දෙසැම්බර් 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වන ගෞරි සින්දේගේ ‘ඩියර් සින්දගී’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තකට එක්ව සිටි මොහොතක එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ආලියා භාට්ට බොලිවුඩයේ අංක එකේ නිළි දීපිකා පදුකෝන් මුණගැසී තිබේ.
ඒ දීපිකා මේ දිනවල එක්ව සිටින සංජය ලීලා බන්සාලි චිත්‍රපටයේ ‘පද්මාවතී’ චිත්‍රපටයේ රූපගතකිරීම් කටයුත්තකට එක්ව සිටියදීය. මෙහිදී චිත්‍රපටයේ දර්ශන කිහිපයක් රූපගත කෙරෙන ආකාරයද දැක බලා ගැනීමට ආලියාට හැකිව තිබෙන අතර, ඇය ඉන් පසුව එක්වූ ‘ඩියර් සින්දගී’ ප්‍රචාරක කටයුත්තකදී මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුණේ, දීපිකාගේ හොඳම රංගනය හා පෙනුම තමා ‘පද්මාවතී’ චිත්‍රපටයෙන් දැකගත් බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආලියා පවසන්නේ, තමා සමග ‘සන්දාර්’ හා ‘උද්තා පන්ජාබ්’ චිත්‍රපටයේ රඟපෑ ෂාහිඩ් කපූර් දීපිකාට අනගී සහයක් මෙම ‘පද්මාවතී’ චිත්‍රපටයේ ලබාදෙන බවත් ඔහු හා දීපිකා පෙනී සිටින රූපගත කිරීම් කිහිපයක් දැකබලා ගන්නට ආලියාට හැකිවුවද බවද මෙහිදී පවසා තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd