‘අපේ රටේ මා දන්න විදියට චණ්ඩි දෙන්නයි සිටියේ. ඒ එක්කෙනෙක් ප්‍රභාකරන්. අනෙකා රෝහණ විජේවීර. ඊට වැඩිය චණ්ඩියෙක් මේ රටේ නැහැ. දැන් සිවුරක් දා ගත්ත චණ්ඩියෙක් එනවා, මට චණ්ඩිකම් කරන්න.ඒ චණ්ඩියෙක් නෙවෙයි. චන්ඩි කවුද කියා මම හොඳට දන්නවා. ප්‍රභාකරන් චන්ඩියත් මා මරන්න හැදුවා. මගේ ඇඟේ එක පැත්තක යකඩ කෑලි තියෙනවා. චන්ඩියා මැරුණා. මම ඉන්නවා. විජේවීර චණ්ඩියත් මා මරන්න හැදුවා. මගේ ඇඟේ තව පැත්තක යකඩ කෑලි තියනවා. විජේවීරත් මළා. මම ඉන්නවා. ‘ ධීවර ඇමැති දොස්තර රජිත සේනාරත්න මහතා තංගල්ල කළමැටිය ධීවර වරාය සඳහා මුල්ගල තැබීමේන් පසු ජනහමුවක දී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවුරක් දාගත්ත චන්ඩියෙක් ඉන්නවානම් පොලිස්පතිට දන්වන්න . අපට කියල වැඩක් නැත . (දී)
ප්‍රභාකරන් හිටියා නම් පොළොවේ පස් කාල මැරෙනවා. 88/89 දී රාජ්‍ය අනුග්‍රහය යටතේ මහජන පක්ෂයේ මුලිකත්වයෙන් බිහි වුනු ප්‍රා සංවිධානයේ නිර්මාතෘ වරයෙක් තමයි මේ. එදා භීෂණයට භීෂණයෙන් උත්තර දෙන්න ගියා මිසක් ධර්ම දේශනා තියන්න ගියේ නැහැ. මොකද එතන ප්‍රශ්නේ සිංහල අයගෙනේ. නමුත් කොටිත් එක්ක මෙයා ප්‍රශ්න විසදන්න ගිය හැටි අපි 2002 දී දැක්කනේ හොදින්ම. ඇමති තුමා හිතනවා ඇති ඒ කාලේ මිනිස්සු දැන් නැහැ කියලා. (නදී)
ඇමති තුමා බලාගන යකඩවලට අකුණු වදිනවා (නදී)
චණ්ඩින්ට අපි නම් බය නැහැ (නි)
මාළුවා නහින්නෙත් කට නිසා බව තේරුම් ගත යුතුයි. ජාතික වීරයෙක් වෙන්න හදන්න එපා. (දී)
ඔබේ සිරුරේ යකඩ තියෙනවද (දී)
හේමන්ත මමත් ඔයාගේ අදහසට එකඟයි (දී)
ඔබතුමාලා ඒ දවස්වල යන එන ගමන් පයින් ගියාද? වෙඩි නොවදින කැබ් හතරවටින් සේනාව පිරිවරාගේනනේ අවේ ගියේ.ඉතින් කොහොමද ප්‍රභා විජේවීර ඔබතුමාව මරන්නේ.(දී)
දැන් එතකොට අර ප්‍රභාකරනුයි රෝහණ විජේවීරයි දෙන්නම මැරුනේ මෙයාට චන්ඩිකම් දාපු නිසාද? මට හරියටම මතක නැහැනේ. (නදී)
චන්දෙන් පස්සේ තේරේවි කවුද චන්ඩි කියලා . (දී)
