අයවැය යෝජනා මගින් දුම්කොළ සමාගමෙන් දුම්පානයට එරෙහි ප්‍රචාරක වැඩපිළිවෙලක් සදහා රුපියල් කෝටි 50ක් ජනාධිපති අරමුදලට ප්‍රදානය කිරීම සාදාචාර විරෝධී බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2003 වසරේ අත්සන් කළ   ප්‍රඥප්තියට අනුව දුම්කොල සමාගමක් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සදහා ගනුදෙනු කිරීම සහ දුම්කොල සමාගමක් ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාගැනීම උචිත නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම ප්‍රඥප්තියට රටවල් 182 ක් අත්සන් කර ඇති අතර  ආසියා කලාපයෙන් ප්‍රඥප්තියට අත්සන් කළ පළමු රට ශ්‍රී ලංකාවයි.