ආවරණය කර ඇති පොදු ස්ථානවල දුම්පානය කිරීම සඳහා දැඩි දඬුවම් නියම කෙරෙන දුම්කොළ විරෝධී පණත් කෙටුම්පතට පසුගියදා උපදේශන කවුන්සලයේ අනුමැතිය හිමිවිය. දුම්කොළ අඩංගු නිෂ්පාදන ආනයනය සහ පාවිච්චිය වැළැක් වීමට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මෙන්ම ඉලෙක්ට්‍රොනික් දුම්වැටි, “ස්වෙයිකා” සහ සැපීමට ගන්නා දුම්කොළද නව නීතියෙන් තහනම් කර තිබේ. නව නීතිය සම්බන්ධයෙන් නීති සහ ව්‍යවස්ථාදායක කටයුතු කමිටුව විසින් පිළියෙළ කරන ලද වාර්තාව පසුගියදා පැවැති රැස්වීමේදී කවුන්සලය විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිය නිර්දේශ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ඉහත නීති කෙටුම්පත හරහා ආවරණිත පොදු ස්ථානවල දුම්පානය තහනම් කොට ඇති අතර එවැනි ස්ථානවල දුම්කොළ අඩංගු නිෂ්පාදන පාවිච්චි කළහොත් කටාර් රියාල් 3,000 නොඉක්මවන දඩයක් නියම කර තිබේ.එවැනි ස්ථානවල අන් අයට දුම්පානය කිරීමට ඉඩදීමද ඉහත දඩයම නියම වන දඬුවම් ලැබිය හැකි වරදකි. මෙම නීතිය උල්ලංඝනය කළහොත් දුම්කොළ හෝ දුම්කොළ අඩංගු නිෂ්පාදන ඒවායේ ප්‍රමාණය ගැන නොසළකා රාජසන්තක කිරීම, විනාශ කිරීම හෝ ප්‍රති අපනයන කිරීමට නියෝග කිරීමට අධිකරණයට බලය ඇත.
එසේම නීතිය උල්ලංඝනය කරන ආයතන මාස 3 නොඉක්මවන කාලයකට වසා දැමීමේ නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට හැකි අතර එම තීරණය එම වෙළෙඳසැලේ වියදමින් දිනපතා පුවත්පත් දෙකක් හරහා ප්‍රසිද්ධ කළ යුතුය. දුම්කොළ නිෂ්පාද සඳහා අයකරන තීරු බදුවලින් සියයට 5 ක් සෞඛ්‍ය දැනුම්වත් කිරීමේ වැඩසටහන් සඳහා වෙන්කිරීමට නියමිතය. දුම්වැටි සහ දුම්කොළ අඩංගු නිෂ්පාදන නියමිත අවශ්‍යතාවලට අනුකූලදැයි පරීක්ෂාවට ලක්කිරීම සඳහා එම තොග වරායට ලැබීමට සතියකට පෙර ආනයනකරු විසින් ඒ පිළිබඳ සියලු විස්තර සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කළ යුතුය.
සැපීමට ගන්නා දුම්කොළ සහ ඉලෙක්ට්‍රොනික් දුම්වැටි ආනයනය, විකිණීම, ප්‍රවර්ධනය සහ අළෙවියදනව නීති කෙටුම්පතෙන් තහනම් කර ඇත. එසේම වයස අවුරුදු 18 න් පහළ අයට දුම්වැටි සහ දුම්කොළ අඩංගු නිෂ්පාදන අළෙවියද ඉන් තහනම් කර තිබේ. නව නීතියට අනුව දුම්වැටි හෝ දුම්කොළ අඩංගු නිෂ්පාදන ප්‍රවර්ධනය කරන වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීමද තහනම්ය. එසේම පාසල් සහ වෙනත් අධ්‍යාපනික සහ පුහුණු ආයතනවල කිලෝ මීටර් 1 ක දුරක් ඇතුළත දුම්වැටි හෝ දුම්කොළ අඩංගු නිෂ්පාදන අළෙවි කිරීමද තහනම්ය.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
787
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දුම්කොළ විරෝධී පනත් කෙටුම්පතට උපදේශන කවුන්සලයේ අනුමැතිය