යුද ජයග්‍රහණය ලබා වසර 7ක් පිරීම නිමිත්තෙන් අද (18) යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කර පින් අනුමෝදන් කිරීමේ පිංකමක් කොළඹ 7 සම්බෝධි විහාරයේදී පැවැත්විණි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ මූලිකත්වයෙන් පිංකම සිදු කැරිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුවණයිනි, මේ හැමෝම කළ දෙයක් නැහැ. යුද්ධ කළේ සොල්දාදුවෝ. යුද්ධ කරන්න කියලා අණ දෙන එක නෙමෙයි අමාරු යුද්ධය කරන එකයි. සොල්දාදුවෝ මැරිලා. මේගොල්ලෝ යුද ජයග්‍රහණයෙන් බලයේ හිටියා. සුරසැප වින්ඳා. පැරදුනේ අපියි (නි)
අනිල්ගේ අදහස අගයමි (නි)
අවශ්‍ය මොහොතේ දේශපාලන නායකත්වය දුන් ඔබතුමා නොසිටින්න අද අපි නැහැ. යුද්ධය ගැන කගෙන්හරි අහලා කතාකරන අය ගැන අනුකම්පා කරන්න. (නි)
යුද්ධය එපා අය ජාතිවාදය අවුස්සන්නේ නැතුව ඉන්න. අර ලේ, මේ ලේ... ඕවා වැඩක් නැහැ දැන්. (නි)
කෙළෙහිගුණ මතක තිබෙන පිරිස ගැන අවබෝධයක් අදහස් වලින්ම ලැබෙනවා (නි)
බුදුහාමුදුරුවෝ දේශනා කළේ වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලා. අපි ජයග්‍රහණය කළේ මිනිසුන් කොටසක් මරලා, අපෙන් කොටසකුත් මැරිලා. ස්වාමියා, තාත්තා, පුතා, අයියා, මල්ලි නැතිවුණේ ගෙදර අයට. වෙනකාටවත් නොවේ. මේ අතරෙ අසරණ වුණ පවුල් කීයක් ඇද්ද? මේක අවුරුද්දේ දවස් 365ම සිතන්න ඕනෑ දෙයක්. අවුරුද්දට එක පාරක් හිතලා, එ්කෙන් ප්‍රසිද්ධ වෙන්න කව්රුහරි හදානවා නම් එය කෙතරම් දුරට සාධාරණදැයි සිතිය යුතුයි. මෙය සමරන්න තිබුනේ රණවිරු සෙවනේ. ඔවුන් තමයි මේ විජයග්‍රහණයේ සැබෑ උරුමක්කාරයෝ. (නි)
ඩුබායිවල බැංකුවල තිබෙන සල්ලි ජනසතු කළාම, ඒ සල්ලි හොරාගත් අය රටට ණය නැහැ. (නි)
මෙතන අදහස් දමන රාජපක්ෂවාදින් යුද්ධයේ ඉතිහාසය මුළුමනින්ම අමතක කරලා. ඇයි නරකද වීරයෙක් කියලා කරුණා අම්මාන්, පිල්ලෙයාන්ලාටත් ස්තුති කළාම? අප්පුහාමි වගේ මිනිස්සුත් ඒ අතරේ ඉන්න එක ගැන සන්තෝෂයි. පාලිතලා වගේ මිනිස්සු නම් හිටියත් නොහිටියා වගේම තමයි. (නි)
අනේ අප්පුහාමි, ඔබ ගැන බොහොම කණගාටුයි. සැබෑ යුද්ධයක් දකින්න නොලැබෙන නිසා ටෙලි කතා නොබලා ඉඳහිටලා ඇමරිකන් යුධ සිනමාවක්වත් බලන්න. (නි)
ප්‍රචාරත්මකව පින් දීමෙන් පින් දෙන්නාටද, එය ලබන්නාටද වැඩක් සිදුවන්නේ නැහැ. පන්සල් විහාර වගේ සඟසතු දේපොළ තම ප්‍රචාරාත්මක වැඩ සඳහා නියමින් හෝ අනියමින් භාවිතා කිරීමේ විපාක මේ උදවිය තේරුම් ගන්න ඕනෑ. (නි)
අප්පුහාමිට මතකද අපේ සොලදුවෝ පලාලි වලදී කොටුවුණ හැටි? (නි)
යුද්ධය අදත් තිබුණා නම් කෙරෙන විදිහ හිතාගන්න පුළුවන්. අද එක එක දේශපාලන නායකයින් වැඩ කරන්නේ ඔවුන්ට ඕනෑ විදිහට. (නි)
සරත් ෆොන්සේකා හමුදාවට බැඳුනේ 2005 දී. ඉන්පසුව තමයි යුද්ධය දිනුවේ. (නි)
ඇයි දැන් මහින්ද මහත්තයලා මහා රණවිරු උළෙලක් තියනවා කිවුවා නේද? ඒ මේකද? (නි)
මහින්ද ගෝඨාභය හැමෝම සිටිය බව ඇත්ත. යුද්ධය කළේ රණවිරුවන්. ඇස් හිස් කකුල් අතපය ජිවිත පුජාකළේ රණවිරුවන්. (නි)
ඔබ දෙපලට තෙරුවන් සරණයි! සියලුම රණවිරුවන්ට පින් පතන අතර, මෙම පින්කම සංවිධානය කිරීම ගැන ස්තූති කරමි (නි)
අදහස් දමන සමහරුන් බොහොම කුහකයි. සොල්දාදුවන් හෝ අනෙක් සම්පත් තිබුනාට වැඩක් නැහැ නිසි නායකත්වයක් නැත්නම්. මහින්ද කාලේ පිරිස් බලය, සම්පත්, අවශ්‍ය පරිසරය, ඉන්දියානු සාධකය කළමනාකරණය කිරීම විතරක් නොවෙයි හමුදාපතිවරයා සහ හමුදාව විවේචනය කළ සියල්ලන් පාලනය කරමින් යුද්ධයට නායකත්වය දීමක් සිදුවුණා (නි)
අප්පුහාමිගේ ටිකිරි මොළේ තරම? මේ මිනිස්සු දෙන්නා නොහිටින්න අපි වළලපු තැන්වල ගසුත් පැලවෙලා. මිනිස්සු මොනතරම් කුහකද? (නි)
මෙන්න නායකයෝ (බ)
රණවිරුවන්ට මෙන්ම යුද්ධය නිමා කිරීමට මූලිකත්වය දුන් ඔබ දෙපලටද පින්සිදු වේවා! (බ)
හැමදේම දේශපාලනීකරණය වෙලා ඉවරයි. දුක කියන්නේ රටේ ජනතාවගෙන් සුළු කොටසක් අන්ධයෝ වගේ මෙවැනි පුද්ගලයන් පිටුපස යාමයි. (නි)
උදිත ලොකුබණ්ඩාරත් පුටුවක වාඩිවෙලා ඉන්නේ පන්සල ඇතුලේ ... ඕකට තමයි කියන්නේ රාජ උෂ්ණය ගහනවා කියල... මෙයාල අනාගතේ රට පාලනය කළොත් කොහොමට හිටීවිද... සාසනේට රටට අබ සරණයි...(බ)
මේ වගේ දවසකවත් දේශපාලනය නොකර ටිකක් අවංක වුනානම් නේද හොද . මැරුණේ අපේ දරුවෝ . ඔබතුමාගේ නෙමෙයි (බ)
අපිට ජීවත් වීමට අවස්ථාව ලබා දුන් ඔබටත් පින්. මොන වැරදි තිබුනත් ඔබ මේ රටට ණය නැහැ. ඔබේ අගය දැන් ඉන්න නොමිනිසුන්ට නොතේරුනාට අනාගත දරුවෝ ඔබ සදා සමරාවි. (බ)
යුද්ධයක් දිනාන්න විතරක් නෙමෙයි, ඕනෑම දෙයක් නිසිපරිදි සිදුකරන්නට නම් සහ අවසාන අරමුණට ළඟාවීමට නම් සැබෑ නායකත්වයක් තිබිය යුතුය. පහුගිය දශක දෙකේම අපේ රටට කොන්ද පණ තියෙන නායකත්වයක් තිබුනේ නැහැ. මහින්ද තමයි ලෝකයේ මහා බලවතුන්ගේ අතකොළුවක් නොවී සාමය උදාකරන්න කැපවුණු එකම නායකයා. මහින්ද ඒ දේ කළා. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සුවිශේෂී චරිතයක් වෙන්නේ. බොහොමයක් මිනිසුන්ට මේ දේ තාම තේරුම්ගන්න බැරිවෙලා. (නි)
