විනයගරුක හමුදාවක් වන ශ්‍රී ලංකා හමුදාව කුමන්ත‍්‍රණයකට සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප‍්‍රකාශය හමුදාවට කළ අගෞරවයක් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
සටන්පාඨ නොමැති විට රටේ අස්ථාවරබව ඇතිකර දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් කරන එවැනි ප‍්‍රකාශවලට ඉඩ නොදිය යුතු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාර කියූ දේ හරියටම හරි. දැන්නම් අපිට විශ්වාසය තියන්න පුළුවන් හමුදාව ගැන විතරයි. (නි)
නිසි වෙලාවට මැතිවරණ තියන්න. ජනතාවගේ ඡන්දෙ කල්දාන්න කල්දාන්න රට පිරිහෙනවා (නි)
අනේ මගේ කට! (නි)
අලිමංකඩ යනවා කියලා පාමංකඩ ගියේ කවුද? හමුදාපති ගැළවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කිවුවේ කවුද? තොප්පිගල තනිකර කැලවක් කිවුවේ කවුද? අමතක නම් තව තව ඒවා මතක්කර දෙන්නම් (නි)
අලිමංකඩ පාමංකඩ, තොප්පිගල කැලයක්, ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්, හමුදාපති ගැළවීමේ හමුදාවටත් සුදුසු නැහැ කියපු අය කළේ ගෞරවයක් වෙන්න ඇති. දිනේෂ් මන්ත්‍රීතුමාගේ කතාවේ කිසිම වැරැද්දක් නැහැ. මෙහෙම ගියොත් මෙහෙම වෙයි කියන එකනේ කිව්වේ. අපිට පේනවා හමුදාවේ අය එක එක තැන් වලට ගෙනල්ලා කවුද අගෞරව කරන්නේ කියලා. නිකන් බොරු කතා නොකියා ඉන්න (නි)
අපේ වීරෝධාර හමුදාවට නිග්‍රහ කළ අය රටට මහත් අපකීර්තියක්. අපේ රට පාකිස්තානයක් වියයුතු නැහැ. මොහු මේ ගැන දන්නේ කොහොමද කියලා පරීක්ෂණ කළයුතුයි. මේක මහා බරපතල ප්‍රශ්නයක් (නි)
විරුද්ධ පක්ෂයේ අයත් පිස්සු කතා කරනවා. හැමඑකටම විරුද්ධ වෙනවා. 19 යටත් ඒගොල්ලෝ මුලින් අනුග්‍රහයක් දැක්වූයේ නැහැ . (නි)
මෙයාලා ඡන්දෙ කාලෙට විතරක් ගමට එන්නේ. ඊටපස්සේ පළාතට එන්නේ නැහැ (නි)
එතකොට හමුදාවේ සේවය කරලා ආබාධිත වෙච්ච රණවිරුවන්ට පහරදීපු එක හමුදාවට කරපු ගෞරවයක්ද? ආවා කල්ලිය හැදුවේ හමුදාව කිවුවේ ගෞරව කරන්නද? (නි)
අනේ කාගේවගේ වැරදි හංගන්න මැරිලා ඉපදුනා වගේ කතාකරන්න එපා මහත්තයෝ (නි)
ඇත්තටම ලංකාවට අවශ්‍ය හමුදා පාලනයක්, (ම)
මේ ආණ්ඩුව කට ඇරියොත් බේගලයක්. මැතිවරණ නැහැ. දුන්න පොරොන්දු නැහැ. කාර් නැහැ. වොක්ස්වැගන් කර්මාන්තශාලා නැහැ. දැන් බලාගෙන ගියාම මෙලෝ රහක් නැහැ (නි)
එතකොට ගෞරව කරන්නේ ආබාධිත රණවිරුවන්ට ගහලද? (නි)
