මහව ඉහළගම ගල්ලෑවේ වගා බිමකදී විදුලි සැර වැදී ඇතින්නක සහ ඇගේ පැටවා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
මහව වනජිවි නිලධරයන් කියනුයේ එම සතුන්ගේ ඇඟයට විදුලි කම්බියක් ඇති බවයි. පැටවාගේ වයස අවුරුද්දකට නොවැඩි බව ද කියයි.
මහව ඉහළගම ගල්ලෑවේ වගා බිමකදී විදුලි සැර වැදී ඇතින්නක සහ ඇගේ පැටවා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
මහව වනජිවි නිලධරයන් කියනුයේ එම සතුන්ගේ ඇඟයට විදුලි කම්බියක් ඇති බවයි. පැටවාගේ වයස අවුරුද්දකට නොවැඩි බව ද කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියළුම දේවල් වලට වගකියන්න ඕනෑත් අපිම තමයි. (නි)
කනගාටු දායක පුවතක් (දී)
අපේ අලි පරපුර රැකගන්න මීට වැඩිය වැඩපිළිවෙළක් අවශ්‍යයි. (නි)
අපිට වගේම සත්තුන්ටත් මේ මහ පොළව අයිතියි. (නි)
අපිට වගේම සත්තුන්ටත් මේ මහ පොලව අයිතියි කියලා ඇයි අපේ අය තේරුම් නොගන්නේ? (නි)
අසරන සත්තු (දී)
වදවිගෙන යන සතෙක් වෙනවා අලියත් තව ටික දවසකින් (දී)
අනේ අපොයි. හරිම කණගාටුයි. (නි)
මේවා කරන අයට හොදක් නම් වෙන්න එපා. (නි)
ඇයි මිනිසුනේ මිනිසත් භවයක් ලබලත් මේ වාගේ පවුකාර වැඩ කරන්නෙ. (නි)
මේ වැඩේ කල දෙපාවටත් වැහි නැති හෙනයක් ඔලුවට් පහත්වී විදුළි බලය දෙපා තුලින් භූ ගත වේවා!(නදී)
අහිංසත සත්තු. ඔක්කොම අලි ටික මැරුණ දවසට මෙයාලට නිනද් යයි.(නදී)
ගුවන්තොටුපොළවග් හදලා නාස්ති කරපු සල්ලවලින් මේ වගේ විනාස වෙලා යන අලි පරපුර රැක ගන්න වැඩ පිලිවෙලක් සකස් කරන්න. විදේශිකයන්ට තව අවුරුදු 4 කින් 5 කින් පෙන්නන් අලි ඉතුරුවෙන එකක් නැහැ මේ වගේ වැඩ සිදුකළොත්.(නදී)
අලි වැටත් ගහන්නත් බැරිනම් දුම්රිය හරස් මාර්ග වලට ගේට්ටුවත් දාන්න බැරි ආශ්චර්යමත් රටක්! (නි)
අලි කියන්නේ මහා සම්පතක් (දී)
අනේ දෙයියනේ! මේවා මහ පොළව නුහුලන අපරාධ! (නි)
කනගාටු දායක පුවතක්
අපි කොහොමහරි හිත හදාගමු, අපිට අලි සම්පත අහිමි වෙනකොට හරක් ඉන්නවනේ. දැන් අපේ රටේ හරක් මරණ එක සෑහෙන දුරට අඩුවෙලා තියෙන්නෙ. අනාගතේදි අපි සංචාරකයින්ට අලි වෙනුවට හරක් පෙන්නමු. (නි)
මෙවැනි අපරාධ දිනෙන් දින වැඩිවන්නේ මේවාට දෙන දඩුවම් ප්‍රමානවත් නොවන නිසාය. (නි)
යටත් විජිත කාලේ සුද්දෝ අපේ අලින්ගෙන් භාගයක් මැරුවා. ඉන්පස්සේ කොටි ටිකක් මැරුවා. දැන් අපේ අය ඉතුරු ටික ඉවර කරනවා. (නි)
