
(අමිල චින්තක ගමගේ)
හිටපු ඇමතිවරුන්ට යලි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ඒවායේ හිඟ විදුලිබිල් පත් හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බවද එම අමාත්‍යාංශය සඳහන් කර සිටී.
එම අමාත්‍යංශය පැවසන්නේ සියලු බිල්පත් ගෙවා අවසන් කිරීමෙන් පසුව පමණක් රජයේ නිල නිවාස යළි භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
එවක අමාත්‍යවරුන් 28 දෙනෙකුට නිල නිවාස නිකුත් කර තිබී ඇති අතර ඒ අනුව රජයේ නිල නිවාස හැකි ඉක්මනින් භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළිත් සිහි කැඳවිම් කළ බවද එම අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශයේ දැනුම් දීම දිගින් දිගටම මග හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද එම අමාත්‍යාංශය කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවතවත් පොදුජනමුදලින්ම යැපෙන්න හදන හිඟනුන්ගේ නම්ගම් දාන්න. මේ මස මුල සිට සියලු විදුලි, ජල, හා දුරකථන බිල්පත් අදාළ හිඟන්නන්ගෙන්ම අයකරගන්න. තවතවත් පොදුජන මුදල් වැය නොකර පදික වේදිකාවට ඇදලා දාන්න.
සක්කිලි හැත්ත. රටේ බත් කන හරක් තවමත් ඉන්න හින්ද තමයි. මෙවැනි තක්කඩින් නැවතත් දියවන්නාවට එන්න දඟලන්නේ. වරදාන, වරප්‍රසාද නැතිව ඉන්නම බැහැ, කුඩු ගැහුවටත් වඩා අන්තයි.
පිස්කල් බලය යොඳවා එළියට ඇඳලා දාන්න.
රජයට පුළුවන්නේ උසාවි නියෝගයක් අරගෙන පිස්කල් නිලධාරීන් සහ පොලිසිය යොදවා බඩු සහ නිවැසියන් එලියට දමලා නිවාස ටික අත්පත් කරගන්න. රජයට බැරිනම් ප්‍රසිද්ධ කරන්න ලිපිනයන් ජනතාව ඇවිත් ඔය වැඩේ කරලා දේවි.
තඹුත්තේගම අනුරයි, අනුරාධපුරේ ලාල් කාන්තයි 2010 ඉඳන් පාවිච්චි කරන මාදිවෙල මන්ත්‍රී නිල නිවාස 02ත් මේ කියන බාරදීපු නිල නීවාස 14ට ඇතුළත්ද? දන්නේ නැති හන්දා අහන්නේ...!
ජනතා බලවේගය පාවිච්චි කරලා, ඔවුන් ටික පන්නලා දෙන්න. මතකයි නේද මැයි 09, ලයිට් බිල සහ වතුර බිල අරගෙන දෙන්නම් රජයට.... දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක්...!