ප්‍රජාතාන්ත්‍රිකව බලයට පත් වුනානම්, මේ ආණ්ඩුවත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ යුතුයි. ජනමතයට බයේ ඇයි මැතිවරණ කල් දාන්නේ. මේ ආණ්ඩුව විහින් ප්‍රශ්න වල පැටලෙන ස්වභාවයක් තියෙනවා. කරුණාකරලා මැතිවරණ ටික ඉක්මනින් පවත්වන්න. එවිට මෙවැනි ගැටලුකාරී තත්වයන්ට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. (බ)
හමුදාවට අගෞරවයක් කළේ රාජිත සේනාරත්නයි ,දිනේෂ් ගුණවර්ධන නොවෙයි. ඔබලා ජනතාව ප්‍රතික්ෂේප කළා, එහෙත් පාර්ලිමේන්තුවේ පස්ස දොරෙන් රිංගලා ඇමති පුටුවේ වාඩිවුණා. ඔබතුමන්ලාගේ එකම රාජකාරිය යහපාලන ආණ්ඩුවේ රෙදි සේදීම සහ කඩේ යාම පමණයි.ජනතාව හොඳින් දන්නවා,එම නිසා බොරු කතා එපා,.(බ)
එතුමාගේ කතාවයි කෙරුවාවයි දැක්කොත් පිලිප් ගුණවර්ධන මහත්තයාටත් ලැජ්ජා හිතෙයි. (නි)
එකපතේ කාලා දැන් වෙනත් ගොඩකට එකතුවෙලා පරණ අයට අවලාද නඟනවා. ඒක හොඳ නැහැ. දිනේෂ් කියන්නේ වැදගත් දේශපාලක පරපුරක එක්කෙනෙක්. කරුණු හරිහැටි අවබෝධ කරගෙන කියන දෙයක් කියන්න ඕනෑ. (නි)
මම හිතන්නේ මෙතුමා"අගෞරවය" කියන වචනයටත් අගෞරවයක් කරලා තියෙන්නේ (හේ)
ප්‍රජාතන්ත්‍රවාදය කින්නේ මොකක්ද කියලා මෙයාල දන්නේ නෑ (හේ)
ලැජ්ජාවක් නැද්ද මන්දා (හේ)
ඔක්කොම වචන දෙක තුනක් අල්ලාගෙන දඟලනවා. රටේ අයවැයත් අමතකයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්වය අනුව කුමන්ත්‍රණයක් වුණත් මිනිසුන්ට ලොකු වෙනසක් දැනෙන එකක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕනෑ කටින් නෙමෙයි ක්‍රියාවෙන්. (නි)
ඔවැනි කතා අපේ පාර්ලිමේන්තුවට හා සමාජයට වලංගු වුණාට, වෙන රටක එහෙම ඔය වගේ කතාවක් කිව්වා නම් ඉතින් මෙලහකටත් හිරේ. කොහොමත් ඉතින් අපේ රටේ මේ වගේ කටවල් වලට මාර තැනක්නේ තියෙන්නේ (නි)
ජනතා කැමැත්තට නිග්‍රහ කර ඔබ පාර්ලිමේන්තු ආවා. ඔයාලා කියපුවමද ඔය කළේ? (නි)
දැන් රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය මේකද? (නි)
පස්සා දොරෙන් රිංගා කිළිටි රෙදි සෝදන සමහරු ගැන අපිට ඇත්තේ ලොකු කළකිරීමක් (නි)
එතකොට හමුදාව ආවා කණ්ඩායම පවත්වාගෙන යනවා කියපු අය හමුදාවට ලොකුම ගෞරවයක්ද කළේ? (නි)
අපි දන්නවා කවුද අගෞරව කරන්නේ කියලා. (නි)
අපිට නම් දැන් කවුරු මොනවා කිවුවත් කමක් නැහැ (නි)