ඔබ දෙපළට හා ජීවත්වන රණවිරුවන්ට දීර්ගායුෂත් මියගිය රණවිරුවන්ට නිවන්සුවත් පතමි. ඔබ දෙපළට පෙර විවිධ දේශපාලන නායකයන් මෙම රට පාලනය කළෝය. එමෙන්ම විරෝධාර හා නිර්භීත (ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි) සෙන්පත්වරු සේනාංක මෙහෙයවන ලදී. නමුත් නිසි දේශපාලන නායකත්වයක් නොමැතිකමින් ඔවුන්ගේ දක්ෂකමින් හා නිර්භීතකමින් රටට නිසි ඵල නෙළා ගැනීමට නොහැකි විය. එවන් අවස්ථාවක ඔබ මෙම රටට හමුදාවට නිර්භීතව නායකත්වය දෙමින් අපට නිදහසේ ජීවත්විමට කටයුතු කිරීම අගය කරමි. (නි)
නිම්මි, මම ඔබ සමග එකගයි. අපි එම දෙපලට සදා ණය ගැතියි. (ර)
නිම්මි, එතුමා රටට ණය නැහැ. (ර)
රණවිරුවන් සමග මහින්ද නාමයත් සදා අමරණීය වේවා. අපට නිදහස රටක් උදා කර දුන් ඔබට මුළු ජාතියේම ප්‍රණාමය. (ර)
ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් රණවිරුවන්ට අපගේ උත්තමාචාරය!! එහි ප්‍රධාන නියමුවා තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැති තුමා. (ර)
යුධ ජයග්‍රහණය සැමරීම නතර කිරීම වැරදි නම්, 1971 හා 1988/89 යන කාලවලත් තිබුනේ ත්‍රස්තවාදයක් තමා. ඒක නතරකරලා රට සමාදාන කළ එකත් සමරන්න ඕනෑ. එ්කට කවුරුන්ද කැමති? (නි)
යුද්ධේන් බැට කාපු අපි තවමත් අවදියෙන්. සිදු වූ දේ අපි දනිමු. සිහිනෙන් අවදි උවන් ඔබතුමාලා නොදුටුවත්. අපි සැමදා ඔබතුමාලා සමගයි. (ර)
ඉතිහාසය සාධාරණය ඉටුකරනු ඇත! (නි)
සත්‍යාගේ අදහස් දැක්වීම අගය කරමි. සැබවින්ම සිදුවුණේ මෙය බව මැදහත් සිතින් බලන අයට වැටහෙන කරුණක්. (නි)
රණවිරුවන්ගේ කර මතින් ගිහින් තමන්ගේ බලය තහවුරු කරගන්න දේශපාලකයෝ ගොඩක් කැමතියි. (නි)
රණවිරුවන් සමඟ මහින්ද නාමයත් සදා අමරණීය වේවා! අපට නිදහස රටක් උදාකර දුන් ඔබට මුළු ජාතියේම ප්‍රණාමය! රණවිරුවන්ට මෙන්ම යුද්ධය නිමාකිරීමට මූලිකත්වය දුන් ඔබ දෙපලටද පින්සිදු වේවා! (නි)
ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිටයි! ආයුබෝ වේවා! (නි)
ඔබට අපගේ ප්‍රණාමය! එ්ත් අවාසනාවකට ඔබතුමා තාමත් යන්නේ වැරදි පාරක. සිහිනුවණින් රටට සැබෑවටම ආදරේ කරන අවංක උගත්, බුද්ධිමත් පිරිසක් ඔබතුමා වටේ නැති එක ගැන අපට කණගාටුයි (නි)
