(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තා අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම මගින් උපයා ගත් සුඛෝපභෝගී නිවාස දෙකකට තහනම් නියෝග ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

මෙම නිවාස දෙකම දෙමටගොඩ රුවන් නැමැත්තා ඔහුගේ අනියම් බිරිඳගේ නමට රුපියල් තුන් කෝටි 46 ලක්ෂයකට අධික මුදල්වලින්  මිලදී ගෙන තිබූ බව පොලිසිය කියයි.

සිදුකළ මූලික විමර්ශනයේදී එම නිවස මිලදී ගැනීම සහ යොදවන ලද මුදල ගැනුම්කාර ගේ අනියම් සැමියා වන දෙමටගොඩ රුවන් නැමැත්තා විසින් අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයා ගත් මුදල් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.