රජයක් හැටියට ගැබිණි මවුවරුන් හා දරුවන් අප ආරක්ෂා කළ යුතුයි. මව හා දරුවා මන්ද පෝෂණයෙන් මුදා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙනවා. ඒ වගකීම ඉටු කිරීමටයි අපි ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක් වෙනුවෙන් රුපියල් 20.000ක දීමනාව ලබාදීමේ වැඩ කටයුතු ආරම්භ කළේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොලොන්නරුවේ දී පැවසීය.
ගැබිණි මවුවරුනට රුපියල් විසිදහස පෝෂණ ආදාර ලබාදීමේ ජාතික උත්සවයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. පුලසිතිපුරයේ දී බුද්ධි මණ්ඩපයේ දී මෙම උත්සවය පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
ජනාධිපතිවරයා මෙසේ ද කීය. දීර්ඝ කාලයක් පැවැති යුද්දය නිසා උතුරේ දරුවන් සහ ගැබිණි මවුවරුන් මන්ද පෝෂණයෙන් පෙළනවා. කන්ද උඩ රටත් එසේමයි. ඔවුන් එයින් අප මුදවා ගත යුතුයි. රජයක් හැටියට අප ඊට නායකත්වය දෙන්නවා ඊට අදල අංශවල කැපවීම අත්‍යවශ්‍යයි. ලබා දෙන පොෂණ මල්ල ඉතාම උසස් මට්ටමින් හා පිරිසිදු කරමින් යුක්ත විය යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට එකක් ඉෂ්ටවුණාම හරිම සන්තෝෂයි නේද? (නි)
ජය වේවා ! (නදී)
බලමුකෝ කී කාලයක් මේවා තියෙයිද කියලා. ගිය ආණ්ඩුවේ පාසල් ළමයින්ට කිරි දුන්න වගේ තියෙයි (නදී)
මෙහෙම ටිකෙන් ටික ඉදිරියට යමු (නි)
අපේ නායකයා කියනි දේ කරන නායකයෙක් (දිල්)