ඔය කවුරු කවුරුත් අද බිය සැක නැතුව ඔය මවුබිමේ කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්නේ අපේ රටේ නිර්භීත දු පුතුන් එක අරමුණකට තම වටිනා ජීවිත පරදුවට තබා සටන්කර දෙකඩ වු රට එක් සේසත් කළනිසයි. සටනට නායකත්වය දුන් සියලු නායකයන්ටත්, සියලු රණවිරුවන්ටත්, මායිම් ගම්මානවල ජීවත් වී මිලේච්ඡ ලෙස ඝාතනයන්ට ලක් වු ඒ මහා ජන පිරිසටත් අප මුල අමතක නොකරන ජාතියක් නම් සදා ණයගැති වෙමු. (නි)
වසරකට වරක් රණවිරුවන් සිහිපත් කිරීම පමණක් ප්‍රමාණවද්ද? (නි)
මා වෛද්‍යවරයෙක් හැටියට අනුරාධපුර, නැගෙනහිර පළාතේ රැකියව කර ලත් අත්දැකීම් අනුව බෝමබ වලින් මැරුණු අහිංසක ජනතාවගේ දුක දැක්කා. ඔබ අප රටේ සදා නායකයායි. යුද බිය නැතිකළේ ඔබෙයි. ඔබට ජය! (නි)
මෙතුමා අපේ රටට වටිනා සම්පතක් නොයෙක් ගැරහිලි මැද්දේ නොසැලී සිටින නායකයා ඔබ තුමාට ජය වේවා (ම)
කාගේවත් මඩ වලට නොසැළී ඉදිරියටම යන අපේ රටේ උතුම් නායකයා මහින්ද මැතිතුමායි (නි)
කුහකකමින් නොබලන්න. අපි ඒ කාලේ මොනතරම් බයකින්ද හිටියේ? (නි)
සමහර අදහස් ගැන නම් දුක හිතෙනවා (නි)
නිම්මි, ප්‍රනාන්දු වැනි අය කතාකරන්නේ මහින්ද ගැන පමණි.මොකද හෘද සාක්ෂිය නැද්ද එතකොට සරත් ෆෝන්සේකා, සොල්දාදුවෝ, අණදුන් නිලධාරීන්, ත්‍රිවිධ හමුදා අය, මැරුණු සෙබළුන්, අංගවිකල සෙබළුන් ගැන. (නි)
අරුණ පෙරේරා, කුහක නොවන්න. මෙතුමාගේ පිහිටෙන් ඔබත් ඔබ පවුලත් නිදහසේ දැනට යුද බියෙන් තොරව ජීවත්වන බව සිතේ තබා ගන්න. නමුත් වත්මන් පාලනයෙන් අනාගතය අවිනිශ්චිත බවක් දැනේ (නි)
නිම්මිටත් ඡන්දෙ දවස්වල හොඳට තෑගිබෝග ලැබිලා වගෙයි (නි)
නිම්මි, මෙයාලා රටට විතරක් නෙමෙයි, මුළු ලෝකෙටම අපිව ණයකාරයෝ කරලා ගියේ. ඒක නිසා නොදන්නා දේවල් ලියන්න එපා. අනික නියම යුද විරුවන් කෝ? (නි)
යුද්ධයෙන් පසු යුද ජයග්‍රහණය රගර් පන්දුවක් බවට පත්වුණා. එල්.ටී.ටී.ඊ පිලට එරෙහිව කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කළ මහින්ද, ගෝඨා සහ ෆොන්සේකා එකිනෙකාට විරුද්ධව ගෝල් ගහන්න ගියා. පන්දුව ෆොන්සේකාගෙන් ගෝඨා උදුරාගත්විට මහින්ද එය ගෝඨාගෙන් උදුරා ගත්ත. පැරදුනේ එල්.ටී.ටී ඊ එක විතරක් නොවේ අපේ බොහෝ රණවිරුවන්ද යුද්ධය නිසා අනාථවූ ඔවුන්ගේ අසරණ දරු පවුල්ද මේ යුද්ධයෙන් ඇත්තටම පැරදුන අයයි. යුද්ධය යුධ ජයග්‍රහණයක් ලෙස නොව දේශපාලන ජයග්‍රහණයක් කරන්න දඟලපු එකේ ආනිසංස මැතිවරණ ප්‍රතිඵල වලදීත් දැකගන්නට ලැබුනා. (නි)
