දැන් දැන් බොලිවුඞ් නිළියන්ට හොලිවුඞ් චිත‍්‍රපටි සඳහා ආරාධනා ලැබීම වැඩි වී තිබේ. දීපිකා පදුකෝන් පසු ගිය දා සිය ප‍්‍රථම හොලිවුඞ් චිත‍්‍රපටිය එක්ස් එක්ස් එක්ස් රිටර්න් ඔෆ් සැන්ඩර් කේජ් හි ප‍්‍රචාරක කටයුතු සඳහා විදෙස්ගත වූවාය.
‘‘මේක දිග ගමනක ආරම්භයක් කියලා මට හිතෙනවා.. ඒත් මම ඉන්නෙ සතුටින් වගේම කැළඹිල්ලෙන්..’’
මව්බිමෙන් නික්මෙන්නට පෙර මාධ්‍යයට ප‍්‍රකාශයක් කළ ඇය පැවසුවාය.
‘‘අපි ප‍්‍රචාරක කටයුතු අරඹන්නෙ මෙක්සිකෝවෙන්.. මේ චිත‍්‍රපටිය ඉස්සර වෙලාම තිරගත වෙන්නෙ ඉන්දියාවේ.. චිත‍්‍රපටියේ රූගත කිරීම් කරන අතරතුරේ මං මේ ගැන මගේ කණ්ඩායම එක්ක කතා කරලයි තිබ්බේ.. ඇත්තටම මට හරි ආඩම්බරයි මගෙ රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන් වීම ගැන.. අන්තිමේදී මං දිනුවා කියලා මට හිතෙනවා..’’
ඇය තව දුරටත් පැවසුවාය.
මෙම චිත‍්‍රපටියේ ඇය සමග රගපාන්නේ වින් ඞීසල්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd