දුම රහිත දුම්කොළ නිෂ්පාදන හෙට (19 ) සිට නිෂ්පාදනය කිරීම, ආනයනය, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් කිරීමට ජාතික දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.
එහි සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවසුවේ 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ තහනම් දුම්කොළ පිළිබඳ 2016 අංක 01 දරන නියෝගය දැඩිව ක්‍රියාත්මක වන බවයි.
මේ අනුව මාවා, බාබුල්, බීඩි, හාන්ස්, පාම්පරා සහ ගුට්කා ආදී දුම්කොළ ආශ්රිත නිෂ්පාදන මෙන්ම දුම්කොළ සහිත බුලත් විටද නිෂ්පාදනය සහ විකිණීම තහනම් වන අතර, යම් පැණි රස ගන්වන ලද, වර්ණ ගන්වන ලද හෝ රස ගන්වන ලද දුම්කොළ අඩංගු සිගරට්ටුවක්, විකිණීම, ආනයනය, විකිණීමට ප්‍රදර්ශනය කිරීමද සපුරා තහනම් වේ.
044
මෙම පනතේ විධිවිධාන අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ආහාර පරීක්ෂකවරු, සුරාබදු නිලධාරීන් හා පොලිස් නිලධාරීන් බලයලත් නිලධාරීන් වශයෙන් කටයුතු කෙරේ.
දුම්රහිත දුම්කොළ නිෂ්පාදන බොහොමයක් දුම්කොළ හා පුවක් අඩංගු වේ. මෙම ද්‍රව්‍යයන් දෙකම පළමුවන කාණ්ඩයේ පිළිකා කරක ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් වර්ගීකරණය කර ඇත.
පිළිකා පිළිබඳ ජාතික ලේඛන අනුව ලියාපදිංචි වී ඇතුළු මුළු පිළිකා රෝගීන්ගෙන් 14.3%ක් මුඛ පිළිකාවන් වන අතර වාර්ෂික ව මරණ 1000කට වැඩි සංඛ්‍යාවක් ද, ඒ අනුව දිනකට මරණ 03කට වඩා වැඩි සංඛ්‍යාවක් ද සිදුවන බවට ගණන් බලා ඇත. මුඛ පිළිකා රෝගීන් 2400කට ආසන්න සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝහල්වලින් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනම් හොඳයි ඒක වෙයිද කියල තමයි බය. අනිවාර්යයෙන්ම කරන්න
දැන් ඔක්කොටම දුම් දා ගෙන දුවන්න පුළුවන් ඉස්පිරිතාලයට
ඔය මහප්පරාන තහනම් කරලා වැඩක් වෙයි දැයි අනුමාන කරන්න අමාරු මදන මෝදකය මෙයට අයිති නැති නිසා. අද මදන මෝදකය ගසා තමන්ටවත් පාලනය කරගන්න බැරි විධියට අවයව අමෝරා ගත් සිසුන්, ළමයින්, මිනිසුන් අතින් සමාජයට බොහෝ හානි සිදුවනවා.
හරිම හොඳයි .නමුත් තවමත් තේරෙන්නේ නැහැ
මෙම ගත්තීරණය හොද දෙයක්. ඒත් මේ තහනම් භාණ්ඩ විකුණා අසුවුවහොත් දෙන දඩුවම පොඩි මුදලක් වුවහොත් මේවා විකිණීම නවත්වන්නේ නැත. එම විකුණන අයගේ , ළගතබා සිටින අයගේ හෝ ගෙන්වන අයගේ දේපල රාජසන්තක කිරීම සහ ජිවිතතය දක්වා සිර දඩුවම් වගේ දැඩි නීති පැනවුවහොත් ජිවිත සැහෙන ප්‍රමාණයක් ඉතිරිවෙයි.
හොද තීරණයක්. මුල් අදියරේදී දුම නැති දුම්කොළ නිෂ්පාදන තහනම් කරලා දෙවන අදියරේදී දුම සහිත දුම්කොළ නිෂ්පාදනත් තහනම් කරනවානම් තමයි හොද.
පරම්පරා ගණනාවක් තිබුන අසරණයාගේ බිඩියටත්, බුලත් වීටටත් කෙලියා එහෙනම්..සිගරට් විකිනෙන්නේ නැත්තම් මිල අඩුකරන්න එතකොට ආණ්ඩුවට බදු වැඩිවෙයි..නිකම් ගොන් වැඩ කරන්න එපා...