නිම්මි, චින්තක, ඔබ දෙපලගේ අදහසට මාත් එකඟයි. කොතරම් නායකයින් අපේ රටේ හිටයත් කොතරම් ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් හිටියත්, මහින්ද සහ ගෝඨාභය යන උතුම් මහත්මවරුන් නිසා අපිට අද නිදහස් රටක ජීවත්වෙන්න වරම් ලැබී තිබෙනවා. ඔබ දෙපලට සහ අපේ රණවිරුවන්ට පින්! (නි)
වැඳිය යුත්තේ කාටද, පිඳිය යුත්තේ කාටද යන්න අපේ බොහෝදෙනා තවමත් තේරුම්ගෙන නැත. අපි ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලකයන්ට ණයගැති වන්නේ කුමකටද යන්න තේරුම්ගත නොහැකිය (නි)
නිම්මිලාට හා කරුණාපාලලාට ෆොන්සේකා මහත්මයාව මතකත් නැහැ වගෙයිනේ. සැබෑ රණවිරුවන්ගෙන් ඇහුවා නම් කියයි, යුද්ධයෙන් පස්සේ රණවිරුවන් වෙනුවෙන් ඔය කවුරු කවුරුත් කළ කෙරුවාව (නි)
හැමදාම බොරුව රජ කරන්න බැරි බව අද පාලකයෝ තේරුම් ගන්න ඕනේ (බ)
දිවිපිදු සහ අාබාධිත සැමටත්, යුද්ධයට උරදුන් සැමගේ මවුපියන්ටත්, රටට ආදරේ ඇති සැමටත් අපගේ ප්‍රණාමය! ඒ වගේම හිටපු ජනාධිපතිතුමාටත් ආරක්ෂක ලේකම්තුමාටත් අපගේ උත්තමාචාරය! ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
ඔබතුමා උතුම් මිනිසෙක්. ඒ සමඟම ගෝඨාභය මහතාත් එවකට හමුදාපති ෆොන්සේකා මහතාත් කළ සේවය සහ ත්‍රිවිධ හමුදාවල රණවිරුවන් ගෞරවයෙන් සිහිකරමි. අපි ඒවා අමතක කරන්න තරම් ගුණමකුවෝ නොවන්නෙමු (නි)
මෙහි වම්පස සිටින අද්විතීය මිනිසාගෙන් අද වැනි අාපදා අවස්ථාවක කෙතරම් සේවයක් ලබාගත හැකිද? බිහිසුණු සංග්‍රාමය කළමනාකරණය කළේ ඔවුන්ය. වහාම ගෝඨාභය මහතාණන්ගේ මුලිකත්වයෙන් අාපදා කළමනාකරණ කාර්යසාධක බලකායක් පිහිටුවා අවතැන්වුවන් නැවත පදිංචි කරනතුරු එය ක්‍රියාත්මක කරන්න. රජය සහයෝගය දුන්නත් නැතත් ඒකාබද්ධ විපක්ෂය හෝ මෙය සංවිධානය කරනු අැතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. (නි)
ඔබ නැතිවුණා නම් අද අපිද මෙලොව නැත. රණවිරුවනි, ඔබට ජාතියේ උපහාරය! (නි)
අද වගේ දවසක මේ සමඟම අර නායයෑම හේතුවෙන් මියගිය අයවත් මතක් කරලා පින් දුන්නා නම් හොඳයි නේද? (නි)
හිටපු ජනාධිපතිතුමනි, පැමිණෙන්නට නොහැකි වුණත් හදවතින් අපි ඔබ සමඟයි (නි)
භද්‍රානි, දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු සහ වියට්නාම් යුද්ධයෙන් පසු එම රණකාමීන්ට සිදුවුණ දේ අපේ රණවිරුවනට වුණේ නැහැ. ඒගොල්ලන්ට තවමත් අපි වැටුප් ගෙවනවා. එ්ත් වැඩ ගන්නවා. ඒක කළයුතු දෙයක්. (නි)