුරුවන්ට ගල්ගපු දවසේ සිට. ඒගොල්ලෝම කඩාවට්ටපු අධිකරණය නැවත ඒගොල්ලෝම ස්ථාපිත කළයුතුයි. යහපාලනයෙන් අපි බලපොරොත්තු වන්නේ මහජනයාට බදු බර පටවා ඒගොල්ලන්ගේ වැටුප් තවත් වැඩි කරගැනීම නොවෙයි. අපිට මේ ආණ්ඩුව දැනටම එපාවෙලා. (නි)
අනිවාර්ය නිවාඩු යැව්වේ පඩිත් එක්කද? (නි)
මෙන්න මේක තමා අපි බලපොරොත්තු වුණේ (ම)
යන්තම් ඇති හොද එක තීන්දුවක් ගත්තා. මේ වගේ ඉක්මන් තීන්දු දෙන්න.(ම)
නොදැක ඉන්න බැරිතරම් අමාරුවක් තිබිලානේ නිසාචර වෙලාවේ ගොහින් හමුවුණේ (ම)
යහ පාලනයට ජය වේවා....ඉතාමත් හොද තීරණයක්.(ම)
විධිමත්ව ක්‍රියාත්මක කරපු, කළ යුතු, නිවැරදි විනයානුකුල තීරණයක්. අර බස්නාහිර පළාත් සභාවේ නිකරුනේ නිලධාරීන්ගේ වැඩ තහනම් කරවපු ගම්න්පිලලට එයාගේ ලියන්නට මේවා විශේෂයෙන් දැන ගන්න සලස්වුව නම් තමා හොඳ.(බ)
විනිසුරන් ඇතුළු ඕනෑම පුද්ගලයකුගේ අපචාර එළිකිරීම මාධ්‍ය කලාවේ යුතුකමක් (ම)
දැන් මොකක්ද දන්නෙ නැහැ ඇමති කියන්නෙ, මේවාගෙ දේවල් වාර්තා වෙනකොට විනිසුරුවරුන්ට අපහාස වෙනව කියලනෙ එයා කිව්වෙ. (බ)
මාධ්‍ය මඟින් මේවා හෙළිකීරීම විනිසුරුවරුන්ට කරන අපහාසයක්ද? දැන් මොකද කියන්න තියෙන්නේ (නි)
වැටත් නියරත් ගොයම් කා නම්... (නි)
අධිකරණ ඇමතිතුමා දැන් මොකද මේ ගැන කියන්නේ (නි)