යාපනය පලාලියේ සිට ආ ඉතාලි ලාංකිකයකු ශ්‍රී ලංකා ජනපතිට ලිපියන් යවමින් එරට ශ්‍රී ලංකා තානපති සේවය එහි සිටින ලාංකිකයනට සමීප කරන ලෙස ඉල්ලයි. ශ්‍රී ලංකාව දැන් හොඳ බවද කියයි.
පලෙර්මෝ නුවර ජීවත්වන දමිළ ජාතිකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට යැවූ ලිපියේ පිටපතක් ඔහු ලංකාදීප එසැණට එවීය.
ගරු ජනාධිපතිතුමනි,
මගේ නම තේමරාසන් පුල්ලේ ඒඞ්වන් යෝගන් මගේ උපන් ගම පලාලි. දැනට පදිංචිව සිටින්නේ ඉතාලියේ පලෙරෝමෝ නුවර මේ වන විට මගේ ගමන් බලපත‍්‍රයේ අවුරුදු දහය ඉවර වී ඇත. එය නැවත අලූත් කර ගැනීමට රෝමයට යා යුතුය. එහෙත් මෙයට පෙර පලෙර්මෝ නුවර තිබෙන ඒජන්සියක් මගින් එය කරගත හැකිව තිබිණි. නමුත් මේ වන විට ඔවුන් ගෙන යන කිසිදු ලියවිල්ලක් තානාපති කාර්යාල මගින් බාර නොගන්නා බව පවසමින් මාගේ ගමන් බලපත‍්‍රය බාර ගැනීමට නොහැකි බව පැවසීය. මා හට රෝමයට යෑම සඳහා දින දෙකක් වැයවන අතර යුරෝ 250ක් පමණ වැයවේ. යූරෝ 25ක් ගෙවමින් එජන්සිය මගින් කරගත හැකිව තිබූ දේ අද අපට අහිමිය. මම පසුගිය වසරේ ලංකාවට ගියෙමි. දැන් ලංකාව හුඟක් හොඳයි. අපි ජනාධිපතිතුමාට කැමතියි. ලංකාවට ගොස් පැමිණි පසු මට රැකියාව අහිමි වුණා. මේ වගේ ප‍්‍රශ්න තිබියදී රෝමය වැනි දුර බැහැර නගරයකට යෑමට නොහැකි බැවින් තානාපති කාර්යාල ආශ්‍රීත ගැටලූ විසදා ගැනීමට අප හට සුදුසු ක‍්‍රමයක් සකසා දෙන මෙන් ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමු.
ඉතාලියේ නොයෙක් ප‍්‍රදේශ වල ජීවත් වන දමිළ ජනතාව තමන්ගේ නොයෙක් අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා තානාපති කාර්යාලයට පැමිණි පසු දමිළ බසින් කතා කළ හැකි නිලධාරිනියක් සිටියද ඇයගේ සේවය ඔවුන්ට ලබා නොදෙන බව තවත් පිරිසක් එසැණට කීහ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘දැන් ලංකාව හොඳයි’’
සදුනි Friday, 15 March 2013 05:17 PM
දෙමළ විතරක් නෙමෙයි සහෝදරයා.. සිංහල කතාකරන අපේ නෑයොත් ඉතාලියෙ ඉන්නවා.. එයාලගේ අදහසත් ඕකමයි..!(නු)
නිල්මිණි Friday, 15 March 2013 05:18 PM
දැන්ද තේරුනේ ලංකාව හොදයි කියලා... ඔය ටික කියලා දෙන්න ඔයාලගේ අනිත් අයටත්..!(නු)
නිමල් Saturday, 16 March 2013 04:15 AM
මට නම් හරිම සන්තෝෂයි මගේ රට කවුරුන් හෝ අගය කරනකොට. අනේ වාසනාවන්! (නි)
චන්ද්‍රා Saturday, 16 March 2013 04:45 AM
නිල්මිණි නංගි, ටිකක් කරුණාවෙන් කියන්නකෝ. (නි)
අනුර Friday, 15 March 2013 05:47 PM
අපේ ජනාධිපතිතුමා මේ ලිපියට හොද පිළිතුරක් දෙයි.. අපි එකමවකගේ දරුවෝ..අපේ රට දැං ගොඩක් හොදයි.. ඒක තේරෙන්නේ නැහැ.. බටහිර රටවලට..!(නු)
අනිල් Friday, 15 March 2013 05:51 PM
බලදාරින්ගේ අවංක බාවය සිය වැසියනට පෙන්වීමට ඇති මහගු අවස්ථාවක් ?බලදාරින්ගේ අවදානය යොමුවේවා !(නු)
කොස්වත්ත Friday, 15 March 2013 06:28 PM
මේ දෙමළ මහතා කියන කතාව සහතික ඇත්ත (නු)
කුමාර Friday, 15 March 2013 06:30 PM
ස්තුති ඔබට (දී)
පියසර Friday, 15 March 2013 06:44 PM
ලංකාව කවදාත් හොදයි (දී)
අබය Friday, 15 March 2013 07:49 PM
මගේ ලංකා මාතාව කවදාත් හොදයි (දී)
ලාලිත් - දොහා Saturday, 16 March 2013 11:18 AM
ජනපති තුමනි ඔබතුමාගේ විශේෂ අවධානය සියලු රටවල තානාපතිවරුන්ගේ ක්‍රියා කලාපය වෙනුවෙන් යොදවන්න (අ)
රන්ජන් Saturday, 16 March 2013 12:33 AM
මුළු නිලධාරීමණ්ඩලයම වෙනස් කරලා දක්ෂයන්ට තැන දෙන්න (ස)