අලුත්ගම හා ධර්ගා නගරයේ ජුනි 15 ගැටුම් සම්බන්ධයෙන් සැකපිට දෙපාර්ශ්වයේම 41 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
එයින් 25 දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මේ පිරිස ගැටුම්වලට සම්බන්ධ බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි.
මේ අතර ධර්ගා නගරයේ දී පෙට්‍රල් බෝම්බ 17ක් සමඟ දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇඳිරිනීතිය ඉවත් කර තිබිය දී බෑගයක් අතැතිව පොලිස් මුරපොළ අසළ සිටි පුද්ගලයකු සැකපිට පරීක්ෂා කිරීමේ දී එම බෝම්බ සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් ඉවරයක් නැද්ද මේ කලබලේ? යුද්ධ කාලෙත් සමගියෙන් ඉඳල දැන් මරා ගන්න හදනවා. මේවාට උඩ ගෙඩි දෙන අයව තමා පළමුවෙන්ම අල්ල ගන්න ඕනා. (නදී)
නියපොත්තෙන් කැඩිය හැකි මට්ටමේ තිබුණු මෙම ප්‍රශ්නය මෙතරම් දුරදිග ගියේ කොහොමද කියලා හිතාගන්නත් අමාරුයි (නි)
සමන් ඔය හොඳ කෙනෙක් වගේ (නදී)
ආයුධ සමග අල්ල ගත් අයට නම් දඩුවම් අනිවාර්ය විය යුතුමය (නදී)
මෙතරම් තාක්ෂණය දියුණු කාලයක වුනත් මිනිසුන් වැරදී කිරීමට පෙළඹෙන්නේ වරදට අනුබල දුන් අය තමන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන බව විශ්වාසයෙනි. යල් පැන ගිය නීති පද්දතිය වෙනස් කොට වරදට අනුබල දුන් අය අත්අඩංගුවට ගන්න (නදී)
ප්‍රශ්නය දුර දිග ගියේ බොරු කට කතා නිසා. ඒවා පිළිගන්න අය නිසා. ගෙවල් වල වීදුරු කුඩු කරලා ප්‍රශ්න විසඳන අය නිසා. මම බේරුවල සිංහලයෙක්. මගේ ගෙටත් සිංහලයෝම ගල් ගැහුවා ප්‍රශ්නය අවුලවන්න. එස් ටී එෆ් කොල්ලෝ ආපු නිසා ගල් චන්ඩි දිව්වා. (ස)
ඔය අත්අඩංගුවේ ඉන්න අය ගැන හොඳින් සොයාබලන්න. මොවුන් ගැන මට සැකයක් තිබේ. (නි)
මෙතන අහිංසක මිනිස්සු කී දෙනෙක් ඇත්ද ? (දී)
නීතිය හරිහෑටි ක්‍රියාත්මක නොවීම නිසා තමා මේ සෑම දෙයක්ම වුනේ. නීතිය මේ ආකාරයෙන් මුත්තූර්, කල්මුනේ සහ ලංකාවේ අනිත් පෑතිවලත් ක්‍රියාත්මක කලයුතුයි.(නදී)
දෙපැත්තෙන්ම අත් අඩංගුවට ගත්තේ? කවුද ඔය දෙපැත්ත. හරියට එලි කරන්නකෝ. අවසානේ කරපු එවුන් පැත්තක. වෙනත් පිරිසක් දඬු කඳට. (ස)
අද ලෝකයේ හැමතැනම ප්‍රශ්න මතුවෙලා (නි)
වටිනා ක්‍රියාවක්. හැබැයි ඊතල ටික අහුලලා වැඩක් නැහැ, ඊතල විදි කෙනාව අතහැරලා. ප්‍රචණ්ඩත්වය ඇති වන අන්දමින් කටයුතු කළ ප්‍රධාන පුද්ගලයාව අත්අඩංගුවට ගත යුතුයි. (නි)
මියගිය සියලුම දෙනාට නිවන් සුව පතමු (නි)
බොහොම හොඳයි. සැමටම නීතිය සමව ක්‍රියාත්මක කරන්න (නි)
මේ විදියට ගිනි අවුලුවාලන්න නායකත්වය දුන් ප්‍රධානීන් ටිකත් මීට ඇතුළත්ද? (නි)
මොනපැත්තේ වුණත් කමක් නැහැ, නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
කව්රු උනත් කමක් නාහැ ආයුධ පෙන්නන්න එක්ක ගෙන යන්න (දී)
අවි ගත්තෝ අවියෙන් නසිති. අවිහිංසා වාදී දහමක් රකින්ට අවි කුමටද ? (නදී)
කොහොමෙන් හරි මේ ප්‍රශ්න සමතයකට පත්වෙන්නයි ඕනේ. (නදී)
නීතිය කාටත් පොදුයි. (නි)
ආගම තරාතිරම ජාතිය ගෙන නොබලා දෙපැත්තේම වැරදි කරුවන්ට දඬුවම් කල යුතුය (දී)
සැම්සන් ආගම තරාතිරම මොකක් උනත් ජාතිය ශ්‍රී ලංකික කියල නම් විශ්වාසයි.(නදී)
නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන්න.අපිත් කියන්නේ ඒකයි (නි)
දර්ගා නගරයේ පෙට්‍රල් බෝම්බ තියාගෙන හිටියේ ආගමික සහජීවනේ ගැන වැඩිපුර කතා කරන කට්ටිය නේද?? (දී)
මේ සිදුවීම උණු දවසෙම නිසි පියවර ගත්තානම් මෙහෙම වෙන්නේ නැහැ (දී)
ආය යුද්දයක් ආවොත් මේ අය යනවද යුද්දෙට. මම හමුදාවේ අවරුදු 22ක් හිටියා. කොටිත් මැරුවා. එ්ත් අහිංසක දෙමල මිනිස්සුවත් මුස්ලිම් මිනිස්සුවත් මැරුවේ නැහැ. (නදී) .