බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේදී ගාලු පාරට සමාන්තරව පිහිටි දුම්රිය මාර්ගය දිගේ මීටර් 50ක් පමණ ගිය වෑන් රථයක් සොයා ගත් බව පොලිසිය කියයි.
අලුත්ගම දර්ගා නගරයේ සිට වෙසක් සිරි නරඹා එන අතරතුර රියදුරුට නින්ද යාමෙන් මෙසේ වෑන් රිය දුම්රිය පාරදිගේ ධාවනයවී ඇතැයිද එහි කුඩා ළමුන් ඇතුළු 15 දෙනෙක් පමණ ගමන්ගත් බවටද පොලිසිය සැක කරයි. ඒ මෙහොතේ දුම්රියක් නොපැමිණීම නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වාගත් බවද පොලිසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ගමන්ගන්නා දුම්රිය කිහිපයකට අද (4) පැයක පමණ ප්‍රමාදයක් ද සිදුවිය. වෑන් රථයේ රියදුරු දැනට පොලිසියේ රඳවාගෙන ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් පුදුම නින්දක්? මීටර් පනහක් සිල්පරන් කොට උඩින් යනතුරු මොනවා කළාද? (නි)
දැන් ඉතින් අපේ පොලිසිය රාජකාරිය ක්‍රියාවේ යොදවයි. පවු අහිංසක රියදුරා! (නි)
පව්! ගමන් මහන්සිය වෙන්න ඇති (නි)
රියදුරාට නින්ද ගිය එකද දැන් වැරැද්ද? ඒකටද පොලිසියෙන් නඩු දාන්න යන්නේ? මෙම මාර්ගය අනතුරුදායක අන්දමින් පවත්වාගෙන යන දුම්රිය දෙපාර්තමේන්තුවටයි නඩු දාන්න තියෙන්නේ. ඔය කියන ස්ථානයේ ආරක්‍ෂිත වැටක් සවිකරන්න. එහෙම වුණාට පස්සේ ඔහොම නින්ද යන වාහන දුම්රිය මඟට යන එකක් නැහැ. (නි)
පහුගිය ආණ්ඩුව කාලේ උසස් ඇමතිවරයෙකුගේ පුතෙක් ප්ලේන් එකේ යනකොට දොර අරින්න ගියා අමතකද? කෝ ඒවාට නීතිය....? (නි)