සංහිඳියාව , සත්‍යය හා සාධාරණත්වය ගැන කතා කරන්න එපා ඇමති තුමා ඔබත් දේශද්‍රෝහී ලය්ස්තුවට වැටෙයි . ඇස් තිබිලත් අන්ධයකු මෙන් ද, කන් තිබිලත් බිහිරියෙකු මෙන්ද, කට තිබිලත් ගොළුවෙකු මෙන්ද මිනිස්කම හා හෘද ශාක්ෂිට විරුද්ධ කතා කරන්න එවිට ඔබට හැමෝම අචාර කරති. (දී)
රාජිත කවදත් ජාතිවාදයට විරුද්ධයි. 83 දී දෙමළ මිනිස්සුන්ට ගහල විසිහය අවුරුද්දක් සිංහල දෙමල මුස්ලිම් 100000ක් මැරුණා. මේ පාර මුස්ලිම් අයට ගහල තවත් යුද්ධයකට පොටක් පාදන්නයි ලක ලෑස්ති වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කලේ සාමය අවිහිංසාව. චන්දෙ බලාගෙන යුද්දේ අවුලවනවට වඩා කරන දේ වැරදියි කියල පැරදෙන එක නම්බුකාරයි. (ස)
" ෆස්රුල් ගෆූර් - කටාර් " ගේ කතාව මම 100% පිලි ගන්නවා (දී)
සමන්ගේ කතාව 200% ඇත්ත (දී)
ඇමතිතුමෝ...... ඔබතුමාට කිසිම කොටි තර්ජනයක් තිබුනේ නෑ. (දී)
බලනකොට චණ්ඩි වැඩිවෙලානේ (නි)
අපට මතකයි 1972 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ ඉගෙන ගන්න කාලෙ කොමිනිස්ට් පක්ෂයෙ ශිෂ්‍යයන්ට ගහන්න නුවරින් චන්ඩි ගෙනැල්ල එයාලා කොල්ලන්ට අහු වෙලා හොඳට ගුටි කෑවා. (දී)
ඒ කියන්නේ මේ කියන හාමුදුරුවෝ මැරෙනවා එකනේ මේ නොකියා කියන්නේ . (දී)
මට නම් ප්‍රශ්නය තියෙන්නේ මේ කාගෙන්වත් නෙමෙයි. බවලතුන් ටිකකගෙන්.. (නි)
කවුද අප්පේ ඒ චන්ඩියා (දී)
ඇත්තටම කව්ද මේ චන්ඩියා (දී)
එල්. ටි. ටි . ඊ . තර්ජන තිබුනා කියන්නේ මන් හිතන්නේ ප්‍රබාකරන් තලගොයි මරාගන කෑව කියනවනේ එ්ක වෙන්න ඇති. නැතිනම් ඉතින් හින්දු කට්ටිය ගවගාතනේ කරන්නෙත් නැහැනේ. (නදී)
රාජිතව එල් ටි ටි එක ඉලක්ක කලා කියල හිතන්නේ නැහැ. මෙයාට වෙන කාට හරි ගහපු එකක් වැදුනද දන්නේ නැහැ. (ස)
මෙන්න අද රටේ තත්වය (දී)
කව්ද මේ කළු ගලේ ඔලුව ගහගන්න හදන්නේ (දී)
මේ පිස්සු කතා නොකිය පුලුවන් නම් බස් ගාස්තු ,අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පහත හෙලන්න යෝජනාවක් ගේන්න කැබිනට් එකට. (දී)
