මහමෝදර රෝහලේ දී වෙන් කළ දෙබිඩි දරුවන් දෙදෙනාගෙන් ජීවත්ව සිටින තිවංකි දෙව්මිණි දැරිය බදාදා සවස කරාපිටිය රෝහලේ සිට නිවසට ගෙන ගිය බව ඇගේ පියා ඒ.ජී.ක්‍රිෂාන්ත මහතා (36) පවසයි. මාර්තු මස 11 වැනි දා මහමෝදර රෝහලේ දී උපන් දෙබිඩි දරුවන්ගෙන් වැඩිමහල් දැරිය සිය නැගනියගේ සිරුරෙන් පරපෝෂිතයකු ලෙස යැපෙමින් සිටි බැවින් දරුවන් දෙදෙනාගෙන් එක් අයකු හෝ ජීවත් කිරීම සඳහා පසුගිය මැයි 19 වැනි දා කරාපිටිය රෝහලේ දී සැත්කම සිදු කැරිණි. වෛදයවරුන් කියා සිටියේ පරපෝෂිතයකු මෙන් යැපෙන දරුවා සැත්කම කරන අවස්ථාව වනවිටත් මියගොස් සිටි බවයි. එලෙස මියගොස් සිටියේ දරුවන් දෙදෙනාගෙන් වැඩිමහලු දැරියයි.
සැත්කමෙන් පසු සුවය ලබා සිටින දැරිය නිවසට යැවීමට තරම් සුදුසු සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් ඇය පිටත්කැර යැවූ බව වෛද්‍යවරු කියති. එම දැරියගේ සිරුරේ ඇති විකෘත්ති තත්ත්වයන් සඳහා යළි මාස දෙකකින් සැත්කමක් සිදුකිරීමට අවශ්‍ය බව ද වෛද්‍යවරු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. එක දරුවෙක් හරි ජීවත්කිරීමට උදව් කළ දොස්තරවරුන්ට පින්! (නි)