අද පෙරවරු හයෙන් අවසන් වූ පැය 72 කදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අයත් ඡන්ද කාර්යාල 21 කට පහරදී ඇතැයිද එජාපය වැඩි ප්‍රචණ්ඩත්වකට මුහුණ දී ඇත්තේ බිබිලේදී යැයිද කැෆේ සංවිධාන කියයි.
ජවිපෙයේ මොරණාගල හුලංදාව කුඹුක්කන සහ මොණරාගල ඩිපෝව පාර කාර්යාලවලට වෙඩි තැබීම් ද, ගිනි තැබීම් ද මොණරාගල, මඩුල්ල, බිබිල, තණමල්විල, සෙවනගල, බුත්තල, කතරගම, බඩල්කුඹුර ප්‍රදේශවල දී ජවිපෙට එරෙහි ප්‍රචණ්ඩක්‍රියා ද වාර්තා විය.
බඩල්කුඹුරේ ගැටුමකින් පොලීසියේ දෙනෛක් ද තුවාල ලදහ වෙඩි තැබීම් කිහිපයක් ද වාර්තා වී ඇත. ප්‍රතිවාදීන් බිය ගැන්වීම සඳහා වෙඩි තබා ඇතැයි කියති.
අගෝස්තු. 24 දින පැය 6 කට ආසන්න කාලයක් මැර කණ්ඩායම් බිබිල ප්‍රදේශයේ විපක්ෂයේ සියලු ප්‍රධාන පක්ෂවලට ප්‍රහාර එල්ල වූ නමුත් මේ දක්වා ප්‍රහාර එල්ල කළ පිරිස් අත්අඩංගුවට ගෙන නොමැත. එමෙන්ම ඊයේ දිනයේ බඩල්කුඹුර දී පළමු ගැටුමෙන් පැය දෙකකට පමණ පසුව වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වූ නමුත් පොලීසිය අවම වශයෙන් මාර්ග බාධක හෝ පිහිටුවා නැත. මොණරාගල දිස්ත්‍රික්කයේ ආයුධ සන්නද්ධව සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට පියවර ගත යුතු බවත් ආරක්ෂාව දැඩි කළ යුතු බවත් කැෆේ සංවිධානය දැඩිව අවධාරණය කරයි.
ඡායාරූප කේ ඩී දේවප්‍රිය
ඡායාරූප කැෆේ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වයඹ චන්දයට වඩා දරුණු වෙනවා (දී)
මොකටද කලින්ම කඩුවේ (දී)
චන්දෙන් පස්සෙනේ කරන්න තිබ්බේ (දී)
මේකද නිතිය (දී)
පරාජයේ ඉවට වියරු වැටිලා. (අ)
මේවා කරන අය අල්ලලා ජන්දෙ ඉවර වෙනකල් ඇප දෙන්නෙ නැතුව ඇතුලෙ තියාගන්න පුළුවන්නම් තමයි හරි. ඒත් මේ වැඩ වලින් මේ පක්‍ෂ වලටත් ප්‍රචාරයකුත් ලැබෙනවා. ආණ්ඩු පක්‍ෂයට හානියක් වෙනවා මිසක් වාසියක් නැහැ නේද? (නදී)
අපේ බාප්පා ගමේ ආරච්චි වෙලා හිටපු දවස්වල මමත් හරි චන්ඩියා (නදී)
මැතිවරණ කොමසාරිස් තුමා අස්වෙලා වත්ද? මෙහෙම ඡන්ද තියන්න ඉඩදීලා තියෙන්නේ ඇයි? (නදී)
කෝ මේ අපේ රටේ පොලිසිය , නීතිය (නදී)
මේවා හරිම පහත් වැඩ පරාජය දැකල කරන දේවල් උෟවේ ජනතාව මේවා අනුමත කරනවද නැද්ද එයට පිළිතුරු දීම ඔබලට අවස්තාව. (නදී)
71,88-89 වගේ තමයි වෙනසක් නැහැ. ගණන් ගන්න තරම් දෙයක් නෙමෙයි. ඔහොම යන්. (නදී)
මේ පහරදීම් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක ලක්ෂණ නොවේ. බිය වැද්දීමෙන් ජනතාව රැවටිය නොහැකි බව කව්රු කව්රුත් සිතුවොත් හොඳා (නදී)
අයියෝ සල්ලි (දී)
අයියෝ සල්ලි (දී)
මේවා ගණන් ගන්න එපා මොනවා උනත් අපි යුද්දේ දිනුවනේ (අ)
ඔහොම යමු. (නි)
මොනවද මේ කරන වැඩ? (නි)
ආශ්චර්යය බේරෙනවා (නි)
මේ වගේ වැඩ කරන අය ජනතාව විසින් පිළිගන්න තාක්කල් මේ වැඩ සිදුවෙනවා (නි)
මේ තමා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය (අ)
මේවා ඉතින් අද ඊයේ ඉඳලා එන සාම්ප්‍රදායික දේවල් නෙමෙයිනේ. මම හිතන්නේ ගොඩක් දුරට රටේ මිනිස් දේපල විනාශ වෙන්නේ කරන්නේ ඡන්ද කාලවලට කියලයි. (නි)