මේ පිස්සු කතා නොකිය පුලුවන් නම් බස් ගාස්තු ,අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පහත හෙලන්න යෝජනාවක් ගේන්න කැබිනට් එකට. (ස)
යුද්දේ එපා කියල සාම පාගමන් ගියපු රජිතලට ඒවා අමතක වෙලා. ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගැහුව හාමුදුරුවෝ කෙනෙක් අපි නම් දන්නේ නෑ. (ස)
බෙහෙත් දෙන්න කාලේ ඇවිත් (නදී)
තමන්ට තමන් පමණි හැම දේ දන්න.....ඔලුවක් කියා ඇත්නම් මේ පිළිගන්න..අන් අය නැසී ඔබ විතරක් අද ඉන්න....ප්‍රතිපතියක් නැති එක බව පිළිගන්න...(ස)
චන්ඩියෙක් නම් නෙවෙයිලු , නම කියන්ඩ බයයිලු...... තේරෙන්නේ නෑ අප්පා මට මෙව්වා . . (දී)
සිවුරට බැනල ලංකාවේ චන්දෙ ගන්ඩ හිතන්ඩ එපා. අලුතෙන් රස්සාවක් හොයා ගත්තද. (දී)
පාර්ලිමේන්තුවේ දකින්නවත් නැනේ (දී)
ප්‍රභාකරන් ඔබව මරන්න හැදුවා !!!!!!!! (දී)
ලුන්බිනි හරියටම හරි මෙයාලා බබාලනේ (දී)
රාජිත මහත්තයා මොකාටද එන්න හදන්නේ (දී)
අපි නම් ඔය චණ්ඩින්ට බය නැහැ (නි)
සමාවෙන්න අපි මේ පාරනම් මෝඩ වැඩ කරන්නේ නැහැ (දී)
ලංකාවම හෙල්ලිලා යන විදිහේ ප්‍රකාශයක් කවුරු හෝ හිටි ගමන් කරනවා මට මේවා දැකලා ඇති වෙලා තියෙන්නේ (දී)
ඔබතුමා බේරුවල සංවිදායක නේ (දී)
යන්න යන්න පොලිසිට කියන්න (දී)
රාජිත මහතා ඉන්න ආරංචියක් තිබ්බේ නැහැ පහුගිය කාලේ (දී)
මට මාතර පාලම තියෙන තැන පෙන්නනවද (දී)
ප්‍රබාකරන් ඔහොම දෙයක් කරන්න හැදුවද , කොහේ අහන්නද මැරිලානේ හිටියනම් අහන්නත් තිබ්බා (දී)
රාජිත මහත්තයාගේ චන්ඩිය කවුද .... නමින් නොකිවුවට අපි දන්නවා (දී)
මහත්මයා මොකද්ද ඔබතුමාගේ නාටකයේ නම (දී)
රාජිත ඇමතිතුමා කියන්නේ දැනට අප රටේ දේශපාලන තලයේ ඉන්න වැදගත් මහත්මයෙක් ඒ ගැන අපි ඔබතුමාට තාමත් ගරුකරනවා .නමුත් අපේ මහත්තයෝ කටට ආපු පලියට අදහස් දක්වල ඔය තැන නැති කරගන්න එපා ඔයට වඩා බුද්ධිමත්ව අදහස් ප්‍රකාශකරන්න කියල ඉල්ලනවා මොකද ඔබ තුමා ඔය වගේ තව කාලයක් වැදගත් විදිහට දේශපාලනය කරනවා දකින්න අපි ආසයි .ඔබ තුමාලා නැති කලෙක ලංකාවේ දේශ පාලනයත් නැහැ (දී) .
