ශ්‍රී ලංකා ජනපති ලෙස තෙවන වසරට පාතබා සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේනට මුහුණදීමට සිදුව ඇති අභියෝග වඩ වඩාත් දුෂ්කර වෙමින් හා හිසරදයක් වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාරගත් දිනයේ පටන් ජනපති සිරිසේන උත්සාහ කළේ පක්ෂය එක්සත් කිරීමටය. එහෙත් ඔහු අසාර්ථක විය.මේ හමුවේ පසුගිය තුන් වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය කණ්ඩායම හමුවෙමින් ඔහු ඉල්ලා සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ අකටයුතුකම් ප්‍රසිද්ධියේ හෙළි කරන ලෙසය.
ජනපති සිරිසේන රාජපක්ෂ හිතවතුන්ට රැකියා දුන්නේය. එය ඔහු සාධාරණීකරණය කළේ රාජපක්ෂට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට පෙර ඔහු වඩා සිටින පුද්ගලයන් ඔහුගෙන් දුරස් කළ යුතුව තිබෙන බව කියමින්ය. එතැනින් නොනැවතුණ ඔහු රාජපක්ෂගේ ළගම හිතවතුන්ට රාජ්‍යතාන්ත්‍රික තනතුරු දැරීමට අවස්ථාව ලබා දුන්නේය. එහෙත් යථාර්ථය වූයේ ජනපතිවරයාගේ මෙවැනි ක්‍රියාකාරකම් ඉදිරියේ ඔහුගේ ආධාරකරුවන් මෙන්ම ඔහුට සහය දුන් රටේ ජනතාව ඔහු කෙරේ අමනාප වීමය. ජනපති සිරිසේනට ඔවුන් අහිමි වූ බව කීමේ ද වරදක් නැත.
ලිපිය වැඩිදුර කියැවීම සඳහා දෙපැත්ත යා කිරීම වෙත පිවිසෙන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වින්සන්ට් ඡන්දය පාවිච්චි කරනවිට පක්ෂ දෙකටම එකවර ඡන්දය දානවද? එහෙම දානවා නම් ඔබ හරි. එක පක්ෂයකට පමණක් ඔබ ඡන්දය දානවා නම් ඔබත් අර කියන ඒකපාර්ශික නේද. ඔබ ඔය කියන පැහැදිලි දේශපාලන ගමන යාමට පාර්ශව කීපයම එකතුවී ජාතික ප්‍රතිපත්තියක් සාදාගත යුතුයි. ඊටපසු එම ප්‍රතිපත්තිය මත පිහිටා වැඩකළ යුතුය. (නි)
මහින්ද මහතා නිදහස් පක්ෂය එකක අායේ එකතු වුණොත් එතුමාගේ දේශපාලනයේ අවසානයත් ඒකම වේවි. (නි)
කවුද මේ බමුණු ආරච්චි? කොයිවෙලෙත් යූඑන්පී එකට විරුද්ධයි. (නි)
අතුල, ලොකු ඇත්තන්ටත් කරගන්න බැරිදේ ඔයා කරන්නේ කොහොමද? කව්ද ඔය අපි කියන්නේ? ඔය ටික පාරට බැහැලා කියන්න එපා. ගුටිකන්නයි වෙන්නේ. (නි)
අනේ සර්, ඔය කතා දැන් ඇති. බලය තියෙනවිට හැමකෙනාම එහෙම තමා. එක ඇඟිල්ලක් අනික් අයට දික් කරනවිට ඇඟිලි හතරක් තමා පැත්තට තියෙනවා කියා අමතක කරන්න එපා. (නි)
තමාගේම නායකයාටත් බොරු කියමින් ඡන්දයට ගියේ කවුද කියලා අපි දන්නවා (නි)
තමන්ගේම පක්ෂයේ අය කකුලෙන් අදිද්දී, එජාපය එක්ක මොන සහජීවනයක් තියෙනවා කිව්වත් පැහැදිලි විරසක කෙනෙහිලිකම් කෙරෙද්දී, ජනපති බලතලත් අඩුකරගෙන, මෙතුමා යන ගමන නම් ලේසිපහසු එකක් නෙමෙයි. ඔබාමාට ඔච්චර බලතල තිබිලත් කොන්ග්රස් එකේ වැඩි බලය රිපබ්ලිකන් පක්ෂයට තිබීම නිසා මොනතරම් ප්‍රශ්න ඇති වුණාද? එතුමාගෙන් ක්ෂණික ප්‍රතිපල බලාපොරොත්තුවෙන අපේ ජනතාව මේ යථාර්ථය තේරුම් නොගෙන කටයුතු කිරීම තමයි එතුමාට තිබෙන ලොකුම බාධකය. (නි)
අන්තෝ ජටා බහිජටා...! සදාචාරයක් නැති තැනක රටක් හදන්නේ කොහොමද?
