දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු විපක්ෂ නායක පදවියට පත් කිරීමේ ඉල්ලීමට සන්ධානයේ මන්ත්‍රීන්ගෙන් 58 දෙනකු අත්සන් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියයි.
නාරාහේන්පිට අභයාරාමයේ පැවති රැස්වීමකදී ඔහු පැවසූයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායක කිරීමට අත්සන් කළ ඇතැම් මන්ත්‍රීන් එම අත්සන් අවලංගු කර දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් අත්සන් තබා ඇති බවයි.
කථානායකවරයාට ඔවුන්ගේ ඉල්ලීම බාරදීමට නියමිතය. පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහත්වරුද පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්පෝට් සහ උප්පැන්න වල බොරු දැම්ම වගේද දන්නේ නැහැ මේකත්. (ස)
නීතිය එයාලා අතේ වගෙයිනේ කතාව (නි)
අඩුම තරමේ රටේ ව්‍යවස්ථාවටත් රටේ ඒකීයභාවයටත් ගරුකරන ලෝකයට විහිළු නොසපයන විපක්ෂ නායකයෙක් අපට ඕනෑ. පළපුරුද්දෙන් පරිණතකමෙන් සංයමයෙන් සේම දේශප්‍රේමයෙන්ද යුතු දිනේෂ් මහතා මේ සඳහා ඉතා සුදුසුයි. ජය වේවා! (නි)
ඒත් ඉතින් ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන කොහොමද විපක්ෂ නායක වෙන්නේ? විපක්ෂ නායක වෙන්න නම් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්න එපැයි. (නි)
අනේ තිලාන්, ජාතිවාදයයි ජතිකවාදයයි පටලවාගන්න එපා. පිදෙල් කස්ත්‍රෝ, හෝ චිං මිං ආදීන් තම රටවල් දියුණුකළේ මාක්ස්වාදයට ජාතිකවාදය මුසුකරලයි. ජාතිකවාදය අප වැනි රටවලට හිතකරයි. එය අප රටේ අන්‍ය ජාතින්ටත් හිතකරයි. කදිරගාමර් වැන්නන්ට අදටත් අපි ගරුකරන්නේ අපේ ජනතාව ජාතිවාදී නොවෙන නිසයි. අපේ රටට ආදරය කරන අපේ රටට අනන්‍යවෙන අයව සිංහලයන් ආදරයෙන් වැළඳගන්නේ ජාති ආගම් භේද නැතුවයි. ඉතින් ඒ අයට මොකටද වෙනම රටක්? බෙදුණු රටක එක කොටසක හෝ නායක වීමේ සිහිනය අතනොහරින දෙමළ නායකයන්ගේ උමතු සිහින නිසා සිංහල දෙමළ සාමාන්‍ය ජනතාවට ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණා. වාසුලාගේ මේ වෑයම යළිත් එවැනි දේ සිදුවීම වැළැක්වීමටයි. රටට ආදරය නම් අප කළයුත්තේ ඔවුන්ට දිරියක් වීමයි. (නි)
ඔබ තුමාට ජය වේවා !(ම)
උප්පැන්න සහතික , පාස් පොර්ට් වැඩ වගේද දන්නේ නැහැ මේවත් .(ම)
අපිත් සහයෝගය දෙනවා (නි)
කොහොම හරි විමල් ලොක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භූමදාන කරයි වගේ. (ස)
අනේ අපොයි වාසු මේකද මාක්ස්වාදය . මෙයත් ජාතිවාදියෙක් වෙලා. (ස)
විමල්ලා වගේ යනඑනමං නැති හොරුටික දැන් මහින්දව අතෑරලා බූරුවෙක් දක්කන්න හදනවා. හොඳයි පුත්තලමට. (ස)
තව කොපමණ පක්ෂ තිබෙනවද මන්ත්‍රීන් බහුතරයක් ඉන්න? (නි)
ජයවේවා! (නි)
ජය ශ්‍රී ! (නි)
හැමදාම බොරුවට වංචාවට තැන නැහැ. අපි බලමුකෝ! (නි)