ගපුර් ,ඔබගේ අදහස හරිම වටිනවා,.ලංකාවේ මිනිස්සු දන්නේ නැ කිසිකෙනෙකුට කතා කරන්න ඉඩ දෙන්න ,අනිත් මිනුසුන්ටත් කියන්න දෙයක් තියනව .මේක ආගමක් ජාතියකට තියන ප්‍රශ්නයක් නෙමේ .මුළු ශ්‍රිලාන්කික ,ජාතියේම වැඩිදෙනෙකුට තියන ලෙඩක් ,මෙකට තියන එකම බෙහෙත ,ලංකාවේ ආගම ජාතිය කියන දේ කතා කරන්න කාටවත් ඉඩ නොදිමයි .පනතකින් මේ ඔක්කොගේමේ කටවල් වහන්න ඕන,එහෙම නොවූනොත් මහා විනාසයක් වෙන්නේ (දී)
අනේ මන්දා දොස්තර මහත්තයා මොනවා කියවනවාද කියලා (දී)
අපි ඡන්දෙ දුන්නේ විරැකියාව, බඩු මිල, නිවාස ප්‍රශ්න, ඩෙංගු වැනි රෝග වැනි රටේ ප්‍රශ්න වලට උත්තර හොයන්න මිසක් එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරන්න නම් නොවේ. (නි)
ගෆූර් නියම කතාව ආ...... (දී)
චන්දයක්වත් ළඟ එනවද (දී)
ප්‍රභාකරන් නම් චන්ඩිය වෙන්න පුළුවන් නමුත් විජේවීර..........(දී)
කතාව ඇත්ත. නමුත් කළුතර කට්ටියකගේ චන්ද පදනම හදා ගන්න නම් කතාව වැරදි වෙනවා ආසනය අහිමි වෙනවා (දී)
විනාශ කරගත් ප්‍රතිරූපය හදා ගන්නට ගන්නාවූ ඇතැම් නිෂ්පල ක්‍රියාකාරකම් වලදී ලැබෙන්නේ ද අති විශාල වූ විනාශයන්මය. අවසානයේදී වන්දි ගෙවීමට සිදුවන්නේ රටේ අහිංසක ජනතාවට මය. (දී)
"මේ පිස්සු කතා නොකිය පුලුවන් නම් බස් ගාස්තු ,අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පහත හෙලන්න යෝජනාවක් ගේන්න කැබිනට් එකට" මෙන්න මේක කරන්නකෝ (දී)
ඇමති තුමා තියෙන චන්ද ටිකත් නැති කරගන්න එපා (දී)
ඇමති තුමා නොකිය කියන්නේ මොකද්ද , ප්‍රශ්නය දික් ගස්සන්නද හදන්නේ (දී)
නැති ප්‍රශ්න ඇති කරන්න එපා (දී)
විහිලු තර්කයක් තමයි අරගෙන තියෙන්නේ (දී)
ඇමතිතුමා අද ඔබ තුමා කොච්චර නිදහසකින් රටේ අැවිදිනවද? තාමත් යුද්දේ තිබුණා නම් ඔහොම ඉන්න පුලුවන්ද? ඔබ තුමන්ලා යුද්දේ එපා කියල පෙළපාලි ගියා අපිට මතකයි. මුල අමතක කරන්න එපා. (ස)
ඉස්කෝලේ කාලේ මතක් උනා මට (දී)
හිතුනේ නැද්ද කල කතාවේ බරපතලකම ඇමති තුමෝ (දී)
ඇමතිතුමා, අද ඔබතුමා කොච්චර නිදහසකින් රටේ අැවිදිනවද? තාමත් යුද්දේ තිබුණා නම් ඔහොම ඉන්න පුලුවන්ද? මුල අමතක කරන්න එපා. (නි)
ප්‍රභාකරන් හිටියා නම් අද එයාට මොනවා හිතෙයිද? (නි)
ඔය ඇමති තුමා කියන එක සම්පූර්ණම ඇත්ත (දී)
ඒ කියන්නේ ලොකුම චණ්ඩියා කවුද? (නි)
