දිමන්ක වෙල්ලාලගේ යනු තාරුණ්‍යයේ හදවත් තුළ රැඳුණු ගායකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන් ගායකයෙකි. නිදුකින් ඉනුමැන ගීතය ඔස්සේ සිය රසික හිත්වල ඉඩක් වෙන්කර ගත් ඔහු, ඔහුගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව අප සමග මෙසේ පැවසීය.
"මේ දවස්වල ඉතිං සංගීත ප්‍රසංග වැඩකටයුතුත් එක්ක තමයි කාලය ගෙවෙන්නේ. ඒත් එක්කම මගේ "නිදුකින් ඉනුමැන", "අවසාන ප්‍රේමයයි", ඊට පස්සේ "පාර කියන තාරුකාවි" හා "මා නිසා" කියන ගීත ගොඩක් ජනප්‍රිය වුණා. "මේ හිත ළඟ" කියන ගීතයත් රසිකයන් ගොඩක් ආදරයෙන් වැලඳ ගත්තා. මගේ අලුත්ම ගීතය තමයි "වරදක් කියන්නේ නැහැ" කියන ගීතය එළිදක්වලා තියෙනවා. ඒකේ වීඩියෝවත් එක්ක තමයි එළිදැක්වූවේ. ඒ සඳහා හොඳ ප්‍රතිචාර හිමිවෙනවා. ඒ විදිහට තමයි වැඩකටයුතු සිද්ධ වෙන්නේ. %වරදක් කියන්නේ නැහැ^ රසිකයන් අතරට යන්න ඕන නිසා මම ටික කාලයක් යනකන් ගීතයක් කරන්නේ නැහැ. කොහොමත්, අප්‍රේල් මැයි පහුවෙලා අලුත් හොඳ ගීතයක් සහ වෙනස් ගීතයක් නිර්මාණය කරන්න ඉන්නේ. "නිදුකින් ඉනු මැන" සහ "අවසාන ප්‍රේමයයි මාගේ" කියන ගීතයන් දෙකම ඒ කාලේ ට්‍රෙන්ඩ් එක වෙනස් කරපු ගීතයන් දෙකක කියලා කියන්න පුළුවන්. ඉදිරියේදී කරන්න සැලැසුම් කරන ගීතයක් කාලයට වෙනස්ම දෙයක් වෙන ගීතයක් ලෙස කියන්න පුළුවන්"
ඩිලාන් ක්‍රිෂාන්ත
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිමන්කගෙන් වෙනස් ගීතයක්