
(සුජිත් හේවාජුලිගේ)
රටේ අඩු අදායම් ලබන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ප්‍රමාණයක් ලබාදීමට රජය සහතිකයක් ලබාදිය යුතු බව මහජන එක්සත් පෙරමුණේ මතය යැයි එහි නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
එම යෝජනාව රජයට ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම අනෙක් ජන කොටස් මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා, හොඳ කළමනාකාරීත්වයකින් යුක්ත මෙහෙයවීමක් අත්‍යවශ්‍ය බව පැවසූ ගුණවර්ධන මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු 2022 වසරේ, ආරම්භ වනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය
ජනතාව ආණ්ඩුවට දුන් ජන වරම ආරක්ෂා කරගැනීමට මහජන එක්සත් පෙරමුණ කැපවී ඇති බවද ජන වරම වෙනුවෙන් කැපවූ සියල්ලන් ඊට ප්‍රමුඛතාවය දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සීතාවක ප්‍රාදේශීය සභාව උත්සව ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණු සීතාවක බල මණ්ඩල රැස්වීමේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පදනමක් නොමැතිව වරින් වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීම පුරුද්දකි. ඒ වෙනුවට ඔබට සංශෝධන කළ හැකිය. ජනතා සහභාගිත්වය නොමැතිව අපට දැහැමි හෝ සදාචාරාත්මක ව්‍යවස්ථාවක් බලාපොරොත්තු විය නොහැක.
මේ ඉන්නෙ තව නොම්මර එකේ කෙනෙක්. මේ සැරේවත් ඇපත් නැතිකරලා මහලු මඩමට යවන්න මිනිසුනේ.
1977න් පසු කවරදාද මෙවන් සහතික අවශ්‍ය වුණේ...? සහතිකවලින් පමණක් වැඩක් තියේද ජනතාවට කන්න නැතිව...? සහතිකේ කන්නද?
අපි ඕවට රැවටෙන්නේ නැහැ... ලබන සැරේ අනිවාර්යයෙන්ම ගෙදර යවනවා.
අනේ හලෝ තමුන්ගේ නෑදෑයා බන්දුල ගුණවර්ධන කිව්වනේ දෙසැම්බර් 31 වෙනකන් හාල් කිලෝ 10 බැගින් සතොසෙන් ගන්න පුළුවන් කියලා. මම එදා ඉඳන් දවස ගානේ සතොසට ගිහින් අහනවා. තාමත් ඔය කියන හාල් ඇටයක්වත් ආවේ නැහැලු. අපිව නිකන් රවට්ටන්න එපා කියලා ඒ මිනිහට කියනවා. ඔහේලත් එකයි.. ඔහේලගේ නායකයෝත් එකයි.
මේක විහිළු කතාව... මෙයාත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ඊයේ මෛත්‍රීත් ආණ්ඩුවට චෝදනා කළා.. මේ දවස්වල විමල්ගේ කණ්ඩායමුත් ආණ්ඩුවට චෝදනා කළා... ඉල්ලීම් කළා. හරියට අපි ජනතාව තමයි. ආණ්ඩුව වගේ සහ ඔවුන් විපක්ෂයේ ඉන්නවා වගේ. නමුත් මෙයාලා ආණ්ඩුවට චෝදනා කරමින් ආණ්ඩුව ගේන්න හැම පනතකටම අත උස්සනවා.
රජයෙන් සහතික ඉල්ලන්නේ මෙයා රජයේ ඉන්න ඇමති කෙනෙක් කියලා අමතක වෙලාවත්ද?
සාමාන්‍ය නිරෝගී මිනිසුන්ට නිකම් කන්න නොදී , ඔවුන්ගෙන් යම් සේවයක් ලබාගෙන ඊට සරිලන දීමනාවක් දීමට ක්‍රියා කිරීම වඩා වැදගත්
මෙයා පිලිප් ගුණවර්ධනගේ මැතිතුමාගේ පුතෙක් කියලා කියන්නත් ලැජ්ජයි.
ඔයා කියන ආණ්ඩුව කවුද?එහි කොටස් කරුවෝ ?දැනට ඔබ සිටින තැනය ?තමුන්ගේම වචන වලින් පැහැදිලි කර දුන්නොත් තමා කියන දේවල් ගැන සලකා බැලිය හැක්කේ.නැතිනම් ඉතින් කුනු ගොඩේම තමා.
සර් ෆේල්... මේ වැඩ බැරි ටාසන්ලා පත්කරගෙන රට බංකොළොත් වෙලා ඉවරයි.
ඔය බොරළුගොඩ නරින්ගේ කතා කවුරුවත් ගණන් ගන්නේ නෑ.. මහළු මඩමකට යන්න අපිට පව් දෙන්නේ නැතුව...