නියම කතාව (නි)
චන්ඩි නම් ඔය කොහෙත් ඉන්නේ (දී)
අන්න නියම කතාව ඇමතිතුමා... (නි)
මොන ඇමති උනත් මහා සංඝරත්නයට ගරු කරන්න ඉගෙන ගත්තොත් හොඳ නැද්ද? (දී)
මෙහෙම කතාකරන්න ඔබතුමාට බය නැද්ද? (නි)
ඔන්න ඔහොම කෙළින් කතාකරන්න. (නි)
චණ්ඩිකම් වලින් සියල්ල දිනන්න බැහැ (නි)
ඔබතුමා ඔය කියන හාමුදුරුවෝ වටේ ලක්ෂ ගාණක් මිනිසුන් ඉන්නවා. මම නම් හිතන විදියට මෙවැනි කතා ඔබතුමා වැනි උගත් මිනිසුන්ට ගැළපෙන්නේ නැහැ. (නි)
සනුකිගේ අදහසත් සමග 100% එකගයි. අපිට වැඩක් ඇති දේ ගෙන කතාකරන්නනේ ජන්දේ දීල පත්කළේ.(දී)
මේ කතාවේ සරල තේරුම අවි ගත්තෝ අවියෙන් නසිති කියන එකයි. රාජිතල සාමය වෙනුවෙන් කතා කරේ ඊලම දෙන්ඩ නෙමෙයි. අඩුම ගානේ බුද්ධාගම දන්නේ නැත්නම් මහත්ම ගාන්ධි ගැනවත් කියවිය යුතුයි, මේ උන්නාන්සේලා. (දී)
ඔය කව්රුත් පරෙස්සම් වෙන්න ඊළඟ චන්දෙදි ....ඔයගොල්ලන්ට හොඳට සලකන්නම් ....(දී)
මාළු හිගයි මාළු ගණන් කියල සමහරු කෑ ගැහුවට අද මේ ලාබෙට පරව් ඉන්නේ ඕන තරම්.(දී)
කාට කියන්න ද මේවා (දී)
අර කියුව වගේ පොලිසිට කියන්න මහජනතාව මොනවා කරන්නද (දී)
මොනවද මන්දා මේ කතා? (නි)
ඇස් තිබිලත් අන්ධයකු මෙන් ද, කන් තිබිලත් බිහිරියෙකු මෙන්ද, කට තිබිලත් ගොළුවෙකු මෙන්ද මිනිස්කම හා හෘද සාක්ෂියට විරුද්ධ කතා කරන්න කියල තියෙන්න මොන පොතේද ? (ස)
දිෂ්, යුද්දේ ඕනෑ කියල කියන්න පුළුවන් කාටද? යුද්දේ එපා කියල සාම පාගමන් යෑම අශිලාචාර වැඩක් ද? ජනාධිපති තුමන්වත් යුද්ධය ඕනකියල කිවුවේ නෑ. ප්‍රභාකරන් එතුමන්ව යුද්ධයට කැඳවා ගත්තා. ප්‍රභාකරන් පැරදුනා. සාමය විනා නැවත කවදාවත් යුද්ධ නම් එපා. (ස)
ඇමැතිතුමා, ඔය ඇඟේ ඔයතරම් යකඩ තියාගෙන කොහොමද ඉන්නේ? (නි)
ඔබයි අපේ වීරයා... (නි)
කෙටියෙන් කිව්වොත් ඔබතුමා චණ්ඩින්ට බය නැහැ... එහෙම නේද? (නි)
දැන් පත්තරවලට කෑ ගහනවා අප ස්වාමින් වහන්සේලාට පින් සිද්ද වෙන්න රටක් ඉතුරුවෙලා තිබුන නිසා. (දී)
ඔච්චර වැඩ කාරයෙක් නම් තලපත් මාළු වල මාෆියාව නැති කරලා සාධාරණ මිලකට විකුනන්න ලැස්ති කරන්නකෝ. (දී)
ගෆූර්, ඔයා නියම කතාවක් කියලානේ (නි)
ඇමතිතුමා චණ්ඩින්ට බය නැහැ වගෙයි නේද? (නි)
යුද්දේ එපා කියල සාම පාගමන් ගියපු රජිත මහතා සහ විජිත හිමි. තවත් අය ඉන්නවා.
