ඉතාලියේ මාන්තුවා නගරයේ විරැකියා ශ්‍රී ලංකා තරුණයෙක් ඉතාලි රජයේ නීත්‍යනුකූල සූදු ක්‍රීඩාවක් වන ලොටෝ ක්‍රීඩාවෙන් යුරෝ 22000 (රුපියල් 3630000) ජයගෙව ඇත. ඔහු එම නගරයේ තවත් අයකු සමග ලොටෝ සෙල්ලම් කළේය. ලොටෝ ආයතනයේ හිමිකාරිය කීවේ, ඔහු තමන්ගේ හොද ගනුදෙනු කරුවකු බවයි. රැකියාවක් නැති ඔහු දුම්බොන අයකු ලෙසත් ඔහුගේ ජයග්‍රහනයෙන් පසු දුම්වැටි වලින් සහ මදුවිතෙන් අන් අයට සංග්‍රහ කළ බවත් ඇය කීවාය.
තවද රැකියා විරහිත ඔහුගේ ජය නිසා ඔහු ඉතාලියේ ජීවත් වීමට යම් මුදලක් තබාගෙන ඔහුගේ ඥාතීන්ට හොද මුදලක් යැවීමට හැකිවීම ගැන ඇය සතුටු වන බව ද පැවසීය.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙන දෙයියන් ගෙට ගෙනවිත් දීලා
ලියනගේ Friday, 22 March 2013 07:16 AM
රැකියාවක් නැත්නම් ලොටෝ සෙල්ලම් කරන්න සල්ලි කොහෙන්ද? දිනපු එකට සුභ පැතුම්. සල්ලි ආයෝජනයයක් කරන්න.(නදී)
අමිල කටුනායක Tuesday, 19 March 2013 03:38 PM
අපිට නම් දෙන දෙයියෝ කොහොම වෙතත් ගන්න දෙයියෝ නම් වටකරගෙන ගන්නවා. (නි)
ජගත් Tuesday, 19 March 2013 03:40 PM
මට මෙහෙම එකක් ඇදෙන්නෙ නැහැනේ... (නි)
ගාමිණී Tuesday, 19 March 2013 12:03 PM
දිනපු එක හොදයි. පැරදුණා නම් එහෙම ඒකෙ වගකීමත් තානාපති කාර්යාලටම බාරගන්න වෙයි. (නි)
ධම්ම Tuesday, 19 March 2013 04:27 PM
රැකියාවකුක් නැති, දුම්බොන, මදුවිතෙන් අන් අයට සංග්‍රහ කරන කෙනෙක් නම් දෙයියන්ටම තමයි එයා බලාගන්න වෙන්නේ. (නි)
අමිල Tuesday, 19 March 2013 12:16 PM
ජිවත් වෙන්න රස්සාවක් නැහැ, සූදුවට නම් සල්ලි කොහෙන්හරි හොයා ගන්නවා. අන්තිමේ දිනුව ගාන වගේ දෙගුණයක් වියදම් කරගෙන හිස් අතින් ඒවි ලංකාවට. (නි)
නන්දන Tuesday, 19 March 2013 12:11 PM
බඹරේ කැරකෙන්න ගත්තාම වැල්ලෙත් කරකැවෙනවා (දී)
ඇන්තනි Tuesday, 19 March 2013 12:45 PM
සන්තෝසයි (දී)
ඇන්ටන් Tuesday, 19 March 2013 12:41 PM
සුරාව, සූදුව, දුම... සුභ අනාගතයක්! (නි)
ප්‍රියන්ත Tuesday, 19 March 2013 12:48 PM
මෙහෙමත් දෙයක් (දී)
මාලක Tuesday, 19 March 2013 12:42 PM
මමත් ඉන්නේ ඉතාලි වල. හොදම දෙය තමයි දිනුමක් ඇදුනහම සද්ද නොකර ලංකාවට එන එක. (නි)
මංජුල Tuesday, 19 March 2013 12:52 PM
මටත් එහෙම දෙයක් වෙනවානම් (දී)
අරුණ Tuesday, 19 March 2013 05:48 PM
ලොටෝ කියන්නේ ලොතරැයියක් නේද? (නි)
නිශාන්ත Tuesday, 19 March 2013 01:31 PM
අපිට තියෙනවානම් එවන් පිනක් (දී)
අනුර Tuesday, 19 March 2013 01:36 PM
දෙන දෙයියෝ අතටම දීලා
පාලිත Tuesday, 19 March 2013 01:42 PM
අපිටත් ලැබෙනවානම් මේ විදිහට (දී)
ඇන්ටන් Tuesday, 19 March 2013 01:44 PM
නියමයි. (නි)
චතුරංග Tuesday, 19 March 2013 08:20 PM
මේකත් අවසානයේදී ලංකාවේ කොටස් වෙළදපොළ වගේ තමයි. අතේ තියෙන සල්ලිත් නැහැ. ලැබුණූ දේකුත් නැහැ. (නි)
ජගත් Tuesday, 19 March 2013 08:42 PM
මටත් මෙහෙම එකක් ඇදුනා නම්? (නි)
සනත්. වෙරෝනා Tuesday, 19 March 2013 03:00 PM
ඉතාලියේ විරැකියාව ඉතාම ඉහළ තත්වයකයි මේ වන විට ඇත්තේ .කොහොම වුණත් අපේ රස්සාවක් නැති කෙනෙක් කීයක්හරි දිනපු එක හොඳයි. (නි)