කුඩා කාලයේ සිටස පරිසරයට ආදරය කරන්න, එය රැකගන්න කියාදෙන්න පාසල් විෂය පද්ධතියට ඇතුළත් කළ යුතුයි. (නි)
අනේ පව් අපේ අලි ටික අපිට නැතිව යනවා. බලධාරීන්ට ඇස් පෑදේවා!(නදී)
මේවා අපේම වැරදි.(නදී)
එයාලා මෙහෙම කරන්නේ අලින් මරන්න නෙමෙයි. මිනිසුන්ට වුණත් ජීවිත ආරක්ෂාවක් තිබිය යුතුයි. (නි)
මේ මහ පොළව හැමෝටම අයිතියි. (නි)
මෙය අද පමනක් සිදුවූ දෙයක් නෙමෙයි. වසර ගනනාවක් තිස්සේ සිදුවුවත් මේවා වැලැක්වීමට කිසිදු සාර්ථක වැඩපිලිවෙලක් අදාල අමාත්‍යංශයට නැති නිසා සිදුවන දෙයක්. මෙරට කිසිම ඇමති කෙනෙක් මෙය ගැන සොයා නොබලන එක තනගාටු දායක දෙයක්.(නදී)
රටෙ අනවශ්‍ය දේවල් වලට මුදල් නාස්ති කරනවා...අපේ පරිසරය රැකගන්න,අහිංසක සතා සිවුපාවා වෙනුවෙන් තවම කිසිම සාර්ථක වැඩ පිලිවලත් නැහැ....මෙ හැම ප්‍රශ්නයකටම මුල...එයාලට අයිති ඉඞමි ටික මිනිසසු අයිති කරගෙන.(නදී)
නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද මේ මිනිස්සුන්ට විරුද්ධව?ඇයි මේ වාගෙ අපරාධ වෙනකන් රජය බලාගෙන ඉන්නෙ?(නදී)
මත්තල පැත්තේ අලිටිකත් දැන් ගමිමාන වලට එනවා ගුවන් යානාවල සද්දෙට බයේ. (නි)
අනේ මන්ද අපේ රටේ අලින්ට පුදුම අපල කාලයක් ඇවිල්ල තියෙන්නෙ. (නි)
මේවට වගකියන්න ඕනේ බොරු කියලා ඡන්දය අරගෙක කොළඹට වෙලා සුරසැප විදින මේ ආසනයේ දේශපාලඥයෝ.(නදී)
සතුන්ගේ වනාන්තර වල වගා කරනවා. උන් තමන්ගේ උරුම බිමි වලට ආවම එක එක විදියෙන් මරනවා. මෙවැනි දෙයක් වුනාම ඒ පළාතටම විදුලි බලය මාස 6 කටවත් අත්හිටවන්න කියා මම යෝජනා කරනවා. අලියගේ වටිනාකම මෙන් 10 ගුනයක් මුළු ගමටම දඩ ගහන්න.(නදී)
සංචාරකයො මේ සතුන්ට හුගක් ආසයි.ඒකත් නැතිවුනදාට ඔක්කොම ඉවරයි. මේ රට ඒ අහිංසක සත්තුන්ගෙත් නිජබිම . (අ)
ඔක්කොම අලි ටික ලංකා බිමෙන් ඉවරදාට, හැමොටම නින්ද යයි (අ)
මෙහෙම ගියෝත් ලංකාවේ අලි සම්පත නැතිව යනවා (අ)
මේවා හෙන ගහන අපරාද (අ)
අයියෝ මේ මොන අපරාදයක්ද ? (ස)
අනේ පව්... ඕවා ඔහොම වෙන්නේ අපේ කිසිම නීතියක්, සංවිධානාත්මක බවක්, වැඩවල නැති නිසා. අකාලයේ ජීවිතෙන් සමුගත් සිව්පාවුන් දෙදෙනෙක් (ස)
රටේ අනවශ්‍ය මුදල් නාස්තිය අඩු කරලා මෙම ගම්මානවලට නිසි ප්‍රමිතියෙන් යුතු අලි වැටවල් ලබාදීමට බලදරින් කටුතු කලානම් දැන්වත් හොඳයි (ස)