අහන්නා කෙසේ ඇසුවත් කියන්නා සිහිබුද්ධියෙන් කිව යුතුය (ම)
දෙපැත්ත යා කිරීමට අටුවාටීකා බලන්න උවමනා නැත. වහාම ක්රීයාත්මක වන පරිදී එක්සත් ජාතික පක්ෂය අයින් කරන්න. එවිට දෙපැත්ත යා වී එක්සත් ජාතික පක්ෂය නැවත කුණු බක්කියට යනවා ඇත. සිංහල ජනතාව එකතු කරගන්න ඕනෑ නම් සංහිඳියාවත් එක්සත් ජාතික පක්ෂය සමග කුණු බක්කියට දමන්න. සංහිඳියාව නමින් රටේ මහජාතිය පාවාදෙන්න එපා. (නි)
මේවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ. (ර)
යා දෙක නොරත රථ - සමග පෑහීමක් නැත .කයිවාරු නම් ඇත - වැඩක් නම් දකින්නට නැත . (ර)
එකට ඉඳලා පිහියෙන් සමහරු අනිනකොට ඔහොම වෙනවා (නි)
සුලෝචන මහින්ද මහතාගෙනුත් ඔය විදිහටම අහන්න. බමුණු ආරච්චි යූඑන්පී එකට විතරක් නොවෙයි විරුද්ද මට පෙනෙන විදිහට මිනිහ මෙහෙ යන සන්හින්දියාවට කැමතිත් නැහැ. ඒ වගේම සිංහල මහා ජාතිය පවා දෙනවටත් කැමතිත් නෑ... (ර)
අපි නම් මේවට මොකුත්ම කියන්න යන්නෙ නැහැ (නි)
පැහැදිළි දේශපාලන ගමනක් යාමට ජනාධිපතිවරයාට අවශ්‍ය වුවත් ඊට එරෙහි වන පාර්ශව දෙකම බලවත්ය. මේ පාර්ශව දෙකම නොමැතිව ජනාධිපතිවරයාට ගමනක්ද නැත. මේ දුෂිත කොටස් දෙකම බලවත් කරන්නේ ජනතාවය. මෙහි ඉහතින් ප්‍රතිචාර දක්වා ඇති මහින්ද මහතා පෙන්වා දෙන යථාර්තය තේරුම් ගැනීමට නොහැකි බමුණු ආරච්චි , ධම්ම වැනි ඒක පාර්ශික ජනතාවක් සිටීම රටේ අවාසනාවට හේතුවී ඇති බව පෙනෙන්නට ඇත. මෙහි ජනාධිපතිවරයා පැහැදිළි කර දෙන කරුණු යම් ප්‍රමාණයක්වත් තේරුම් ගැනීමට නොහැකි ජනතාවක් සිටින බවට ඉහත සමහර ප්‍රතිචාර වලින් පැහැදිළිය. (ර)
මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ අකටයුතුකම් ප්‍රසිද්ධියේ හෙළිකරන්න කිව්වේ සුදු අශ්වයෝ, චොපර්, ලැම්බෝගිනි වගේ බේගල් ඇදබාලාද? ඊනියා වාහන අවභාවිතා චෝදනාව මිස එකල කිවූ කෝටි ගණන් හොරකම් එකක්වත් අහුවුණාද. (නි)
වෛරය, ක්‍රෝධය, විවේචනය මඟහැර ජනතාවට අවංක සේවය කර රට දියුණුව කරා ගෙනයනවා නම්, ඔහු බුද්ධිමතෙක් වේ නම් ඔහුයි ජාතියේ මානවවාදියා (නි)
යූඑන්පිය රට කනවා. රජයේ ගමන දුෂ්කර එකක් බව පැහැදිලියි. ඉතුරුවෙලා තිබෙන බලතල අහෝසිකර නොගෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් එකතුකරගෙන, වටේ ඉන්න හොරුටික එලවළා ඉදිරිගමන යන්න හැකිවේවායි පතමු. (නි)
අපිට නම් මොනවා වුණත් කමක් නැහැ (නි)
මහින්ද තනිවම ආවොත් දෙනවා අපි (නි)
මහින්ද තනියම අාවොත් මේ පාර අපි දෙන්නේ ආයෙ දේශපාලනයට නොඑන්නමයි (නි)
පක්ෂයටත් හොරෙන් පක්ෂ නායකයාට එරෙහිව විරුද්ධ පක්ෂය සමඟ එකතුවෙලා බලයට අැවිත් නැවතත් පක්ෂයේ නායකයාවීම තමයි මෙතන තියෙන ලොකුම ගැටලුව..(ම)
යූ.එන්.පී සමඟ එකතුවෙලා තමන්ගෙම නායකයාට එරෙහිව පක්ෂය කඩාගෙන ගිහින් වෙනම පෙරමුණකින් බලයට අැවිල්ලා අද පක්ෂයේ සමගිය ගැන කතාකළාට අපි කොහොමද ඹබතුමා අපේ නියම ශ්‍රිලනිප නායකය විදියට පිළිගන්නේ (නි)
මමත් හොද ශ්‍රි ලංකාකරයෙක්. මහින්ද මහතා කොහොම ඉල්ලුවත් අපි ඔහු දිනවනවා. මොකද ඔහු රටට ආදරය කරන ඒ වාගේම ශ්‍රී ලාංකිකයින්ට ආදරය කරන නියම කොන්ද පන තියන නායකයෙක්. මහින්ද මැතිඳුනි, ඔබට ජයෙන් ජයම වේවා! (නි)