මටත් හිතෙන්නේ මෙතන පුද්ගලික කෝන්තරයක් තියෙනව (දී)
මොනවා වුණත් නිර්භීත පුද්ගලයෙක් (නි)
දැනට අවුරුදු 58 කට පෙර සිංහල බෞද්ධයා තමන්ට හිමි තැන ලබාගත්තේ බොහොම අමාරුවෙන්. දැන් ඉන්න බහුතරය ඒ ගැන දන්නේ නැහැ. (නි)
නිරෝෂ්, ඔයා මේ ඇමතිතුමාගේ යටතේ වැඩ කර තිබෙනවාද? (නි)
මමත් අහල තියෙනවා ප්‍රභාකරන්ගේ ලයිස්තුවේ අංක එකට තිබිල තියෙන්නේ, මෙතුමාව නැති කිරීම, අංක දෙක තමයි ඊලාම් දිනීම කියලා. ඒ කතාව බොරුවක් කියලයි මම හිතාගන හිටියේ. (දී)
හරිම චන්ඩියෙක් නේ (දී)
ඇමතිතුමා, මොකද මේ වෙන්නේ? හැමෝම ඕනෑ වෙනවා නේද? (නි)
ගාමිනි දිසානයක මහතාට එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් රාජිත තුවාල ලැබුවා .(දී)
නියමයි ඇමතිතුමා, නියමයි (නි)
ඔබට ජය වේවා! (නි)
දැන් ඉන්න බහුතරය ඉතින් චණ්ඩිනේ... (නි)
ඔබතුමා නම් නියම වීරයෙක් (නි)
මොනවා වුණත් වෛරයෙන් වෛරය නම් සන්සිඳෙන්නෙ නැහැ (නි)
පාර්ලිමේන්තුවේ හිටියා ඇති වගේ කියල හිතුනද? (නදී)
දේශපාලකයින්ගේ අත කිසිදු වරදක් නැත මට කේන්තිය තියෙන්නේ චන්ද දායකයින් එක්ක (දී)
ඇමති තුමා කට වරද්දා ගන්න එපා (දී)
මහත්තයෝ නිකන් කට වැරැද්ද ගන්න එපා (දී)
වටින් ගොඩින් ඇමති තුමා මොකාක් හෝ කියන්න හදනවා (දී)
ඔබතුමා චන්ඩියානම් ඒ කවුද කියලා නම කියන්න (දී)
ඒ පාර මොකද්ද ඒ එකපාරටම වෙච්ච දේ ජාතික ප්‍රශ්නයක්ද පුද්ගලික ප්‍රශ්නයක්ද, පුද්ගලික ප්‍රශ්නයක් නම් ඔබතුමාම විසදා ගන්න රටට දෙන්න එපා (දී)
"දැන් සිවුරක් දා ගත්ත චණ්ඩියෙක් එනවා, මට චණ්ඩිකම් කරන්න." ඔච්චර කියපු එකේ නමත් කියල දාමු මහත්තයෝ (දී)
සමන් මටත් එහෙම්ම හිතුනා (දී)
රාජිත බය ගුල්ලෙක් නෙවෙයි නිසයි එහෙම කියන්නේ. 87 -90 කාලේ කව්රුත් හැංගිලා හිටිද්දී ජවිපෙ මරපු අයගේ අවමගුල් වලට ගිහින් කතාවක් පවත්තන්න කොයි චන්ඩියෙක්වත් ආවේ නැහැ. රාජිත තමයි ජවිපෙට පහර දෙමින් කතා කරේ. (නදී)
රජිත සේනාරත්න මහතාගේ පස්සෙන් අංගුලිමාල එනවා දැකලා වගේ. මොනවා උනත් කොන්දක් ඇති ඇමති කෙනෙක්.(නදී)
රාජිත මහත්තය අනිත් පැත්තට යන්න හදනවා වගේ (නදී)
කාගේ කාගේත් පැටිකිරිය බලමු ඉදිරියේදී. (නදී)
මට නම් පෙනෙන්නේ චන්ඩි කවුද කියා ඇමති තුමාට තේරුමක් නැතිව වගෙයි.(නදී)
සමන් හරි. මෙයාට දැන් පාර්ලිමේන්තු ගියා ඇති කියලා හිතෙන්න ඇති. කටවල් පරෙස්සම් කරගන්න වත් දන්නේ නැහැ (දී)
චණ්ඩිකම් හැමදේටම හරියන්නේ නැහැ (නි)
කට පරිස්සම් කරගෙන හිටියොත් හොඳයි නේද? (නදී)
මහත්තයෝ ඔබතුමාට මොකද්ද ඕන වෙලා තියෙන්නේ නිවිච්ච ගිනි පත්තු කරන්නද (දී)
මහා සංඝරත්නයට ගරු කරන්න ඉගෙන ගත්තොත් හොඳ නැද්ද? (නදී)
ඡන්ද කාලෙට එන්නකෝ.... (නි)
දැන්වත් බුද්දියෙන් වැඩ කරමු, (දී)
ශ්‍රී ලාංකිකයෝ විදියට අපි ජීවත් වුනානම් ????????? (දී)
විජේවීර චන්ඩියෙක් උනේ කොහොමද (දී)
විජේවීර චන්ඩියෙක් උනේ කොහොමද ? (නදී)
තව ටික කාලයකින් ධීවර චන්ඩින්ගෙන් බේරෙන්ඩ බලාගන්ඩ. (නදී) .
