යාපනය පලාලියේ සිට ආ ඉතාලි ලාංකිකයකු ශ්‍රී ලංකා ජනපතිට ලිපියන් යවමින් එරට ශ්‍රී ලංකා තානපති සේවය එහි සිටින ලාංකිකයනට සමීප කරන ලෙස ඉල්ලයි. ශ්‍රී ලංකාව දැන් හොඳ බවද කියයි.
පලෙර්මෝ නුවර ජීවත්වන දමිළ ජාතිකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට යැවූ ලිපියේ පිටපතක් ඔහු ලංකාදීප එසැණට එවීය.
ගරු ජනාධිපතිතුමනි,
මගේ නම තේමරාසන් පුල්ලේ ඒඞ්වන් යෝගන් මගේ උපන් ගම පලාලි. දැනට පදිංචිව සිටින්නේ ඉතාලියේ පලෙරෝමෝ නුවර මේ වන විට මගේ ගමන් බලපත‍්‍රයේ අවුරුදු දහය ඉවර වී ඇත. එය නැවත අලූත් කර ගැනීමට රෝමයට යා යුතුය. එහෙත් මෙයට පෙර පලෙර්මෝ නුවර තිබෙන ඒජන්සියක් මගින් එය කරගත හැකිව තිබිණි. නමුත් මේ වන විට ඔවුන් ගෙන යන කිසිදු ලියවිල්ලක් තානාපති කාර්යාල මගින් බාර නොගන්නා බව පවසමින් මාගේ ගමන් බලපත‍්‍රය බාර ගැනීමට නොහැකි බව පැවසීය. මා හට රෝමයට යෑම සඳහා දින දෙකක් වැයවන අතර යුරෝ 250ක් පමණ වැයවේ. යූරෝ 25ක් ගෙවමින් එජන්සිය මගින් කරගත හැකිව තිබූ දේ අද අපට අහිමිය. මම පසුගිය වසරේ ලංකාවට ගියෙමි. දැන් ලංකාව හුඟක් හොඳයි. අපි ජනාධිපතිතුමාට කැමතියි. ලංකාවට ගොස් පැමිණි පසු මට රැකියාව අහිමි වුණා. මේ වගේ ප‍්‍රශ්න තිබියදී රෝමය වැනි දුර බැහැර නගරයකට යෑමට නොහැකි බැවින් තානාපති කාර්යාල ආශ්‍රීත ගැටලූ විසදා ගැනීමට අප හට සුදුසු ක‍්‍රමයක් සකසා දෙන මෙන් ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමු.
ඉතාලියේ නොයෙක් ප‍්‍රදේශ වල ජීවත් වන දමිළ ජනතාව තමන්ගේ නොයෙක් අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා තානාපති කාර්යාලයට පැමිණි පසු දමිළ බසින් කතා කළ හැකි නිලධාරිනියක් සිටියද ඇයගේ සේවය ඔවුන්ට ලබා නොදෙන බව තවත් පිරිසක් එසැණට කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමළ විතරක් නෙමෙයි සහෝදරයා.. සිංහල කතාකරන අපේ නෑයොත් ඉතාලියෙ ඉන්නවා.. එයාලගේ අදහසත් ඕකමයි..!(නු)
දැන්ද තේරුනේ ලංකාව හොදයි කියලා... ඔය ටික කියලා දෙන්න ඔයාලගේ අනිත් අයටත්..!(නු)
මට නම් හරිම සන්තෝෂයි මගේ රට කවුරුන් හෝ අගය කරනකොට. අනේ වාසනාවන්! (නි)
නිල්මිණි නංගි, ටිකක් කරුණාවෙන් කියන්නකෝ. (නි)
අපේ ජනාධිපතිතුමා මේ ලිපියට හොද පිළිතුරක් දෙයි.. අපි එකමවකගේ දරුවෝ..අපේ රට දැං ගොඩක් හොදයි.. ඒක තේරෙන්නේ නැහැ.. බටහිර රටවලට..!(නු)
බලදාරින්ගේ අවංක බාවය සිය වැසියනට පෙන්වීමට ඇති මහගු අවස්ථාවක් ?බලදාරින්ගේ අවදානය යොමුවේවා !(නු)
මේ දෙමළ මහතා කියන කතාව සහතික ඇත්ත (නු)
ස්තුති ඔබට (දී)
ලංකාව කවදාත් හොදයි (දී)
මගේ ලංකා මාතාව කවදාත් හොදයි (දී)
ජනපති තුමනි ඔබතුමාගේ විශේෂ අවධානය සියලු රටවල තානාපතිවරුන්ගේ ක්‍රියා කලාපය වෙනුවෙන් යොදවන්න (අ)
මුළු නිලධාරීමණ්ඩලයම වෙනස් කරලා දක්ෂයන්ට තැන දෙන්න (ස)