පාදුක්ක ගලගෙදර ප්‍රයිම් ග්‍රාමීන් ආයතනයට අද කඩා වැදුණු දෙදෙනෙක් රුපියල් එක් ලක්ෂ විසි දහසක් කොල්ල කෑ බව පාදුක්ක පොලීසියට පැමිණිලි කැර ඇත.

දුප්පතුනට සුළු ණය දීම සඳහා මේ ආයතනය පිහිටුවා ඇත.කොල්ල කරුවන් ෆුල් පේස් හෙල්මටි දමා සිටියහ.