පසුගියදා පැවැති "සන්සිල්ක් දෙරණ සිනමා" සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියතම සිනමා නිළිය සම්මාන ලැබූ දිනක්ෂි ප්‍රියසාද් මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකම රූපගත කිරීම් කටයුතු සඳහා සම්බන්ධ වී සිටින්නීය. නිළියක, නිවේදිකාවක මෙන්ම වර්තමානයේ නර්තන ශිල්පිනියක ලෙසද කටයුතු කරන දිනක්ෂි මේ දිනවල "ටිවී වන්" නාළිකාවේ විකාශය වන VVIP ටෙලි නාට්‍යය තුළින්ද රසික ඔබ හමුවේ.
"මේ දවස්වල ටිකක් විතර කාර්යබහුලයි. හේතුව තමයි කලා කටයුතු කිහිපයකටම මේ දවස්වල සම්බන්ධ වෙලා වැඩ කරන නිසා. දෙරණ නාළිකාවේ විකාශය වන "දෙරණ සිටි ස්ටාර්" රියැලිටි වැඩසටහන වෙනුවෙන් ලොකු කාලයක් වෙන්කරනවා. ඊට අමතරව හිරු නාළිකාවේ නිවේදන කටයුතු සඳහා සම්බන්ධ වෙනවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනි නාළිකාවේ සුදත්ත තිලකසිරි අයියාගේ "සිහින මල මගේ" කියලා නාට්‍යයක් විකාශය වෙනවා. ඔහුගේම තවත් අලුත් ටෙලි නාට්‍යයක රූපගත කිරිම් කටයුතු සඳහා මේ දිනවල සම්බන්ධ වෙලා වැඩ කරනවා. %මගේ කවිය ඔබයි^ තමයි ටෙලි නාට්‍යයේ නම. හැබැයි මේ ටෙලි නාට්‍යය මට විශේෂ එකක්. මොකද, මෙහි මා නිරූපණය කරන්නේ ත්‍රිවිල් හයර් කරන කෙනෙක් විදිහට. පසුගිය දවස් ටිකේම ඉතින් අපේ ගෙවල් ගාව ඉන්න මල්ලි කෙනෙක් එක්ක ත්‍රීවීල් ඩ්‍රයිව් කරන හැටි ඉගෙන ගත්තා. දැන්නම් ටිකක් විතර මට ත්‍රීවීල් එක ඩ්‍රයිව් කරගෙන යන්න පුළුවන්. ඉතින් ලොකු කැපවීමක් මේ නාට්‍යය වෙනුවෙන් මම කරනවා. ඇත්තටම, ඒ කැප කිරීම ගොඩක් ආසාවෙන් මට කරන්න ලැබුණ එක ගැන මට සතුටුයි."
බුද්ධික සේනාධීර / ඡායාරූප - දිනක්ෂිගේ ෆේස්බුක් ගිණුම
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දිනක්ෂිට ත්‍රීවීල් ලයිසන්