ඉස්සර පින් බිම කියපු ලංකාවට දැන් නම් එහෙම කියන්න බැහැ. (නි)
වනජීවී ගරු ඇමති තුමනි, දුම්රියට අසුවීමෙන්, වගා ළිං වලට වැටීමෙන්, විදුලි සැර වැදීමෙන් අලි සම්පත සීඝ්‍රයෙන් වැනසෙනවා. ජාත්‍යන්තරයෙන් හෝ වහා පිළියම් අවශ්‍යවෙනවා... ! (ස)
මේකෙන් වෙන්නේ අලි සම්පත විනාශ වෙන එකයි. (නි)
මිනිසුන්ගේ මෙවන් ප්‍රශ්න වලට රජය මැදිහත් වී නිසි වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි (නි)
අනේ මන්දා.. මාර දුකයි. කියලා වැඩකුත් නැහැ. මේවා දකින්න අපි පව් කරලා තියෙනවා... හක්ක පටස්, විදුලි සැර, පව් මේ සත්තු (ස)
අනේ දෙවියනේ... (ස)
සියළුම සතුන්ට උන්ගේ නිදහස අවශ්‍යයි. (නි)
හෙන ගහන අපරාද. බලධාරීන් ක්‍රියාත්මක නොවීම නිසා අලි සම්පත සීඝ්‍රයෙන් වැනසෙනවා.ජාත්‍යන්තරයෙන් පිළියම් අවශ්‍ය නැ..වනජීවී ඇමති අනවශ්‍ය මුදල් නාස්තිය අඩු කරලා ප්‍රමිතියට වැඩ කලානම් දැන්වත් හොඳයි (අ)
අනේ මන්ද ?බලදාරින් තවම නින්දේ වගේ,මේ තරම් දියුණුයි කියන ලෝකේ තිරිසනාටත් වඩා මිනිසා පසු ගාමිද මන්ද? (ස)
අදාල බලධාරීන් ක්‍රියාත්මක නොවීම නිසා ගමේ නීතිය කරලියට ඇවිත් (අ)
මේව කරන අයට හොඳක් නම් වෙන්න එපා අනේ පවු සත්තු දෙන්නා (අ)
බළධාරීන් කොහොමත් නිදි තමයි. (නි)
මේවා කරන මිනිසුන් පන පිටින් අපායේ යන්න ඕනා.(නදී)
මිනිසුන්ගේ ප්‍රශ්ණ බැළුවත් පව්! අලි ටිකත් පව්!(නදී)
දෙපාවත් - සිව්පාවත් මේ දෙදෙනාම ජීවන අරගලයක.(නදී)
මේ මාස කිහිපයට අලි කීදෙනෙක් නම් මරුනාද (දී)
පානාථිපාතා වේරමනී සික්ඛාපදම් සමාදියාමි... මෙවැනි බණ දෙසුවත් කරන එකා කරනවාමයි. (නි)
ගම්වල ඉන්න සමහරක් ගොඩයන්ගේ මෝඩකම් වලට බෙහෙත් නැහැ.එක්කෝ සත්තුන්ට අයිති කැලය විනාශ කරලා සත්තු එක්ක ඔට්ටු අල්ලනවා. නැත්තන් සුදු කෙළලා කසිප්පු ගහලා ඇවිත් ගෑනුන්ට ගහනවා. (නි)
මේ මිනිස්සුන්ට හොදක් නම් වෙන්න එපා. (නි)
ජිනීවා වල මානව හිමිකම් වගේ ආයතනයක් ලංකාවෙත් තිබුණා නම් වන සත්තු, ගහකොළ වෙනුවෙන්? (නි)
ගහකොළ සතා සිව් පාවුන්ට මේ තරම් විනාසයක් ගෙන දුන්නු කාල පරිච්ඡේදයක් මම මගේ අම්මා මුත්තා කාලෙදිවත් දැකලනම් නැහැ. (ස)
ඇමතිවරුන් නම් එකසිය ගාණක් ඉන්නවා. ඒත් ශත පහකට වැඩක් නැහැ. (නි)
ලංකාවේ අලි තුරන් වෙනවා මම දන්නවා (දී)
මේ නැතුව මේ ප්‍රශ්නය විසදන්න වෙන විදිහක් නැද්ද (දී)