දුම්කොළ විකුණන සුළු පරිමාණ ව්‍යාපාර කටයුතුවල වල නිරත වන අයට මොකද කරන්නේ
එතකොට අරක්කු විස්කි මත්ද්‍රව්‍ය නෙමෙයිද. බීඩි බුලත්විට දුප්පත් මිනිහගේ දේවල් නිසා බොරුවට තහනම් කරලා මහා ලොකු වැඩක් කලා වගේ කෑගහනවා. පොහොසත් මිනිසුන්ගේ බීම වන විස්කි වලට පෝය දවසටත් බාර් අරින්න කතා කරනවා. මතට තිතද මතට හොඳ කලක්ද. සෞදි අරාබියේ වගේ විස්කි වලටත් අරක්කු වලටත් දැඩි නීති ගෙනල්ල රජයේ පුළුවන්කම පෙන්වන්න. දැනට තියෙන බාර් වලින් 20% මෙම වසර තුල වහන්න. ඉතිරි බාර් වලින් වසරකට 20% බැගින් වහන්න. බොන්න ඕන අයට විශේෂ බලපත්‍රයක් දෙන්න. රටේ නීතිය තියෙනවා ප්‍රසිද්ධ ස්ථානවල සිගරට් බොන්න තහනම් කියල.
බීඩි බොනකොට දුම නැද්ද ?
සිගරට් වලින් රජයට විශාල ආදායමක් ලැබෙන හෙයින් ඒවා තහනම් කිරීමට උත්සුක නොවේ. රජයේ නිෂ්පාදන නොමැති රටක ඹවුන් යැපෙන්නේ අරක්කු සිගරට් ආදායම මතය. එහෙයින් බහුජාතිකයින්ගේ අවමනාවට මේ සියල්ල සිදුකරනු ඇත. එසේම සිගරට් වලින් වන හානිය බුලත් විටට වඩා බොහෝමයක් වැඩිය හානිය භාවිතයා අසල සිටින සියල්ලන්ටමය. මේ මෝඩ නිති සම්පාදකයින් මේ රටේ වසර සිය ගණණාවන් පවතිනු ලැබු බුලත් විටත් සිගරට් නිෂ්පාදකයින්ගේ උවමනාවට ඉදිරියේදී තහනම් කරනු ඇත. මෙහි අදහස් සියල්ල බුලත් විටට විරුද්ධවය. මක් නිසාද බුලත් විට කන අය online එන්නේ නැති නිසාය. සිගරට් තහනම් කර අදහස් බලන්න වෙනස පැහැදිලි වේ. බඩගින්නට වතුර ටිකක් බීල බුලත් විටක් කාල වෙහෙසෙන කම්කරුවෝ, ගොවියෝ ගැනත් හිතලා අදහස් දමන්න. සයිටම් තහනම් කරන්න කියලා ස්ට්‍රයික් කරන දොස්තරලා වගේ නගර සභාවේ සේවකයෝ මේ තහනම ඉවත් කරන්න කියලා සතියක් ස්ට්‍රයික් කලොත් රට කුණුවලින් වැහිලා යයි. ඒත් එහෙම වෙන්නෙ නෑ ඇයි බුලත් විට කන අය එහෙම ගද කැත වැඩ කරන්නෙ නෑ. හිතලා බලන්න බුලත් විටේ හානිය කන එකාට. නීත්‍යානුකූල සිගරැට් වල හානිය අප සැමට ඒත් පොඩි එකාටම ගහන්න.ලොකුවුන් දිහා බලන්නවත් එපා ඇස් ගලවයි
බීඩි වල දුම් එන්නේ නැද්දෙ? නැත්නමි මොනවාද? ඔය ගමන්ම දුම් එන ඒවත් තහනම්කළා නම් ඉවරයි. සැර 5%ට අඩු බියර්, සැර30% අඩු අරක්කු මිල ටිකක් අඩු කරන්න.
මීට වඩා මරණ සංඛ්‍යාවක් ත්‍රීවීල් වලින් වසරකට වෙනවා. එහෙමනම් ත්‍රී වීල් ගෙන්වීම, බෙදාහැරීම සහ භාවිතා කිරීමත් තහනම් කරන්න.
ඒ කියන්නේ මීට පස්සේ බුලත්විට කන්න ඕනේ සිගරට් එකකුත් එක්කද?
බහු ජාතික සමාගම්වල පගාවට යටවෙලා දුම්කොළ වගාව තහනම් කළා. වගාව තහනම් කළාට සිගරට් බොන එක අඩුවෙන්නේ නැහැ. එතකොට සිගරට් නිෂ්පාදනය අඩුවෙන්නෙත් නැහැ. එතකොට පිටරට බහුජාතික සමාගම්වලින් ඕවා ආනයනය කරගන්නවා. රටේ සල්ලි පිටරටට ඇදෙනවා... කොහොමද වැඩේ?
වසරකට සිගරට් බීලා පෙනහළු සහ අනෙක් තැන්වල පිළිකාවලිනුත්, හෘද රෝග වලිනුත්, ඔයිට වඩා දස ගුණයකින් මැරෙනවා. මොකද සිගරට් තහනම් නොකරන්නේ?