(චන්දන උඩුවාවෙල)
පොසොන් පොහොය වෙනුවෙන් නියමිතව තිබු දන්සල්, තෝරන් ප්‍රදර්ශනය කිරීම් වැනි කටයුතු සදහා වෙන්කළ මුදල් වලින් කොටසක් ගංවතුරෙන් සහ නායයාම් වලින් අසරණව සිටින ජනතාව සඳහා බෙදා දීමට කටයුතු කරන්න යැයි අස්ගිරි මහානායක වරකාගොඩ ඥාණරතන මහනායක හිමියෝ ඉල්ලා සිටිති.
උන් වහන්සේ කියා සිටියේ ඇතිවී තිබෙන ආපදා තත්වය හේතුවෙන් අසරණ වූ ජනතාට අධාර උපකාර කරන ලෙස සමස්ත බෞද්ධ ජනතාවගේන්ම තමන් වහන්සේ ඉල්ලීමක් කරන බවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේලාටත් ... කුසල් ලබාගන්න මේක හොඳ අවස්ථාවක්..
ඉතා හොද යෝජනාවක්... තෝරන්, දන්සල් සදහා යන මුළු වියදමම යොදවන්න පුළුවන්නම් ඉතා අගනේය.
මාලිගාවට ලැබෙන මහ මුදලින් කොටසක් මේ වෙනුවෙන් වෙන් කරන්න අපේ හාමුදුරුවන්ට හැකියාවක් තිබේ නේද?
කලින් නත්තල් ගස් හැදුවා... ඒවත් අසරණ මිනිසුන්ට දෙන්න කියද්දී... දන්සැල්, තොරණ් නොගහ ඉඳීවිද? මේක ලංකාව... අනේ මහනායක හාමුදුරුවනේ රටට යහපතක් වෙන්න කියලා ආශීර්වාද කරන්න...
එක දවසක පින් කැටේවත් දුන්නොත් නම් ගොඩක් පිං සිද්ධ වෙනවා..
විපතට පත් කෙනෙකුට පිහිට වන්නට ඔබ වහන්සේලාගේ අවවාද අනුශාසනා සිංහලයාට හෝ මිනිස්කම ඇති කෙනෙකුට අවශ්‍ය නැහැ. නින්දෙන් අවදි වූ මේ අවස්ථා වේ වත් අද බොදු පුද බිම් වලට වෙන විනාසයත්.., ඒවා රැක ගැනීමට වෙර දරන සාමාන්‍ය බෞද්ධ භික්ෂුන් වහන්සේලාට වෙන ගැහැටත් පිළිබඳව නැවත සොයා බැලුවොත් නරකද? අපේ හාමුදුරුවනේ...
ඕක ඉතින් හැම ව්යවසනයකදිම හිමිවරු දේශනා කරනවනේ. එහෙත් රට ගැන හිතන්නේ නැති පුද්ගලයොත් ඉන්නවා.
ඔබ වහන්සේ කොහොමත් රට, ජාතිය, ආගම ගැන කැක්කුමකින් ඉන්නේ කියලා අපි දන්නවා...
රජුන් දැහැමි නොවීම නිසා රටවල්වල ආපදා වැඩි වෙනවා. දළදා මාලිගාව උඩින් ඉන්දිය යානා යනවා. හාමුදුරුවෝ හිරේට දානවා. මේවා මෙහෙම කරලා හරියාවිද?
රටේ ඉන්න මිනිස්සු තමයි කොහොමත් මේ වෙලාවේ අසරණ වුණ අය වෙනුවෙන් පිහිටට ඉන්නේ.. නරකද රටේ ඉන්න නායකයෝ දෙන්නා කිව්වා නම් කෝටි ගණන් වල වාහන ගෙන්නන එක නවත්තලා මිනිස්සුන්ට පිහිට වෙන්න කියලා ..සාමසර කන්ද නාය ගිය මිනිස්සු තාමත් කූඩාරම්වල ...
කෘෂිකර්ම අමාත්‍යාංශයට කාමර වෙන්කරන්න ලී බඩුවලටම මිලියන 270ක් යනවලු ...
ඔබ වහන්සේ ඕව කියන්න ඕනෙ නෑ. සිංහලයා ඒවා හොඳට දන්නවා. පුරාවස්තු, පුජා භුමි මංකොල්ල කන එක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා නම් නේද හොඳ .... කොල්ලකෑම් වලට විරුද්ධව හඬ නගන ස්වාමීන් වහන්සේලා හිරේ දාන්නත් හදන්වනේ....
කව්ද ඔබවහන්සේව අවදි කලේ?