දිනේෂ් මහත්තයා කථාකරනවිට ඔබතුමා නිදාගෙනද ඉඳලා තියෙන්නෙ. එතුමා කිව්වෙ "මේ විදියට ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසෙනවිට එවැනි දේ සිදුවිය හැකිබවයි" (නි)
පාර්ලිමේන්තුවේ කැන්ටිම වසාදැමිය යුතුයි. බඩ තදවෙන්න හොඳට කාලා මේගොල්ලෝ කරන්නේ පුටුවේ අැලවෙලා නිදාගන්න එක. අඩුගණනේ විරුද්ධ පක්ෂෙ කෙනෙක් කියන දෙයක්වත් මේගොල්ලෝ හරියට අහගන්නෙ නැහැ. අැමතිතුමෝ, දිනේෂ් මහත්තයා කියපු කථාව හරියටම කාගෙන්හරි දැනගෙන ඔබතුමාගේ මතය ජනතාවට කියන්න. (නි)
එක එක්කෙනා හදපු අතුරු හමුදා ගැන හෙළිකිරීමෙන් හමුදාවට අගෞරවයක් වෙන්නේ කොහොමද? මෙම කණ්ඩායම් කරලා තියෙන නීතිවිරෝධී කටයුතු වලට අනිවාර්යයෙන්ම දඬුවම් දියයුතුයි. යුද්ධයට මුවාවී නීතිවිරෝධී කටයුතු කළවුන් හා ඔවුන්ට අණදුන් සියලුම දෙනාටත් දඬුවම් පමුණුවා නීතිගරුක හමුදාවේ හොඳ නම ආරක්ෂා කළයුතුයි (නි)
ලංකාවට ලොකු විනාශයක් ළඟදීම වෙන්න යනවා කියලා පිටරට ඉන්න අපිට තේරෙනවා. නමුත් අවාසනාවට ලංකාවේ ඉන්න මිනිසුන්ට දේශපාලකයන්ට මේවා තේරෙන්නෙ නැහැ. (නි)
මේ කතා කරන කෙනාට කතාකරන්නවත් ජනතාව වරමක් දුන්නේ නැහැනේ (නි)
මෙම ප්‍රකාශය ගැන ආරක්ෂක අමාත්‍යංශය පුවත්පත් නිවේදනයක් හෝ නිකුත් කළයුතුයි නේද! ලෝකයේ කුරිරුම ත්‍රස්තවාදී සංවිධානය විනාශ කළ මනා විනයකින් යුත් අපේ හමුදාවට පාර්ලිමේන්තු වරප්‍රසාද කඩතුරාවෙන් ආවරණය වී මඩ ගසන්නේ ද්‍රවිඩ ඡන්ද වලින්වත් ගොඩ එන්න පුළුවන් කියා හිතාගෙනද? (නි)
ජාතිවාදය අවුස්සමින්, රජය අපහසුතාවයට පත්කරන බලයට කෑදර දේශදෝහීන් නීතිය ඉදිරියට ගෙන අා යුතුයි (නි)
එක එක්කෙනාට චෝදනා කර කර ඉන්නම මෙයාලගේ කාලය ගෙවිලා යයි (නි)
අපේ හමුදාවල වීර සෙබළුන්ට නින්දා අපහාස කළ ප්‍රථම පුද්ගලයාත් අවසන් පුද්ගලයාත් දිනේෂ් නොවේ. එදා රණවිරුවන්ට සිනාසුන අය අද හමුදා රැකවරණ යටතේ සිටින්නේ (නි)
බලනකොට ඔහේ කටමැත දොඩවන ඇත්තොනේ දේශපාලනයේ වැඩිපුර සිටින්නේ (නි)
මේවා මොන ලැජජා නැති කතාද? අපිට නම් පුදුම කළකිරීමක් තියෙන්නේ (නි)
මේ රජය බලයට ආ දවසේ ඉඳලා කළේ හමුදාවන්ට අගෞරව කිරීමනේ. (නි)
රටක් හමුදා පාලනයකට යටත් කරගන්නේ ඉතාමත් රහසිගතව. එ් නිසයි ඊට කුමන්ත්‍රණයක් කියලා කියන්නේ. එහෙම දෙයක් කරන්න හමුදාව තුළ කුමන්ත්‍රණයක් සිදුවෙනවා නම්, ඒ බව පාර්ලිමේන්තුව තුළ පවසා කර තිබෙන්නේ එම කුමන්ත්‍රණය කඩාකප්පල්කිරීමක් පමණි. එනිසා ඔහුගේ එම ප්‍රකාශය හුදෙක් දේශපාලන අරමුණක් පමණි. (නි)