ඉතාලියේ මාන්තුවා නගරයේ විරැකියා ශ්‍රී ලංකා තරුණයෙක් ඉතාලි රජයේ නීත්‍යනුකූල සූදු ක්‍රීඩාවක් වන ලොටෝ ක්‍රීඩාවෙන් යුරෝ 22000 (රුපියල් 3630000) ජයගෙව ඇත. ඔහු එම නගරයේ තවත් අයකු සමග ලොටෝ සෙල්ලම් කළේය. ලොටෝ ආයතනයේ හිමිකාරිය කීවේ, ඔහු තමන්ගේ හොද ගනුදෙනු කරුවකු බවයි. රැකියාවක් නැති ඔහු දුම්බොන අයකු ලෙසත් ඔහුගේ ජයග්‍රහනයෙන් පසු දුම්වැටි වලින් සහ මදුවිතෙන් අන් අයට සංග්‍රහ කළ බවත් ඇය කීවාය.
තවද රැකියා විරහිත ඔහුගේ ජය නිසා ඔහු ඉතාලියේ ජීවත් වීමට යම් මුදලක් තබාගෙන ඔහුගේ ඥාතීන්ට හොද මුදලක් යැවීමට හැකිවීම ගැන ඇය සතුටු වන බව ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියාවක් නැත්නම් ලොටෝ සෙල්ලම් කරන්න සල්ලි කොහෙන්ද? දිනපු එකට සුභ පැතුම්. සල්ලි ආයෝජනයයක් කරන්න.(නදී)
අපිට නම් දෙන දෙයියෝ කොහොම වෙතත් ගන්න දෙයියෝ නම් වටකරගෙන ගන්නවා. (නි)
මට මෙහෙම එකක් ඇදෙන්නෙ නැහැනේ... (නි)
දිනපු එක හොදයි. පැරදුණා නම් එහෙම ඒකෙ වගකීමත් තානාපති කාර්යාලටම බාරගන්න වෙයි. (නි)
රැකියාවකුක් නැති, දුම්බොන, මදුවිතෙන් අන් අයට සංග්‍රහ කරන කෙනෙක් නම් දෙයියන්ටම තමයි එයා බලාගන්න වෙන්නේ. (නි)
ජිවත් වෙන්න රස්සාවක් නැහැ, සූදුවට නම් සල්ලි කොහෙන්හරි හොයා ගන්නවා. අන්තිමේ දිනුව ගාන වගේ දෙගුණයක් වියදම් කරගෙන හිස් අතින් ඒවි ලංකාවට. (නි)
බඹරේ කැරකෙන්න ගත්තාම වැල්ලෙත් කරකැවෙනවා (දී)
සන්තෝසයි (දී)
සුරාව, සූදුව, දුම... සුභ අනාගතයක්! (නි)
මෙහෙමත් දෙයක් (දී)
මමත් ඉන්නේ ඉතාලි වල. හොදම දෙය තමයි දිනුමක් ඇදුනහම සද්ද නොකර ලංකාවට එන එක. (නි)
මටත් එහෙම දෙයක් වෙනවානම් (දී)
ලොටෝ කියන්නේ ලොතරැයියක් නේද? (නි)
අපිට තියෙනවානම් එවන් පිනක් (දී)
දෙන දෙයියෝ අතටම දීලා
අපිටත් ලැබෙනවානම් මේ විදිහට (දී)
නියමයි. (නි)
මේකත් අවසානයේදී ලංකාවේ කොටස් වෙළදපොළ වගේ තමයි. අතේ තියෙන සල්ලිත් නැහැ. ලැබුණූ දේකුත් නැහැ. (නි)
මටත් මෙහෙම එකක් ඇදුනා නම්? (නි)
ඉතාලියේ විරැකියාව ඉතාම ඉහළ තත්වයකයි මේ වන විට ඇත්තේ .කොහොම වුණත් අපේ රස්සාවක් නැති කෙනෙක් කීයක්හරි දිනපු එක හොඳයි. (නි)