මාළුවා නහින්නෙත් කට නිසාලු. (දී)
නාලාගිරි ඇතාව රා පොවලා බුදුන් ඉදිරියට එව්වේ දේවදත්ත. ඔය කියන චන්ඩියව ඇමතිතුමා ඉදිරියට එවන්නේ කවුරුන්ද කියල හොයල බැලුවොත් නරකද? (නදී)
"චණ්ඩි" මියගියාට පසු අභියෝග කරන එක නම් මම අනුමත කරන්නේ නැහැ (නි)
ඇමති තුමාගේ ප්‍රකාශය පැටලුම් සහිතයි (දී)
ප්‍රභාකරන් ට මෙයා මරන්න ඕනේ වුනේ මොකටද අනේ? (දී)
එහෙනම් ඇමතිතුමෝ පානදුර වාදය කලෙත් ඉංග්‍රීසි කොඩිය බිම දැමීම කලෙත් චන්ඩිද? (දී)
යු.එන්.පී එකේ ඉන්න කාලේ දෙන්න හම්බන්තොට නගරාධිපති. ඔබ තුමාව පාතාල කොන්ත්‍රාත් මිනි මරුවන්ගෙන් බේර ගත්ත කියලා තැන් තැන් වල කියනවා මට ආරංචි වෙලා තියෙනවා (නදී)
ගරුතර මහාසංඝරත්නයට අපහස නොකරනු. (දී)
ඔය දෙන්නාගෙන් කවුද ඔබව මරන්න සැලසුම් කලේ (දී)
චන්ද දායකයන්ගේ වැරදි තමයි මේ (දී)
විජේවීර කියන්නේ දනපතින්ගෙන් නිර්ධනයා බේරා ගන්න සටන් කල නායකයා.ඔහු ඔබව මරන්න හැදුවද (දී)
රාජිත මහත්තයා හරි (දී)
ජේ වී පි කලබල කාලේ මෙතුමා පුදුම ආරක්ෂාවක් යටතෙනේ හිටියේ. එහෙම තමයි බුද්දිමත් අය. කොහොම හරි හැම කරදරයෙකින්ම පන බේරාගන්නවා. අනිත් අය වීරයෝ වෙන්න කියල බය නැතුව ජනතාව අතරට යන්න ගියානේ. ඉතින් අමාරුවේ වැටුනා. (නදී)
චන්ඩි........ කවුද ඔය කියන චන්ඩියා (දී)
රැස්වීම් වල ගිරිය කඩාගෙන කෑගැහුවට වැඩක් නැහැ තර්ජනයක් තිබේ නම් පොලිසියට කියන්න (දී)
ගරු ජන්ද දායකයිනි කරුණාකර හිතන්න දැන්වත් (දී)
පින්වත්තේ චන්ඩි තියන් ඉන්නේ කව්ද කියා හැමෝම දන්නවා.(නදී)
දුස්සීලයන් ඉවත් කිරීමට නීති හදිය යුතුය(දී)